නල සහ දමයන්ති/නල සහ දමයන්ති - I

From Wikisource
Jump to navigation Jump to search
නල සහ දමයන්ති
නල සහ දමයන්ති - I


නල සහ දමයන්ති - 1[edit]

ශ්‍රී සෞභාග්යනයෙන් සුර පුර දිනූ නිෂධ නම් රාජ්යන යෙක් ජම්බුවීපයෙහි විය. ධාර්මික වූ ධර්මිෂ්ඨ නරවරයා පාලනයක ප්රකතිඵල ලොවට පෙන්වන්නා වූ ප්රීනතිමත් ජනතාවකගෙන්සමන්විත වූ ඒ රාජ්යරයේ නල නම් වූ ප්ර්තාපවත් නරවරයෙන් වාසය කෙළේ ය. ධර්මිෂ්ඨව රාජ්යව පාලනයෙහි යෙදුණු ඒ නල රජ තෙමේ කරුණු දෙකකින් එවකට ජම්බුබීපයෙහි කිසිම රජකුට සම නො කළහැකි විය. එකක් නම් , එතුමාගේ රූපශ්රී ය යි. අනික නම් අසුන් ධාවනය කරවීමේ දක්ෂ කමයි. එතුමා ගේ මහත් වූ කාය ශක්තියත් කාය ශක්තිය නො ඉක්ම වූ නිර්භයතාවත් ‍ඒ ලෝක ප්ර සිද්ධ වූ අශ්වා රොහක භාවයට සුදුසු වූවාක් මෙන් ම , රට වැසියන් කෙරෙහි පැවැත් වූ කරුණාවත් , කරුණාව නිසිසේ යොදවන යන ශක්තියත් ඒ රූපශ්රීයනට සුදුසු විය. සිය පියරජු ගෙන් හිස් වූ සිංහාසනයටත් සියලු රට වැසියන්ගේ ආදරයටත් එකම හිමියා වූ තරුණ නල රජ තෙමේ බුද්ධිමත් අමාත්ය මණ්ඩලයක සභාගීත්වය ය ද ඇතිව නිෂධ රාජ්යතය පාලනය කෙළේ ය.

නල සහ දමයන්ති - 2[edit]

රටින් රට තොරතුරු සොයා බලා වාර්තා කිරීමේ යෙදුණු චරපුරුෂයෙක් එක් දිනක් රජු වෙතට පැමිණ ඒ තරුණ රජු ගේ සිත කුල්මත් කිරීමෙහි සමත් වූ වෘත්තාන්තයක් පැවසී ය. “ නරදේවයන් වහන්ස , විදර්භ දේශය ගැන ඔබ දන්නා සේක්මය. ඒ විදර්භ දේශය මෙකල පාලනය කරන්නා වු හිම රජ්ජුරුවන් හට දරුවෝ තුන් දෙනෙකි.

චරපුරුෂ වෘත්තාන්ගය. එයින් බාල දරු දෙදෙනා පුතණුවෝ දෙදෙනෙකි වැඩි මහලු වූ දියණි. යෝ වූ කලී මිනිස් ලොව අබීතීය වූ රූපශරීූ යකින් විජාම්භිත වූවාහ. සොළොස්විය පුරමින් වසන ඒ දමයන්ති කුමාරි ගේ අභිරූප්යයය ඇසූ ජනයෝ කුහුලින් ඈ දකින්නට ඵළඹෙති. දුටු දුටු ජනයෝ පය වෙනතක ඇඳ ගත නොහී බලාගත්වනම සිටිති. ලෝක නිර්මාණයෙහි අකල්ප කල්ප ගණනක් මුළුල්ලෙහි පරිචිතය ලැබූ බඹු විසින් අභිනවයෙන් මාවාලූවාක් සේ ඒ කුමරියගේ රූ සපුවෙහි විශිෂ්ටතාවක් පවත්නීය. ඒ අභිරූපවත් කුමරිය දුටු ඇසිල්ලෙහි අගපත් පුරුෂ රූප ශ්රීන ධර වූ ඔබ මට සිහි විය. ” මේ චරපුරුෂ වෘත්තාන්තයෙන් තම සිත් පිනා ගිය නමුත් ධීර ගුණ සම්පන්න වූ ද , සමග සතුරන් දිනි මෙහි සමත් වූ ද නල රජ තෙමේ වරයා ඉදිරියෙහි තම සිත් හසර හෙළි නො කෙළේ ය. නල රජු පිළිබඳ තොරතුරු - විශේෂයෙන් එතුමා ගේ අබීතීය අශ්වදම්යි සාරථි බව හා රූපශ්රීිය , ගායක අන්යොමන්ය ප්රේොමය යන්ගෙන් අසා පුරුදු දමයන්ති කුමරිය ද එ තුමා කෙරෙහි පිළිබඳ සිත් ඇතිකළාය. වරසන්ගේ හා ගායකයන්ගේ වතුරතර වූ ද මධුරතර වූ ද වෘත්තාන්තයෝ මේ නල දමයන්ති දෙදෙනා උනුන් නුදුටුවත් දුටුවන් සේ පෙම්වත් බවට පැමින වීමෙහි සමර්ථ වූහ.

