චිත්‍රා/1 වෙනි දර්ශනය

From Wikisource
Jump to navigation Jump to search
චිත්‍රා
1 වෙනි දර්ශනය


චිත්රා  :-

අනංගයා ! - අර මල්සර පහකින් විදින ප්රෙෝමයේ දිව්යයරාජයා ඔබ වහන්සේ ද?


මදන:-

ඔව්, මා තමයි අර බ්රාමහ්මයාගේ සිතේ පළමුවෙන්ම උපන් තැනැත්තා - වේදනාවේ බැමි මෙන්ම ගැහැණුන් ගේ සහ පිරිමින්ගේ ජිවිතයේ ප්රිනතිදායක බැමි බඳින්නේ මා තමයි.


විත්රා :- මා දන්නවා, හොඳටම දන්නවා. ඒ වේදනාව මොකක් ද කියා - ඒ බැමි මොනාවාද කියා - එතකොට ඔබ වහන්සේ කවුද ස්වාමිනි.


වසන්ත:- මා මොහුගේ මිත්රමයා - මගේ නම වසන්ත - කාලයට අධිපති දෙවියා - මරණයත්, වෙනස්විමත් ලොකය විනාශ කරනවා - නමුත් මා ඔවුන් පසු පස්සේ එළවා බැට දෙනවා. මා තමයි සදාකාලික තරුණයා.


විත්රා:- වසන්ත දිව්යුරාජයාණෙනි, ඔබට මගේ නමස්කාරය හිමිවේවා!


මදන:- මේ බලපන් දරුව, මොකද මේ නුඹේ හැටි. මොකක්ද නුඹ වේච්ච මේ උග්රො බාරය - මේ තරම් දුක් කරදර විඳින්නට - තරුණකම නිකම් නාස්ති වෙනවානේ - මෙවැනි දෙයක් පෙම් පිදිල්ලකට නම් කොහොමවත් හොඳ නෑ. නුඹ කවුද? නුඹට මොනවාදැ ඕනෑ ?


චිත්රා:- මා තමයි, මනිපුරි රජ්ජුරුවන්ගේ දූ - චිත්රාව - මගේ මුත්තට සිව දෙවියො වරයක් දුන්න අපෙ පරපුර නොකඩවාම ගෙනය්න පිරිමි දෙනවා කියා - නමුත් ගැහැණියක වෙලත් මගේ බලය නිසා දෙවියන්ගේ වචනයත් වෙනස් කරගෙන මා උපන්නා.


16


මදන:- හා, හා ඒක තමයි, නුඹේ පියා නුඹ පිරිමියකු හැටියට හදලා තියෙන්නේ - රජකම් කරන හැටිත් දුන්නෙත් විදන හැටිත් උගන්නලා තියෙන්නේ.


චිත්රා  :- ඔව් ස්වාමිනි, ඒක තමයි මා පිරිමි ඇඳුම් ඇඳගෙන පිරිමි වගේ එළි මහනෙ ඉන්නෙ. මිනිසුන් අල්ලන ගෑණු මායම් මට පුරුදු නෑ - දුන්න අදින්න තරම් මගේ අත හයියයි. නමුත් ඇහෙන් කරන අර, අනංගයාගෙ සෙල්ලම් එහෙම ඉගෙන ගෙන නෑ.


මදන:-

	   කුමරිය, ඒවා අමුතුවෙන් උගන්වන්න ඕනෑ නැන - ඇස්වල වැඩේ ඉබේම කරනවා - හදේ ඇ‍ඳෙන එක්කෙනා කවුද කියා ඇස් හොඳට අඳුනනවා.

