රාජාවලිය/ප්‍රස්තාවනාව

From Wikisource
Jump to navigation Jump to search
රාජාවලිය
ප්‍රස්තාවනාව

ලංකා ඉතිහාසය, සිංහල භාෂාවේ විකාශය යනාදි විෂයයන් පිළිබඳ කරුණු සෙවිමේ දී, රාජාවලිය අව‍ශයය යෙන් ම පරිශිලනය කටයුතු කෘතියක් වන්නේය. විජයගේ පටන් පෘතුගිසි යුගයේ අවසනය පමණ වන තෙක් ලංකා ඉතිහාසය සංක්ෂේපයෙන් දක්වා ඇති රාජාවලිය දිපවංස, මහාවංස ආදි අනෙක් ඉතිහාස වාර්තාවන්ට අමතර වශයෙන් හැදෑරිය යුතු වන්නේ එහි යටකි කෘතින්හි නොමැති අමතර කරුණු රාශියක් ඇතුළත් වන හෙයින්. මේ ආදි කරුණු නිසා කලක පටන් ම රාජාවලියෝ වැදගත්කම ගැන මගේ සිත් යොමුව තිබු නමුත් එම කෘතියෙහි විශ්වාස කටයුතු ශාස්තිය සංස්කරණයක් නොමැත් වූ හෙයින් විද්යාහර්ථින්ට මුහුණ පාන්නට වන දුෂ්කරතා ගැන මම අවබෝධ කරගෙන සිටියෙමි.

1889 දී බී. ගුණසේකර වාසල මුදලිතුමන් රාජාවලිය සංස්කරණය කිරිමේ දි “ ග්රා ම්යානර්ථවාදක ශබ්ද තුබු තැන්හි අර්ථයනට හානියක් නොකර වෙනස් කරන්නට පුළුවන් විට එය හැර දමා මෙකල්හි ව්යබවහාරයට යොග්යන ශබ්ද යෙදු බව” එම කෘතියේ විඥප්තයෙහි ම දක්වා ඇත, එසේ ම ගරු වතුවත්තේ පේමානන්ද ස්ථිවිරයන් වහන්සේ 1923 වැන්නේ දි සංස්කරණය කළ රාජාවලියෙහි භාෂාව පමණක් නොව. මහාවංසයට ගැලපෙන පරිදි ඓතිහාසික ප්රාවෘත්තිය ද වෙනස් කළ බව එහි සංඥාපනය සඳහන් කරයි. මේ සංස්කාරකයන් විසින් අනුගමනය කරන ලද ක්රනමය ශාස්ත්රිනය නොවේ.

පැරණ් ග්රුන්ථයක් සංස්කරණය කිරිමේදි ඒ සංස්කාරකයාගේ උත්සාහය විය යුත්තේ සම්පූර්ණයෙන් නැතහොත් හැකිතාක් දුරට මුල් ග්රංන්ථයට සමාන වන සේ පෙළ සකස් කිරියම. ඒ සඳහා සංස්කාරකයා හැකිතාක් දුරට අත් පිටපත්හි එන පාඨයන් ම උපයෝගි කර ගත යුතු වේ. වරින් වර පොත් පිටපත් කරන්නන් අතින් සිදුවන අත් වැරදි හැරුණ විට ඒ පිටපත්වනල ඇත්තේ ග්ර්න්ථ කර්තෘවරයාගේ මුල් පිටපතහි ලියා ඇති දෑ ම වන හෙයිනි. කාලාන්තරයක් තිස්සේ පොත් ලියන්නන් අතින් සිදු වි ඇති දෝෂයන් තෝරා බේරා ඉවත් කළ විට මුල් පිටපතට සමාන. නැතහොත් බොහෝ දුරට එයට ආසන්න කෘතියක් සකස් කර ගත හැකිය. තඹ තහඩුවක ලියා ඇති ලේඛනයක් සංස්කරණය කිරිමට වඩා වගකිමකින් යුක්තව කළ යුත්තකි. රාජාවලිය වැනි ග්රවන්ථයක් සංස්කරණය කිරිම අත් පිටපත් සුලබ රාජාවලිය වැන් පොතක සියලුම පිටපත් එක් රැස් කොට සංසන්දනය කළ ‍නොහැකි බැව්න සංස්කරණ කාය්ය්ට යෙහි දී උපයෝග් ‍කොට නොගත් පොතක ඇතැම් විට සුපාඨය තිබිම හැකිය. අත් පිටපත් වැඩි වු තරමට සංස්කාරකයාගේ කාය්ය්ට ය දුෂ්කර වන්නේය. අත් පිටපත් කොපමණ ඇතත් පාඨ සංසන්දනය සඳහා සුදුසු පිටපත් තෝරා ගැනිම ද පරික්ෂාවෙන් කළ යුත්තකි. ඒ පාඨාන්තරයන් අතුරින් සුදුසු පාඨය තෝරා ගැනිමට ඊට ද වඩා කල්පනාවකින් කළ යුතුය. රාජාවලි සංස්කරණයක් කරන්නෙකු තුළ ඒ කෘතිය සම්පාදනය වු කාලයෙහි පැවති භාෂා තත්වය ගැන දැනුම මෙන් ම ලංකා ඉතිහාසය පිළිබඳ තත්වාවබෝධය ද තිබිම අවශ්යතය.