නල සහ දමයන්ති - 3[edit]

ලියලන්නා වූ ප්රේතමලතාවෙන් වෙළී ගිය නල නර ගාථ තෙමේ එක් දවසක් උදායන ස්වකීය මන්දිරෝද්යානයේ සක්මනෙහි යෙදී සිටියේය. ශරත් කාලයෙහි අහස වලාකුළින් තොරව නිර්මලව බැබළුණු නමුදු ආසන්න වූ ඉඳුනිල් මිණිමුවා රජමැදුර දක්නා වූ ද එහි පවත්නා තුයි නාදය අසන්නා වූ ද උද්යාමන මයුරයෝ සෙබඩුන් ඉදිරියෙහි පිල් කල්ප විදහා නටන්නට පටන් ගත්හ. හැකිළි යන්නා වූ හෙළ මහනෙල් මලින් ද පිපී ශරත් ග්රී්ය. ගෙන එන්නා වූ සුදු රත් නෙළුම් මලින් ද ශෝභිත වූ උද්යාීන තඩාගයන් හි ඔබ මොබ හැසරෙන්නා වූ හංස යුගලයෝ තුමූ නල රජුට පරිර ය සමාගමය සිහිපත් කරවූහ. මහ වන පෙතින් අවුත් එකල රාජොද්යාපනයෙහි වූ සල්රුක් අව්රා සිටි ගිරා සමූහයෝ රජු ගේ මනස්තාපය දුරලීමට ගී කියන්නාවුන් සේ නද දුන්හ. වඳුරකු විසින් කඩාගත් පේරගෙඩිය අසලම පැන පැන උන් වැඳිරියක් විසින් උඳුරා කනු දුටු රජතෙම මෙ‍ාහොතක් ගිරවුන් ගේ ගායනය නො අසා එ දෙස බලාගත් වනම සිටියේ ය. හංසයන් ගේ පිඩගය හේතුකොට ගෙන පියුම් සමූහයෙන් ඉහළ නැගීගත් බඹර මීමැසි සමූහයා ගේ මධුමද මුදිත ගීත ධවනිය ඇසූ නල රාජයාහට එ කෙණෙහි වඳුරන් ගේ විහිළුව සිතින් බැහැර කරගත හැකි විය. මේ නොයෙක් අයුරින් පැවති සරා සිරි නරඹමින් සල්රුකක් යට සිට රජ තෙමේ කිසිවිටෙක තමා නුදුටු දිව්යටමය පණිවුඩ කරුවා විරූ ශෝභන ශ්රීකයෙන් රමණීය වූ හංසවර්ගයක් , ඉදිරිපස වූ විලෙහි. හැසිරෙනු දැක ප්රී තියෙනුත් විස්ම යෙනුත් ඇලළී ගි යේ ය . එසේ බලා

නල සහ දමයන්ති - 4[edit]

සිටින අතර ඒ හංස වර්ග‍යාගෙන් ප්රමධානයකු ලෙස සැලකිය හැකි එක් හංසරාජයෙක් විලින් පියාඹා අවුත් විල අසලම වූ අඹරුකක් යටට පැමිණියේ ය. තමා සමීපයට පැමිණි හංසරාජයා ගේ රූසිරින් ඔද වැඩුණු නල රජ තෙමේ වහා එ දෙසට දුව ගොස් ඒ හංසරාජයා ගෙල බදා අල්ලා ගත්තේ ය. රජු ‍ෙග් දෘඪ ග්රාලගයට අසුව ගැළවීයත නුහුණු හංස තෙම එ කෙණෙහි දැඟලුම් රහිතව සිටියේය. ඔහු ගේ රන්වන් පියාපත් පිරිමදිමින් රජ තෙමේ මහත් ‍ස්නේහය දැක්වූයේය. පුදුමයකි ! ඒ හංසරාජතෙම රජු ගේ භාෂාවෙන් කථා කරන්නට පටන්ගති. “ දේවයිනි , මා අත තළ මැනව අඝෝ ! නල රජ තුමනි , මම වනාහි ඔබ විසින් අනතුරු නො කටයුතු වූ පක්ෂියෙක්මි. ” මෙසේ කී හංසරාජතෙම නැවතත් රජු අමතා , සිය පියකරු දෙ ඇස් රජු දෙසට යොමු කොට “ රජාණෙනි , මම ඔබගේ සියලු රහස් දනිමි . විදර්භා දේශාධිශ භීම රජු ගේ දූහිතෘ වූ අබීතීය නාරි ලාලිත්යමයෙන් සමන්විත වූ කුමරිය කෙරෙහි ඔබ ආලය කනෙ සැටි මට නො රහසකි. ඔබගේ මේ රහස් ආලය සඵල කිරීමෙහි සමතෙක් වේ නම් ඒ මා මිස අනිකෙක් නොවේ. රජාණෙනි ඔබට පිහිටවීමෙහි මම සමර්ථයෙමි. මම ඔබ අදහස් ඉටුකර දෙමැ ” යි ද කීයේය. මහත් කුහුලින් හා ප්රීයතියෙන් කුල්මත්වූ නිෂධේශ්වර තෙම “ ප්රි යංකර වූ පක්ෂිින්ර්න් යාණන , මට ඔබගෙන් බලාපොරොත්තු විය හැක්කේ කෙබඳු පිහිටක් දැ ” යි හංසරාජයා ගෙන් විචාළේ ය. “ නරේන්ර්ැ යාණෙනි , ඇසුව මැනව. මම දැන් භීම රජු හංසරාජයා ප්ර්තිඥාව අයත් ඒ දර්භ දේශයට යන්නෙමි. එහි ගේ ගොස් රාජදුහිතාව හමුව ඈ පිළිබඳ වූ ඔබ අදහස ඇය හමුවෙහි තබන්නෙමි.”