චිත්රා:- එක දවසක් මා සතුන් සොයා ගෙන පූර්ණන ගඟ අද්දරින් කැලැවට ගියා. මගේ අශ්වයා ගහක බැඳලා මා ඝන වනාන්තරේ මුවකු එළවාගෙන යන කොට පඳුරු අතු පතර මැදින් වැටී තිබුණ අඩිපාරක් මට හමුවුනා. පෙත්තන්ගේ හඬ කන් බිහිරි කරන්නට තරම් වුණා. එහෙත් ඒ පාර දිගේ යන කොට එක පාරටම මා දැක්කා වියළි කොළ ගොඩක් උඩ පාර හරහා නිදා සිටින මිනිහෙක් - මා ඔහුට අයින් වෙන්න කිවා - ඔහු එය ගණනකටවත් ගත්තේ නෑ. - ඉතින් මං, මගේ දුන්නේ හිත් පැත්තෙන් ඔහුට ඇන්නා - එතකොට දිග අත පය දිග අරිමින් අළුයට තිබුණ ගිණි පුපුරක් එළියට එන්නා වාගේ ඔහු නැගිට්ටා - ම‍ෙග් පිරිමි පෙනුම දැකලා වාගේ පොඩි හිනාවක් ඔහුගේ කට කොනේ තිබුණා. එතනදි තමයි, මගේ මුළු ජිවිතයටම මා ගැහැණියක වග සිතුනේ - ටම දැනුණා මා ඉන්නේ පිරිමියකු ඉදිරියේ කියා -


17


මදන :- ගැහැණු පිරිමි කාටත් ඉගෙන ගන්න තිබෙන මෙම උසස්ම පාඩම ඒ නියම සුබ ‍මොහොතේ දි මා උගන්වනවා - ඉතින්, ඊට පස්සේ මොකද වුනේ ?


චිත්රා :- මා පුදුමයෙනුත්, භයෙනුත් ඔහු කවුරුද කියා ඇසුවා - උතුම් කුරු කුලයේ අරුජුණ මමයි” කියා ඔහුන කිව්වා. මං ගල්පිළිමයක් වාගේ සිටිය මිසක් ඔහුට ගෞරව දක්වන්නටවත් මතක නැති වුණා. හැබැටම මගේ හින ලොකයේ රජ කළ අර්ජුණ මොහුද ? ඔව්! ම අහලා තියෙනවා ඔහු අවුරුදු දොළහක් හුදකලා ජිවිතයක් ගත කිරිමේ බාරයක් වු බැව් - වෙස් වලාගෙන ගොස් ඔහු සමඟ තයමනි සටන් කරන්නට - මගේ අතට අවි ආයුධ හුරු පුරුදුබව ඔහු ඉදිරියේ පෙන්විමට - මගේ හෙල්ල ඔහුත් සමඟ බිඳ හෙළන්නට මගේ තරුණකමක්, දක්ෂතාවයත් මට බල නොකළ දවසක් නෑ - අයියෝ, කොයි තරම් මෝඩ කල්පනාවක්ද?මගේ සිතුවිලි කො‍හේද මේ දුවන්නේ ? මගේ මුළු තරුණකමම, සෑම බලාපොරොත්තු සමඟ ඔහුගේ පය යට ඇති පස් පිඩැල්ල තරම් වටි ද? එසේ නම් අ‍හෝ. එය කොතරම් භාග්ය ක්ද ? ඔහු ගස් අතරින් නොපෙනි යනවිට මා දන්නේ නෑ මා මොන සිතුවිලි දාමයෙන් වැසි ගියාද කියා. මෝඩ ස්ත්රීනය, - තී ඔහු යන තෙක්ම වචනයක්වත් කතා නොකර කිසිම ආචාරයක් නොකර .............ඔහු සමා කර නොගෙන - අශිලාචාර එකියක් වගේ සිටියා..........ඊට පසුවදා උදේ මා මගේ පිරිමි ඇඳුම් අත් හැරියා. රතු සේද ඇඳුමකින් සහ මාල වළලු හා සළඹ ආදියෙන් සැරසුණා...........මේ මට පුරුදු නැති ඇඳුම මටම ලැජ්ජා කරන්නාක් මෙන් එල්ලි තිබුණා. නමුත් මගේ සිත තුළ උපන් පිපාසය නිසා ඉක්මන් කර ගොස් කැලේ සිව දොවොල් දී අර්ජුණ සොයා ගත්තා.


18


මදන:- කතාව ඉවර වෙන තෙක්ම මට කියන්න දරුවා, හිතේ උපන් දෙවියා මා තමයි. හැම හැඟුමක රහස මට වැටහෙනවා.