ලංකාවේ ‍හා විදේශයන්හි පුස්තකාලයවල ආරක්ෂා වී තුබූ අත් පිටපත් තෙළෙසක් ද යට කී මුද්රිත පොත් දෙක ද ආශ්රාය කර ගෙන සම්පාදනය කර ඇති මේ රාජාවලි සංස්කරණයෙහි දි අත්තනෝමතික වෙනස කිරිම් හා ශුද්ධි යානදියට ඉඩ තබා නැත. සංස්තාරකයාගේ පරමාර්තථ වි ඇත්තේ මුල් කෘතියට හැකිතාක් සම්ප වන සේ පෙළ සකස් කිරිමය. ශුද්ධ පාඨය ලෙස තෝරාගෙන ඇති පෙළට අමතරව අධෝලිපි මාර්ගයෙන් දක්වා ඇති පාඨාන්තර තව දුර පර්යේෂණයන්හි යෙදෙන්නවුන්ට ප්රකයෝජනවත් වනු ඇත.

ග්රයන්ථ සංස්කරණය සම්බන්ධයෙන් සම්මත ශාස්ත්රි.ය ක්රේම අනුගමනය කරමින් සමපාදනය කරන ලද පෙළ හැරුණ විට රාජවලියෙහි අන්තරගත ඓතිහාසකි ප්රනවෘත්ති, භාෂවා ආදි කරුණු පිළබඳ කරන ලද පර්යේෂණයන්හි ප්රහතිඵල මෙහි සංඥපනයට ඇතුළත් වෙයි. රාජාවලිය හැරුණ විට, එයට මුලාශ්රපය වු පූජාවලිය, අලකේශ්වර යුද්ධය යන කෘති ද, පසුව රාජාවලිය ආශ්ර්යෙන් සම්පාදනය කරන ලද වන්නිරාජාවලාය වැනි ලේඛන ද ගැන නිරවුල් තොරතුරු රැසක් මෙම සංඥාපනයෙහි සාකච්ඡාවය භාජන වෙයි. ‘රාජාවලියේ මුලාශ්ර යන් හා අන්තර්ගත කරුණු’ යන මැයෙන් ලියා ඇති ‍කොටස මෙහි ලා විශේෂයෙන් සඳහන් කළ යුතුයි. රාජාවලියෙහි ඓතිහාසික අගය විමසිමේ දි දිපවංසය, මහාවංසය, වංසත්ථප්පකාසිනය ආදි පාලි ග්රංන්ථ සහ පූජාවලිය. රාජරත්නාකරය ආදි සිංහල පොත් පමණක් නොව කූතෝ, ක්වේරෝස් ආදි පෘතුගිසි ලේඛකයන්ගේ කෘතිවල පරිවර්තන ද ඇසුරෙන් ඒ ගුන්ථයන්හි දැක්වෙන කරුණු අළලා කර ඇති තුලනාත්මක විග්රඒහය ඉතිහාසය හදාරන්නවුන්හට බෙහෙවින් ප්රඇයෝජනවත් වේ.

සුරවිර මහතා රාජාවිලය පිළිබඳව හේතු සහිතව ඉදිරිපත් කර ඇති කරුණු මෙතෙක් කිසිවෙකු විසින් දක්වා නොමැති බවත්, ලංකා ‍ඉතිහිසය හා සිංහල සාහිත්යකය හදාරන්නවුන්ගේඅවධානය ඒ කොටස් කෙරෙහි විශේෂයෙන් යොමු විය යුතු බවත් සඳහන් කරනු කැමැත්තෙමි. රාජාවලියේ කර්තෘත්වය සහ එය සම්පාදනය වු අයුරු විග්රුහ කර ඇති සැටි ද ප්රවශංසනිය වේ. එමෙන් ම පොත අගට එකතු කර ඇති ගැටපද විවරණය ද සිංහල භාෂාව පිළිබඳ කරුණු සොයන්නවුන්හට බෙහෙවින් ප්රදයෝජනවත් වනු ඇත.

විද්යොවදය විශ්වවිද්යායලයේ ආචාර්ය ඒ. වී. සුරවිර මහතා විසින් කරන ලද මෙම රාජාවලි සංස්කරණය වු කලි සිංහල පාඨකයාට කාලතුරකින් කියවිමට ලැබෙන විදියේ අගනා ශාස්ත්රිය සංග්ර හයකි.


සෙනරත් පරණවිතාන

10.12.1965.

14 - ඒ, පීටර්සි ප්ලේස්,

නුගේගොඩ