නල සහ දමයන්ති - 5[edit]

මා‍ ඇයට කියා දෙන ඔබ ගේ රූපශ්රීඇයත් වික්රනමාහිශයයත් ඇගේ ප්රීනතියටම හේතුවිය යුතුය. එයින් ඇගේ සිත ඔබ ‍කෙරෙහි ඇදී එන බව මට නිසැකය. ඉන් පසු ඇගේ පෙම්වතා වසයෙන් ඔබ එහි පැමිණිවීමත් මටම භාරයි ” හංස භාෂිතයෙන් පිනාගිය සිත් ඇති නිෂධ ධිපති තෙමේ ඒ හංසරාජයා ගේ පිට පිරිමැද හිස සිඹ ඔහුට නික්ම යාමට අවසර දුන්නේය. බලවත් කාර්යභාරයක් එහි මග කියයුත්තා වසයෙන් තමා ම පවරාගත් හංසරාජ තෙමේ රජු අතින් මිදුණු ඇසිල්ලෙහි පියාඹා ඒ තාක් විලේ හැසුරුණු සිය පිරිවර හස් රැළ හා එක්ව ගෙන විදර්ශ දේශය බලා පිටත් වූයේය. දිව්යුමය ගති ඇති හංසරාජ තෙමේ සිය පිරිවර සහිතව අහසින් ගොස් නොබෝ වේලාවකින් විදර්ග දේශයෙහි වූ රාජමන්දිරය අසල ගෙදිගුවිලට බැස්සේ ය. අහසින් වන්නා වූ ඒ ශෝගහ පක්ෂි සමූහයා දුටු දමයන්තී තොමෝ මහත්සේ ප්රී්තියට පැමිණියා වහා මාලිගයෙන් බැස සිය පිරිවර යෙහෙළියන් හා සමග ගෙදිගුවිල කරා මෙන් ගත්තීය. රාජ දුහිතෘව තමන් දකිනු රිසියෙන් පලා එන බව බව දුටු හංසේශ්වර තෙමේ සිය පිරිස විලෙහි සිටියදී දමයන්තියට අසුවනසේ ම ගියේය. සිය යෙහෙළියන්ගෙන් ඈත්ව හුදකලා වූ දමයන්තී තොමෝ මහත් ප්රීයතියෙන් හංසයා දෙසට අනුගමනය කළාය විවේක ස්ථානයකට පැමිණි හංසරාජ තෙම විස්මය එළවමින් කුමරිය හා කථා කරන්නට පටන් ගත්තේය. “ ප්රිියංකර වූ දමයන්තියනි , මම ඔබට දැන ගතයුතු වෘත්තාන්තයක් ශුභ ආරංචිය පවසන්නෙමි. පින් වනිය , නිෂධදේශය යි ප්ර සිඬ වූ රාජ්යනයෙක් ඇත්තේය.නල නම් වූ නරේශ්වරයෙක් ම ය පාලනය කෙරෙ යි.”

නල සහ දමයන්ති - 6[edit]

“ දිව්යන ගන්ධර්වයන් ඒ නල රජු‍ ගේ යශෝ ගීතයන් ගයන කල්හි අසුර යුද දිනීමෙන් පැමිණි අභිමානය ඇති දේවයෝධයෝ හිස නමා ගනිති. “ ලොව උසස් ම හිමියකු ලදිමි යි අහංකාර පරමග වීරතී තොමෝ නල රජුගේ රූපශ්රී ය දැක බැගෑ සිතින් කල්යවන්නීය යි හගිමි ” “ මග නුවණින් ලොව පතල සුරගුරු තෙමේ නලරජුගේ ප්රනඥා පාටමග ඇසීමෙන් දැන් ලෝක නිර්මාතෘ වූ මහා බ්රරහ්මයා කෙරෙහි වෛර කෙරේදැ යි නො දනිමි. “ ඇයැදීමෙන් තොරව ම ඒ රජුගෙන් යස ඉසුරු ලබන නිෂද දෙශවාසීහු කජරුගින යැද යැද යස ඉසුරු ලබන දෙව්ලෝ වැසියනට වඩා තමන්ගේ උත්කර්ෂය සලකති. ” “ වැඩියක් කුමට කියමද ? ගාම්භීර්යය , ප්රවතාපය , ත්යා‍ගය , කරුණාය , මෛත්රී ය , ප්රනඥාය , දේශශක්තිය , රූපශ්රීිය යන මෙකී සියල්ල එක්කොට ඔහු විසින් මවාලුවකු මෙන් ඒ කල රාජ තෙමේ විජාම්භිත වෙයි. ” “ එ තුමන් ගේ අවශෙෂ ගුණ සමූහය තිබියේවා. එකම දේහ ශ්රි, සාර විලාසය ගැන සලකා බැලූ මට වැටහී ගිය කරුණ නම් “ අබිතීය වූ ඒ පුරුෂ රූපය හා එක්තැන් කොට සැලකිය හැකි එක ම වනිතා රූපය නම් පින්වත් දමයන්තිය මෙණකි ” යනු යි. කාලිදාසයන් ගේ උපමා විලාසයත් , දණ්ඩින් ගේ පද මාධූර්යයත් , සඵල වූ පණිවුඩය ක්ෂ්යමෙන්ද්රණයන් ගේ ප්ර්සාද ගුණ යත් භාරවින් ගේ අර්ථ ගෞරවයත් එක් කොට හැනුවාක් වැනි විචිත්රර මාඞිමාලාවෙන් සරහන ලද හංසරාජයා ගේමේ නල වෘත්තාන්තය අසන් අසත් ම දමයන්තී ගේ සිත සඳ රැසවන් කිරිසයුර මෙන් ඔද වැඩුණේය. හංසයකුගෙන් බලාපොරොත්තු

