චිත්‍රා/2 වෙනි දර්ශනය

From Wikisource
Jump to navigation Jump to search
චිත්‍රා
2 වෙනි දර්ශනය

2 වෙනි දර්ශනය[edit]

අර්ජුණ :- මා හිනයක් දැක්කද ? නැත්නම් විල ළඟදි මා දුටුවේ ඇත්තක්ම ද? එදා දවස ගෙවිගෙන යනවාසමගම අර සෙවල තණ කොට මත මගේ අතිතය සිහි කරමින් ඉන්න කොට අතු පතර නිසා වු අන්ධකාරය බිඳ ගෙන ලස්සන ස්ත්රීු රූපයක් ඇවිති ගං ඉවුරේ සුදු ගල් තලාව මත සිට ගත්තා මට මතකයි.


21


ඇගේ සුදෝ සුදුවන් හෙළු පා යුවළ ගෑවුණු මහිකාන්තාව කොපමණ ප්රීුති වන්නට ඇත්ද? නැගෙනහිර කඳු ගැට වසාගෙන සිටින හිම පටලයන් හිමිදිරියේ නැතිවි යන්නාක් මෙන් ඇගේ ශරිරය වසා තිබුණ දුහුල් වස්ත්රි දැන් දැන් දිය වි යේවායි කියා මට හිතුණා. එතකොටම ඈ දෙකට නැවි කැඩපතක් බඳුවු ජලයෙන් ඇගේ මුහුණ බැලුවා - ඈ ගල් ගැසි සිට සිනාසුනා - ඇගේ වමත උස් කොට ඕනෑමට එපාවට මෙන් බැඳ සිටි කොණ්ඩය කඩා දැම්මා. එය දෙපාදය ළඟ බිම තෙක් දික් වුණා. රූ සපුව වසා සිටි වස්ත්රය අහක් කළා - වාත්තු කොට තැනු එ වැනි දෙඅත් දෙස ඒනෑකමින් බැලුවා. නැවත නැඹුරුවි ඇගේ ළපටි දෙහය දෙස බැලුවා. මවිත කරනවන සුළු ප්රීේතියකින් ඈ පිරි ඉතිරි ගියා - අහෝ ! අර සුදු නෙලුම් පොට්ටුවට හිමිදිරි පාන්දර ඇස අරිනවාත් සමඟ දිග බෙල්ල දික්කර පහතට හැරි බලන්නට හැකි වුවහොක් ඇගේ සේයාව දැක මුළු ජිවිතයම පුදුමවිය හැකි නේද? එහෙත් කුමටද ‍මේ සියල්ල මොහොතකින් ඇගේ මුහුනෙහි වු සිනාව මැකී ගොස් කනස්සල්ලේ අන්ධකාර සේයාව දෙනෙත තුළට රිංගුවා. කඩා හෙලු කොණ්ඩය හනික බැඳ ගත්තා. අහක් කළ වස්ත්රල හකුළා ගත්තා - මනහර සැන්දැවක් ටිකෙන් ටික රාත්රිලයට එක්වන්නාක් මෙන් තැවි තැවි යන්නට වුණා - මගේ උසස්ම ආශාව මොහොතකට සංසිඳි එම මොහොතේම නැතිවුණා වගෙයි මට දැනුනේ - ..........දැන් කවුද මේ දොර අරින්න හදන්මනේ ? [ස්ත්රිරයක මෙන් සැරසුණු චිත්රා. ඇතුල් වෙයි.] ආ....... මේ ඇ තමයි. ඉවසන්න හදවත ඉවසන්න. කුමරිය, භය වෙන්න එපා මා ශාක්යන වංසෙ කෙනෙක්.

චිත්රා:- පින්වත් උතුමාණෙනි, ඔබ මට අමුත්තෙක්. මා ඉන්නේ මේ දොවොලේ ඔබට සංග්රමහ කරන අයුරු මට තේරෙන්නේ නෑ


22


අර්ජුණ:- පින්වත් කුමරිය, ඔබේ දර්ශනය තරම් සත්කාරයක් තමත් කොයින්ද? මා වරදවා තේරුම් නොගන්නවා නම් මා ඔබගෙන් ප්ර්ශ්නයක් අහනවා.


චිත්රා‍:- අහන්න උතුමාණෙනි, අහන්න.


අර්ජුණ:- ඔපමණ ලස්සණ රුපයක් ලොකයාට සඟවාගෙන මෙවැනි හුදකලා තැනක ඉන්න තරම් ඔබ වූ බාරය කුමක් ද?


චිත්රා :- මට උවමනා දෙයක් ගැන මගේ හිත කකියනවා - එය ලබා දෙන ලෙස මා සිව දෙවියාට සැමදාම මෙහි පූජා පවත්වනවා.


අර්ජුණ:- පුදුමයක් නේ! මොකක්ද ඔබට ඇති උවමනාව. මුළු ලොකයාටම උවමනාව වන ඔබට ඇති උවමනාව මොකක්ද ? මා නැවිද්ද රටක් නෑ. මා නොදුටු වටිනා ලස්සන ශ්රෙමෂ්ඨ දෙයක් නැහැ. එමනිසා මට කියන්න එ ඔබ සොයන දේ.


චිත්රා:- මා සොයා ඔහු ගැන කවුරුත් අහල තිබෙනවා.


23


අර්ජුණ:- ඔබගේ සිත් ගන්න ‍තරම් ව‍ාසනා ඇති ඒ දෙවියන් ගේ ගේ සුරතලා කවුරු වෙන්න ඇහැක්ද?