චිත්රා:- මා කළ කි දෙය මට මතක ඇත්තේ යන්තමින් පමණයි. හැම දෙයක්ම කියන්න මට බෑ හෙන පහරක් ලැබුවා ව‍ාගේ මා ලැජ්ජාවේන මිරිකුණා. නමුත් මගේ පිරිමි ගතිය නිසා කෑලිවලට ක‍ැඩෙන්නට තරම් දුර්වල වුනේ නැහැ - මා ආපසු එන්න හැරෙන විට ඔහු කි අන්තිම වචන ටික මට මතකයි - “මා හුදකලා ජිවිතයක් ගත කරන්නට බාරයක් වුනා. එමනිසා මා නුඹේ ස්වාමියා විමට සුදුසු නැහැ” - මේක මගේ කනට ගැසු ගිනියම් කළ ඉඳිකටු වගේ දැනුණා. හුම්! මොකක්ද මිනිහකුගෙ බාරය - ආලයේ දෙවියන් නිසා ඔබ වහන්සේ දන්වා ඇති නේ - අනන්ත ශුඬ වන්තයෝ මුළු ජිවිත කාලය තුළම දුක් ගැහැට විඳ කර ගත් පිං පෙත් ගැහැණියක‍ගෙ දෙපනා මුල පුදා ඇති බව.........මා මගේ දුන්න දෙකට කැඩුවා - ඊතල අලු කළා - දුනු ආදිය ඇද ශක්තමත්වු මගේ අත් මටම ඉවසුවේ නැ. අහෝ ආලය. ආලයේ දෙවියනි, මගේ පිරිමි පෙනුමෙන් මා ලබා ගත් ආඩම්බරයත් මා ලැබු පිරිමි පුහුණුවත් ඔබ පය යටට කර පොඩි පට්ටම් කළ හැටි - දැන් මට කියන්න, කරන දේ - මට දෙන්න දුර්වලයා තුළ ඇති ශක්තිය - ආවුධයක් නැති අතේ ආවුධය.


මදන:- මං නුඹේ යාළුවා වෙන්නම්, අර ලොකය දිනූ අර්ජූණ වහළකු‍ ලෙස නුම ඉදිරියට ගෙනත් ඔහු කල පෙරළියට දඬුවම් නුඹෙන්ම ලබා දෙන්නම්.


19


චිත්රා:- මට උවමනා කරන තරම් කාලය තිබුණා නම් ටිකෙන් ටික ඔහුගේ ආලය දිනාගන්න තිබුණා. එහෙම වුනා නම් මා දෙවි පිහිට ඉල්ලන්නේ නෑ මා ඔහුගේ සහකාරයකු හැටියට නිතරම ඔහු පසෙකින් ඉන්නවා - ඔහුත් සමඟ යුඬ රථය එළවනවා - දඬයමේ ප්රිරතිය විඳිනවා - ඔහුගේ කුඩාරමේ රැ කාවල් මා බර ගන්නවා - ඒ විතරක් ? දුර්වලයන් බේරාගෙන, යුක්තිය පතුරුවා සැත් කුලේ සිරිත් විරිත් රකින්න ඔහුට උදව් වෙනවා. එත‍කොට මේ ළමයා කවුද ? මගේ පිනෙන් ගිය ජාතියේ මගේ සේවකය‍කු මා පස්ොසෙන් ඇවිත්දැයි අහන්නට යම් දවසක් නේවිද ? සත්තකින් ම - උපන්දා සිට කණවැන්දුම් වුණ, ගැහැණියෙක ගේ හිතේ කනස්සල්ල වවාගෙන ඒක එළියට නොපෙන්නා සතුටු මුහුණින් ඉන්න පුළුවන් කෙනෙක් නොවෙයි මං - මට සිතූ දේ කරන තෙක් මට ඉවසුම් නෑ - ඒ ඒසේම යම් කෙනෙකුගේ නියම තත්වය ලෝකයාට‍ පෙන්විමට මුළු ජිවිතයම ගතවෙන බව මා දන්නවා. එමනිසා අනංග දිව්යයරාජයාණෙනි, ඔබ පිහිට ‍ෙසායා මා ආවා - කාලයාගේ අධිපති වසන්ත ස්වාමිනි. මගේ මේ පිරිමි පෙනුම කෙනෙකු කරන්න - ඕවා මා තුළ එකම එක දවසකට මා ලස්සන කරන්න. අනාගතය ගැන මං වග බලා ගන්නම්.


මදන :- කුමරිය, මං ඒ වරය දෙන්නම්.


වසන්ත:- එක දවසක තර්ම සුළු කාලයකට පමණක් නොවේ. කුමරිය. මුළු අවුරුද්දක්ම නුඹේ අවයව වසන්තයේ මල් මෙන් ලස්සන කරන්නම්.


20