නල සහ දමයන්ති - 7[edit]

විය නො හැකි ඒ උදාරතර වූ මානුෂභාෂිතයෙන් පුදුමයට පත් ඕ තොමෝ බොහෝ දිනක සිට සිය හද යහනෙහි ඒ නල රජු ගේ පිළිබිඹුව ගෞරවාදර පූර්වකව සතපා ඇති බැව් පවසා තමන් ගැන ඒ රජතුමන්හට කරුණු සැලකරනු මැනවැ යි හංසරාජයා ඇයැදියා ය. හංසරාජයා ඉවත්ව ගියේ ය. දෙ වැනි පරිච්ඡෙදය

නල රජු කෙරෙහි ආලයෙන් බැඳුණු දමයන්ති තොමෝ හුදකලාව සිතිවිල්ලෙන් උන්නාහ. යෙහෙළියන්ගේ ආශ්රාය ප්රිණය නො කළා ය. සැරහුම් ප්රි ය නො කළාය. භෝජනය දූ කු ම රි ය ගැ න සා ක ච් ඡා පවා ඇගේ අභිරුචියට හේතු නො වීය. රකවරණයෙහි යෙදුණු අඟනෝ කුමරියගේ මේ වෙනස් වීම ගැන රජුට සැල කළහ. භීම රජතෙමේ සිය බිසොව කැඳවා දියණියන්ගේ සිත කෙසේ අස්වසාලිය හැකි දැයි නිශ්චය කරගනු සඳහා සංකථා- වෙහි යෙදුණේය. මේ සංකථාවේ ඵලය නම් ‘ දියණියන් විවාහශ්රීතයට පැමිණ විය යුතුය ’ යනුයි. එහෙත් මේ වෙනසට මේ දොමනසට හේතුව කුමක් දැ යි තමන් නොදන්නා බැවින් තමන් විසින් නියම කරනු ලබන කිසියම් කුමාරය කුට කුමරිය පවා නොදී ඇගේම කැමැත්තෙන් හිමියකු තෝරා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුය යන අන්තිම තීරණයට ඒ රජ බිසෝ දෙදෙනා පැමිණිය හ. භීම රජ්ජුරුවෝ අමාත්යි මණ්ඩලය රැස් කරවූහ. ඔවුන්ගේ සම්මතයද ලබා ගැනීම අවශ්යතයයි සැලකු බැවින් මේ තමන්ගේ දූ කුමරිය පිළිබඳ තීරණය අමාත්යව

නල සහ දමයන්ති - 8[edit]