චිත්රා:- ඔහු තමයි උසස්ම රජ පරපුරෙන් පැවත එන ශ්රෙිෂ්ඨතම විරයා.

අර්ජුණ:- කුමරිය - පුහු කිර්තියකට ඔබේ ඔය ලස්සන පාවා දෙන්න එපා - කටින් කට පැතිර යන කීර්තිය හිරු දුටනු පිනි වා‍ගේ තුනි වෙලා යන බව අහලා නැද්ද? මට කියන්න, ඔය උසස්ම රාජකීය පවුලේ ශ්රොෂ්ඨතම විරයා කවුද කියා.

චිත්රා:- තාපසයෙකු වෙලත් මොකද අනුන්ගේ කිර්තිය ගැන ඔබ ඊර්ෂ්යාප කරන්නේ ? ලොකයේ රජ පරපුරවල් වලින් උසස්ම පරපුර කුරු රජපරපුර බව ඔබ දන්නේ නැද්ද? ‍ අර්ජුණ:- කුරු රජ පරපුර?

චිත්රා:- අහලා නැද්ද, ඒ පමපුරේ නමගිය ශ්රෙ ෂ්ඨතම වීරයා ගැන? ‍ අර්ජුණ:- ඔබම කියන්න. ඔබේ කටින්ම එය අසන්න මට ආසයි.



24


චිත්රා:- අර්ජුණ - ලොකය ජයගත්ත අර්ජුණ. එයා එසේ මෙසේ කෙනෙක් නොවෙයි - හැමෝම එයා ගැන කතා කරනවා - මාත් එයාගෙ නම ‍ෙහාරකම් කරලා සිතේ කොටා ගෙන හංගා ගෙන ඉන්නවා. ............ මොකද මේ තාපසයා කලබල වෙලා ? ඒ නම බොරුවට දිළිසෙන නමක්ද? එහෙම නම් කියන්න. එහෙනම් ඒ බොරු මැණික සඟවා ගෙන ඇති මේ මගේ සිත කඩා බිඳ දමා ඒක එළියට විසි කරන්න - කියන්න


අර්ජුණ:- ඔහුගේ නමත්, කිර්තියත්, විරත්මයත්, එඩියත් ඇත්ත වුවත්, බොරු උනත් කමක් නැ. එකක් කියන්නම, දෙවියන්නේ නාමයේන ඒ නම ඔබේ හදෙන් පිටමං කරන්න එප.......... මෙන්න ඔහු දැන් ඔබේ ළඟම.


චිත්රා:- මොනවනා, ඔබ අර්ජුණ?

අර්ජුණ:- ඕව්, ඔහු තමයි මා. ඔබේ ආදරය පතන්නා තමයි මේ ළඟම ඉන්නේ.

චිත්රා:-

	    එහෙනම් අර්ජුණ දොළොස් අවුරුදදක හුදකලා ජිවිතයක් ගත කරන්න බාරයක් වුනු බව ‍බොරු ?

අර්ජුණ :- එහෙත් අනධකාර රාත්රිබයක හුදකලාව සඳ කුමරිය බිඳින්නා වාගේ ඔබ මා ඒ බාරයෙන් මිදෙව්වා.


25


චිත්රා:- චී, නින්දිතයි, ඔබ ඔබටම බොරුකාරයුක විමට තරම් ඔබ මා තුළ දැක්කේ මොනවාද? ම‍ගේ මේ කළුවන් ඇස්වල - කිරිසුදු අත්වල ඔබ සොයන්නේ කවරක්ද? ඔබගේ තපස කැඩිමට තරම් ඔබ වෙහෙසෙන්නේ? නෑ නෑ වෙන්න බෑ. මගේ නියම හැටි මෙය නොවෙයි මා දන්නවා. නෑ නෑ මේ කවරදාවත් ප්රෙ මය වෙන්න බෑ - මේක පුරුෂයකුගේ පූජාවක් වෙන්න බෑ - අහෝ! මේ මගේ තුනු සපනුව වසා සිටින බොරු මුහුණට ඇයි අන්ධයකු වෙන්නේ ? දැන් නම් මා නිසැකවම දන්නවා - අර්ජුණ, ඔබේ කිර්තිය මායාවක් - බොරුවක්.


අර්ජුණ:- මටත් දැනෙනවා කිර්තිය මායාවක් බව. දක්ෂකම පුහු මානයක් බව. මේ සියල්ල සිනයක් වගෙයි මට දැනෙන්නේ. සම්පූර්ණ් දෙයක් තිබෙ නම් ඒ ඔබ පමණයි. ලොකයේ වටිනාකම - සැම දෙයකම දිනුම තමයි එකම එක ස්ත්රිනය - අනික් අයටත් එය ටිකෙන් ටිකි දැනේවි. මොහොතිකට ඔබ දැකීම ජිවිතයේ එකම එක වරකට සියල්ලගේම සම්පූර්ණජකම දැකිම වගෙයි.


චිත්රා:- අ‍හෝ අර්ජුණ ඒ මා නොවෙයි - නෑ නෑ - මේක. දෙවියන්ගේ රැවටිල්ලක්. යන්න මගේ විරයා යන්න. බොරු මායාවට ඉඩ දෙන්න එපා. මායාවකට ඔබව බැඳ ගන්න ඉඩ දෙන්න එපා - යන්න.


26