පවුලේ වෙද පොත/7. සංඥපනය

From Wikisource
Jump to navigation Jump to search
පවුලේ වෙද පොත
7. සංඥාපනය

මේ කරුණු කල්පනා කර බලා අප විසින් ලංකාව . ඉන්දියයාව ආදි රටවල භාවිත කරන වැදගත් වෛද්යි ග්ර න්ථ දෙශිය භාෂායෙන් මුද්රිණය කර ප්රලචාරය කර දේශිය වෛද්ය‍ ශාස්ත්රැය නැගිමට ප්රෙයත්න යෙක් මිට අවුරුදු කිපයකටක පෙර කරන ලද්දේ ය. ඒ සඳහා අප විසින් පොත් බොහෝ ගණනෙක් ම ලියන ලද්දේ ය. මුද්ර ණයෙන් ප්රොචාරය කිරිමේ අමාරුව කෙතරම් තිබුණත් අප‍ගේ දැඩි උත්සාහයක් වසයෙන් ශර්ඞ්ගධර ව්යාමඛ්යාේතය, කෂාය ප්රශකරණය. අරිෂ්ටාසව ප්රණකරණය, අක්ෂිය රෝග චිකිත්සාවලිය ආදි පොත් කිපයක් මහාජනයා ඉදිරියෙහි තැබීමු.

මේ කාලයේ අද වනතුරු, අප නිදහස් රාජ්යෙයක වැසියන් වූ නමුත්, පාඨශාලාවල පවා ප්රාදථමික ප්රයතිවිදාන (First – Aid) වශයෙන් පුහුණු කරවන්නේ පාශ්චාත්ය චිකිත්සා ක්රරමයෙන් සපයා ගත් කොටසෙකි. ඉංග්රීතසි භාෂායෙන් මේ සඳහා ලියන ලද ග්ර න්ථපයෝ සිය ගණන් ඇත්තාහ. එතකුදු වුවත්, පාඨශාලාවල ඉගැන්විමට තබා, මහා ජනයාට වත් භාවිත කිරිම ට සුදුසු ප්රාුථමික ප්රසතිවිධාන අන්තර්ගතත, ක්රතමවත් සිංහල පොතක් නැති පාඩුව සැලකූ අප විසින් දේශිය චිකිත්සාවේ දියුණුව සඳහාත්, වෛද්ය යකු ගෙන්වා ගන්නා තුරු ශරීර සැපය ආරක්ෂාෙ කර ගැනීම සඳහාත් මේ පොත ලිවිමට මිට අවුරුදු 15කට පෙර පටන් ගත්තෙමු.

ඒ කාලයේ අපි මහා ජනයාට නො මිලයේ, ජන සේවයක් වශයෙන් ප්රාතිකාර කිරිමෙහි යෙදි සිටියෙමු. ඒ එක්කම වග කිය හැකි ඉගැන්වීම් කටයුතු වල යෙදුනෙමු. ඒ මදිවට ආණ්ඩුවේ නිලධාරීන් ගෙන් ද වෙනත් ‍ෙඅය ගෙන් ද අපි බොහෝ කරදරවලට මුණ පානා ලද්දමු. මෙසේ කම්කටුලු වලට ‍ෙගාදුරු වූ නමුත් රාත්රී් කාලයේ වැඩ කිරිමෙන් සුමාන ගණනෙකක දි මෙය ලියා කෙළවර කළමු. පසුගිය කාලයේ ඇති වූ කරදර හා මුද්රිණ කිරිමේ අමාරුකම් නිසා මේ වන තුරු ම මෙය මහාජනයා අතට පත් කරන්ට නො ලැබුණේ ය. දැනුදු අපට භාර ව තිබෙන කටයුතුවල අධිකත්ව්ය නිසා මෙහි ශුඬි පත්රද බැලීමට ද අවකාශ නො ලැබිනි. ඒ නිසා මෙහි පරිච්ජේද වෙන් කිරිමේ අඩු පාඩු හා ලකුණු යෙදිමේ මඳ වෙනස් කමක් සිදු වී තිබෙන බැව් පෙණේ. එසේ වුවත් පොතෙත් ප්රකයෝජන ගැනීමට අමාරු ‍කමෙක් නැත්තේ ය.

දෙවෙනි වාරයේ මුද්ර ණයේ ඒ සියල්ල සම්පූර්ණව කර සකස් කරන්නමු.