මණ්ඩලය ඉදිරියෙහි තැබූ විට තත්ත්ව ය හා අවස්ථාව අනුව ඒ තීරණය මැනැවැයි ඔහුද සම්මත කළෝය. දමයන්ති කුමරිය ගේ ස්වයංවරයට දින නියම කොට ගත් භීමයෝ මුළු නුවර සරගවා මංගල මණ්ඩප යක් පිළියෙල කරවා නානා දෙවිවරුන් ඉදිරිපත් වීම්. දිශාවල රජුන්ටත් රජ කුමරුවන්ටත් එදින එහි රැස්වීමට ආරාධනය කළහ. දමයන්තිය ගේ රූප ශ්රීල සාරය සියලු දිශානුදිශාවල පතළ බැවින් මේ අවසරයෙහි සියලු දිගින් රජ රජ කුමරුවෝ විදර්ග දේශයට රැස්වන්නට පටන් ගත්හ. නිෂධ දේශාධිපති වූ නල රජ තෙමේත් ඔවුන් අතර විය. මේ ස්වයංවරය නියම වූ දවසැ මහර්ෂි නාරද තෙමේ දේවලෝකාධිපති වූ ඉන්ර්ප යන් හමුවීමට දෙව්ලෝට ගියේය. රජුන් ගේ කලබලය ගැන තමන් ගෙන් අසන ලදින් “ අදමයන්තිය ගේ ස්වයං වරයට ඒ රජවරු රැස්වෙතැ ” යි කී නාරද තෙමේ ඇගේ ආභිරූප්යය සඳ දෙවියන් හමුයෙහි වනාලීය. මේ ප්ර වෘත්ති ශ්ර වණයෙන් කුතුහළයට පැමිණි දෙවිවරු දමයන්තියගේ ස්වයංවරයට තුමූත් සායටී වූහ. මෙසෙයින් දෙවියනට අධිපති වූ ඉන්ද්රවය , ගින්නට අධිපති වූ අග්නිය , ජලයට අධිපති වූ වරුණය , විනිශ්චයට අධි පති වූ යම ය යන මෙකී දෙවි මහ රජවරු භූලෝකය කරා ගමන් ගත්හ. භූලෝකයට පැමිණි ‍ඒ දෙවි වරුනට විදර්ග දේශයෙහි ගමන මාර්ග්යේ දී ස්වයංවරයට යන්නා වූ නල රජ තෙමේ සම්මුඛ වූයේය. ශ්රීෙමත් නලකුමරයන් බඳු නල රජු දුටු ඒ දෙවිවරු ඔහු ගේ රූප ශ්රීතය ගැන පුදුමයට නොසිතූ මෙහෙයක් පැමිණියහ . මිනිස් ලොව දුලබ වූ ඒ රූප ලාවණ්යතය දැකීමෙන් ප්රී තිමත් වූ දෙවිවරු ඔහු ගේ ගමන විලාසයට ද එසේම ප්රුසන්න වූහ. ඔහු තුමූ නල රජුට තමන්ගේ තත්ත්විය

නල සහ දමයන්ති - 9[edit]

දැන් වූහ. එයින් භක්තිමත් වූ නල තෙමේ ඒ දෙවිවරුනට ගෞරවාචාර පැවැත්වූ‍ යේය. ඉන් පසු තමන්ගේ කීකරු මෙහෙකරුවකු හැටියට ගිවිසගත් නල රජුට දෙවියෝ ආමන්ත්රමණය කොට දමයන්තියගේ ස්වයංවරයට තමන් පැමිණෙන බව ඇයට සැල කිරීමට ආඥා කළහ. මේ පුවතින් නල රජු ගේ සිත චංචල විය. ඔහු පිටත්ව යන්නේත් ඒ ස්වයංවරයටම බැවින් මේ බලාපොරොත්තු නොවූ මෙහෙ‍වර කිරීමට පසුබට විය. එහෙත් දෙවියන්ගේ අණ පිළිපැදීමට ගිවිසි නල රජුට මේ ලියෝගය කඩ කළ නො හැකි දෙයක් විය. විදර්ග දේශයට ආගන්තුකයකු වූ නල රජුට හුදෙකලා ව එහි ගොස් දමයන්තිය හමුවීම දුෂ්කර කටයුත්තකි. ඈ හා කථාබස් කිරීම දුෂ්කර බව කියනුම කිම ? අප්රනසිද්ධව යන්නා වූ මේ ගමනේදී තමන් කැමති සේ ‍මනා පෙනී සිටීමට ඉවහල් වූ දිව්ය මය බලයක් දෙවිවරුන් විසින් ප්රාදානය කර තුබුණු බැවින් මේ පණිවුඩය සඳහා නල තෙමේ පිටත් ව ගියේය. දෙවියන් දුන් වරප්රමසාද ඇති නල තෙමේ පණිවුඩ කරුවකු වසයෙන් ගන්නේ ස්වල්ප වේලාවකින් භිම රාජ භවනයට පිවිසියේය වාසල හඳුනාගත නුහුණු මුරකරුවන් ගෙනුත් කුමාරි මන්දි පණිවුඩකරුවා රයෙහි සේවකා රක්ෂක වනිතා වන් ගෙනුත් බේරී කුමරිය හමුවට පැමිණි ඔහු දුටු කවුරුත් විස්මිත වූහ. හේ කෙසේ එහි ඇතුළු වී ද යනු කිසිවකුට වටහා ගත නො හැකි විය. දමයන්තිය ගේ වර්ණනා විෂයාතිකාන්ත වූ රෑප සම්පත්තිය දුටු නල තෙමේ මොහොතක් වශීකෘතව බලා සිට - පින්වත් කුමරිය මම වනාහි ඉන්ද්ර ය , වරු

නල සහ දමයන්ති - 10[edit]

-ණය , අග්නිය , යමය යන දෙවි මහ රජුන්ගේ පණිවුඩ පතතක් සිදු කිරීමට පැමිණි මෙහෙකරුවෙක්මි. එබැවින් ඒ මා කියන්නක් ඇසුව මැනව. ඔබගේ ස්වයංවරයට ඒ දෙවි උතුමෝ දැන් මග එමින් සිටිති . ” මේ අනුභාව සම්පන්න දෙවිවරුන්ගේ පණිවුඩය ඇසූ කුමාරිකා තොමෝ නල රජු දෙසට නෙත් යොමා සිටි “ එම්බා පණිවුඩකරුව , මම ඔවුන් කෙරෙහි නොව අනිකකු කෙරෙහි බඳනා ලද ප්රේාම ඇත්තියක්මි ඒ මාගේ වල්ලභයා වෙතට හංසයකු අත පණිවුඩයක් ද යැවූයෙමි. මේ ස්වයංවරයද ඔහු ලබා ගනු සඳහාම පිළියෙල කරන ලද්දකි. යම් හැටියකින් ඒ මාගේ ප්රි යයා මා විවාහ කොට නොගනී නම් මම අවිවාහ ජීවිතයක් ම ගත කරමැ ” යි කීවාය. හංස පණිවුඩය මතක් කොට දමයන්තිය කී වාත් කාන්තය නල රජුගේ ළය විනිවිද ගියේය. කුමරියගේ ස්ථිරාධිෂ්ඨානය කාරණ වූ වල්ලභයා තමන් බැව් මෙයන් රජුට ප්ර ත්ය ක්ෂා වුවද , දෙවියන්ගේ ‍මෙහෙවර කඩකිරීම නම් නො කළ හැකි දෙයකි. කෙසේ වුවත් භූ ලෝකවාසි වධුවක් ඉන්ර්ම් හෝ වරුණ වැනි දෙවියකු ගේ අත අත්හරිත් දැයි යන සැකය තමන් නළ ඇති විය පණිවුඩය කීමට වඩා වැඩි දෙයක් තමන් විසින් නො කිය යුතු බැවින් නල තෙමේ නිශ්ශබ්ද වූයේය. කඳුළු පිරි නෙත් ඇති දමයන්ති තොමෝ කවුරුත් කෙසේ කීවත් තමන් සිත්හි ඇඳී පවත්නා ඒ පෙම්වතාම සියල්ලන් මධ්ය යෙහිදී තෝරා ගන්නා බවම කීවාය. ‍මේ අන්තිම වචනයෙන් පසු නල තෙමේ එතැනින් ඉවත්ව ගොස් ඉන්රාේ අ දී දෙවිවරුන් කරා පැමිණ ඔවුන් තමන් හට කළ නියෝගය සිදු නිෂ්ඵල පණිවුඩය කළ බව ද , එහෙත් ඒ කුමරිය වෙන යම් ප්රිණයයකුට සිය කැමැත්ත දී තිබෙන බවද , ඒ පොරොන්දුව ඈ කඩ නො කරන අධිෂ්ඨානයෙන් වසන බව ද , යම් හැටියකින් ඒ බලා

නල සහ දමයන්ති - 12[edit]

එකෙණෙහි සභා ගර්භය සහිත මුළු රාජ වානය පමණක් නොව මුළු නගරයම මංගල තූර්ය නාදයෙන් ඒසනින්නාද විය. මොහොතකින් මුළු සභාගාරය නිශ්ශබ්ද විය.මොහොතකින් මුළු සභාගාරය නිශ්ශබ්ද විය. ඇස පැළඳි රන් මිණි මුතු ආදියෙන් නිමියාවූ නානා ගරණයෝ ඇය ගෙන්ම සනාථ වූහ. සියලුදෙනාගේ ඇස් ඇය වෙත ඇදී ගියේය. ස්වයංවරය ආරබ්ධ විය. ශාලාවේ අසුන් ගෙන උන් රජදරුවන් අතුරෙන් එක් රජ දරුවෙකු ළඟට දමයන්ති පැමි ණියා ය. එවිට එරජු පිළිබඳව දතයුතු සියලු ශාලාවට පිවිසී පවත් දන්නාවූ අනුගත සේවිකාතොමෝ දමයන්ති දමයන්තියට ඔහු අඳුන්වා දුන්නී ය දම යන්තී තොමෝ එරජුට හිස නමා ආචාර කොට ඉන් ඔබ අන් රජකු ඉදිරියට ගියාය. ඔහු පිළිබඳ තත්ත්වදයද සේවිකාව විසින් කියා දුන් පසු ඔහුටත් හිස නමා ඉන් ඔබ්බට ගියා වූ දමයන්ති තොමෝ තමන් සිත ඇඳී පවත්නා නල රජු හමුවන තෙක් නොයෙක් රාජ රාජ කුමාරවරුන්ට ආචාර පවත්වමින් ඉදිරියටම ගියාය. ස්වයංවර ශාලාවේ එක් කොනක සිට අනික් කොන දක්වා ගිය නමුත් නල රජු සොයා ගැනීම ඇයට දුෂ්කර විය. ඈ දැන සිටියේ එකම නල රජෙකි. එසේ වුවද මේ පරීක්ෂාව කිරීමේදී ඈට නළ රජුන් පස්දෙනෙක් පෙනුණේය. සමාන රූප ශ්රීෂ ඇති සමාන ආභරණ පැළදි කිසි ලෙසකිනුත් විසදාශගාවන් නොපෙන්වන ඒ පස් දෙනා අතුරෙන් තමන්ට අභිමත වූ නල රජ කවරෙක් දැයි අඳුනා ගැනීම ඈට කිසිසේත් පුළුවන් නොවීය. ඉන්ද්රක ආදි දෙවිවරුන් ගේ මේ ප්රසයෝගය ගැන නොදන්නා වූ දමයන්තී තොමෝ බලවත් ඛෙදයට පැමිණියාය. ඈ මේ නල පරීක්ෂාව නවත්වා තුෂ්ණීම් භූත වූවාය. අන්තිමේදී ඈ දෙඅත් විදහා අහසට දිගු කොට උඩුමුව කරන ලද නෙත් ඇත්තී දෙවියන් අයදනට පටන් ගත්තීය. “ අහෝ ! දහසක් දිවැස් ඇති දෙදෙව්ලොවට අධිපති ඉන්ද්ර දිගධීශ වූ මහේන්ද්රව දේවරාජයා දෙවියන් යැදීම ණනි , සමස්ත ලෝක ධාතු වර්ති ව

නල සහ දමයන්ති - 13[edit]

තේජසුන්ව අධීශ්වර වූ අග්නි දෙවරාජයාණනි , සසල චරාචර පදර්ථයන් වියළි ය , නොදී රැක දෙන්නා වූ අබ්ධාත්වවධීශ්වර වූ වරුණ දේවරාජයාණනි , සකල සත්ත්වා වර්ගයා ගේ මරණය පිළිබඳ දේවතා වූ යම් දේව රාජයාණනි , සමස්ත පදාර්ථ නිර්මාණයෙහි අසහාය ස්වාමි වූ පද්ම සම්භව වූ ප්ර ජාපතීන්ද්රදයාණනි , ස්වර්ග , මර්ත්ය , පාතාල සංඛ්යා ත භුවනත්ර්ය වර්තී සමස්ත වස්තු සංරක්ෂණයෙහි සතතෝපයුක්ත වූ නාරායණ දේවෝත්තමයාණෙනි , සර්ව වස්තු සංහාරයෙහි සමර්ථ මහිමයෙන් විරාජිත වූ මහේශ්වර දේවෝත්තමයාණනි , ඔබ හැම දෙනා මේ මොහොතෙහි භර්තා ගවේෂණ දෞෂ්කර්යයෙන් පීඩිත වූ එ සෙයින් ම අශරණ වූ මා කෙරෙහි අනුකම්පා කරනු මැනව. මාගේ පෙම්වතා සොයා ගැනීමට මට සහාය වුව මැනව. ” මේ ආයාචනයෙන් මෘදු වූ ඛන් ඇති දෙවියෝ සිවුදෙනා එකෙණෙහි ඒ නල රජුට බඳුව තමන් මවා ගත් වේශය අතුරුදහන් කොට ගෙන සිය සිරුරෙන් ම සිටගත්හ. ඒ මහානුභාව සම්පන්න වූ දෙවියන් දුටු දමයන්ති තොමෝ ඔවුන් ඉදිරියෙහි දණ ගසා වැඳ “ අහෝ දෙවියනි , මා කෙරෙහි දයා කළ මැනවැ ” යි කීවාය. දෙවිවරුන් සිය සිරුරුවලින් ම සිටියද මෙන් එක් දේව ප්රැයෝගයෙක් දෝ හෝයි සැක කොට ස්වල්ප වේලාවක් සිටිවනම සිටි දමයන්තියට සිය පෙම්වතා වෙන්කොට ගැනීමෙහි නො වරදින සුලු උපායක් වටහාගත හැකි විය. දෙවියන් ගේ ඡායාව පොළොවට නො වැටෙන බව අසා තිබුණු බැවින් ඕ තොමෝ ඒ කරුණ මෙහිදී පිහිට කොට ගත්තිය. ආශ්චර්යයකි ! ඒ දෙවි වල්ලභයා හඳුනා වරු සතර දෙනාගේ සිරුරින් ගැනීම පොළොවට සෙවණැල්ල නො වැටු . ණේය. එයින් ඔවුන් වෙන් කොට සැලකීමට ඉඩ ලැබූ දමයන්තී කුමාරිකා තොමෝ සිය පෙම්වතා අඳුනාගෙන වහා ඔහු ඉදිරියෙහි දණ ගැසුවාය.

නල සහ දමයන්ති - 14[edit]

ඉන්පසු නැගිට සිය අතෙහි වූ මාලාදාමය නල නරේන්ද්රයයා ගේ ගෙලෙහි පැළඳවූවාය. දෙවියන් සහිත වූ ඒ මහා රාජ පරිෂත් මධ්යේයෙහි දි නල දමයන්තී දෙදෙනා ඔවුනොවුන් කෙරෙහි ප්රේඒමයෙන් වාසය කිරීමට පොරොන්දු වූහ. මෙසෙයින් දමයන්තී තොමෝ නල රජුගේ අග මෙහෙසුන් බවට පැමිණියාය. දමයන්තිය ගේ ස්වයංවරයට පැමිණි අවශේෂ රජවරු කඩ වූ බලාපොරොත්තු ඇත්තාහු නිෂධ දේශාගමනය තම තමන්ගේ පිරිවර සමග භීම මහීපාලයාගෙන් ලත් අවසර ඇතුව පෙරළා සිය දෙස්වලටම ගියහ. අද්විතීය රූප ශ්රීම සාර ධාරණී වූ දමයන්තිය ගේ ප්රේ ම පාත්ර් බවට පැමිණි නල නරනාථ තෙමේ ඒ තාක් එහි නතර වී සිටි ඉන්ද්රේ , අග්නි , වරුණ , යම යන දේවරජයනට ආචාර පැවැත්විය. යුතුකම් ඉටු කිරීමෙහි නො පසුබට වූ ඒ දෙවියෝ සිවුදෙනා නල රාජයාට වෙන් වෙන් වසයෙන් වර ප්රබසාද දී තම තමන්ගේ දිව්යජ භවනයන් කරා ගමන් ගත්හ. සිය දූ කුමරියට සුදුසු හිමියකු ලැබීම ගැන මහත් වූ ප්රීභතියට පැමිණි භීම භූමිපාල තෙමේ එය නිමිති කොට කීප දවසක් සිය නුවර සැණ කෙළ‍ි පැවැත්වූයේය. ශ්චශුර භවනයෙහි මහා මංගලෝත්සව ශ්රී‍යෙන් කීපදවසක් ගත කළ නල ධරණීස තෙමේ ඒ විදර්ග දේශාධිපතිහුගෙන් ලත් අවසර ඇත්තේ දමයන්තිය හා සිය දෙස බලා ගමනාරම්භ කෙළේය. පියකරු වූ සිය රජුගේ ආගමනය ඇසූ තෛෂධයෝ ස්වකීය රාජ්ය සීමාවේ සිට රාජ මන්දිරය තෙක් මහ මග නොයෙක් අයුරින් සරසා ලූහ. මග දෙපස සෑදු තොරණ හා ඇගෑ ද අහස ලෙළ දෙන්නා වූ විචිත්රා වර්ෂණෝපයක්ත වූ ධ්වජ පතාකා ද සුදුවැලි අතුරා පිළියෙල කළ මාර්ගය ද නානාවිධ මාලාකර්ඹ ලතා කර්මාදියෙන් අනුව්යංවජිත වූහ.

නල සහ දමයන්ති - 15[edit]

අභිරමණීය විලාසයෙන් සරසන ලද මංගල හස්ති රාජයා පිට වනවන ලද කුටාගාර මණ්ඩපයෙහි ශක්රල දේවේන්ද්ර ලීලාවෙන් වැඩහුන් ශ්රී මත් නල නරේන්ද්රරයෝ ඉන්ද්රා ණිය සේ පසෙක හිඳුවාගත් ලෝක සුන්දුරී වූ දමයන්ති බිසොවුන් සමග මහ පෙරහරින් ගමන් ගත්හ. ආතත විතතාදි පංචාංගික තූර්ය නාදයෙන් දිගන්තයන් බිහිරීකරවමින් ගමන්ගත් ඒ පෙරහැර ගොඩ ගමන් ගත් මහ සමුදුරක් සේ අති ව්යාහප්ත පෙරහැර බැලීමේ විය. ඒ මහ පෙරහැර නගරයට ළං කලබලය. වත්ම මග දෙපස පිහිටි දහස් සුවහස් ගණන් මහා මන්දිරවල උඩුමහල් තලයන්හි වූ සීමැදුරු කවුළුවලින් එබි එබී බලන්නා වූ පුරාංගනාවන්‍ ගේ මුවපියුම් රැසින් මුළු නගරවරය මහා පද්ම තටාකතක ශ්රිංය උද්මහනය කෙළේය. මේ අභිනව මෙහෙස්න ගේ ශ්රීක විභූති දර්ශනයෙහි උත්සුක වූ ඇතැම් පුරගනෝ සළු හැද හැදම මාර්ගාසන්නයට දිවුහ. කලබල වූ ඇතැම් වනිතාවෝ ඇස ගානා අඳුනෙන් තොල් ආලේප කළහ. ඇතැම්මු තොල් සරහණ පාටල වර්ණ ද්රුවයෙන් ඇස් රඳා ගත්හ. ඇතැම් අගනෝ මංජිරය අතෙහි බහා ගත්හ. ඇතැම් අගනෝ කේයුරය පාදයෙහි බහා ගත්හ. නිජ රූප ශ්රී් දර්ශෙනයෙහි බද්ධාදර ඇති ඒ අගනන් ගේ ස්ථානභ්රෝෂ්ට වේශ විලාද දර්ශ නය වනාහි ඉන්ද්රිනය දමනයෙන් යුක්තව යන්නා වූ දමයන්තිය ගේ ප්රා‍සංගික හර්ෂයට හේතුවිය. මෙසේ චිත්තා විෂයාතික්රා න්ත වූ වාග් විෂයාති ක්රා්න්ත වූ ශ්රීම විභූතියෙන් වඩනා ‍රාජ රාගාදිහු නිෂධ රාජමන්දිරයට පිවිසියහ. මේ මහරු සිරිසල් දවල් තිස්සේ නරඹ නරඹා ප්රීිතිමත් වූ සූර්ය දිව්යවරාජ තෙමේ

නල සහ දමයන්ති - 16[edit]

නල සහ දමයන්ති - 17[edit]

නල සහ දමයන්ති - 18[edit]

නල සහ දමයන්ති - 19[edit]

නල සහ දමයන්ති - 20[edit]

නල සහ දමයන්ති - 21[edit]

නල සහ දමයන්ති - 22[edit]

නල සහ දමයන්ති - 23[edit]