නල සහ දමයන්ති/තුන්වැනි පරිච්ඡේදය/11

From Wikisource
Jump to navigation Jump to search
නල සහ දමයන්ති
තුන්වැනි පරිච්ඡේදය - 11


භීම භුමිපාල තෙමේ සිය දූ කුමරිය පිළිබඳ ස්වයංවරයට කටයුතු පිළියෙල කරවූයේය. සුධර්මා ශාලාවට නිගා කරන් නාක් වැනි මනහර මාලාලතා කර්මාන්ත ස්වසංවර ශාලාව යෙන් සරඟන ලද විචිත්රධ රජත කනක මණි තාරකාවලංඛිත ධවල විතානොප ශෝභිත වූ මංගල ශාලා තොමෝ තාල වාන්ත මයුර හස්ත වාලව්යකජන පූර්ණ සව් පඞ්කතින් ගෙ න් හා කොඩි සේසත් සෙන්කොල් මගුල් කඩු ආදිය ගත් අන් ඇති පරිවාරජනයා ගෙන් හාත්පස සැදුම් ලද්දීය. තනා දිශාවලින් පැමිණි දුටුවන් නෙත්සිත් පැහැර ගන්නා වූ විවිධාලංකාරයෙන් සමලංකෘත රාජ රාජකුමාරයෝ තුමූ ඒ ශාලාවේ පතවන ලද ආසනවල හිඳගත්හ. ලජ්ජ්වලිත වූ තාරකා පඞ්කතියෙන් අනුප්රා ණිත වූ චන්ද්රා් ලෝක ඇති රාත්රියයක අවුළුවන ලද මුචු වෙඩි පෙළක් බඳු චිත්තාකර්ෂණිය රාජකීය මංගලාභරණයෙන් සැදුම් ලද ඒ ක්ෂතත්රිියයන් ගෙන් ස්වයංවර ශාලාව විශේෂ ශ්‍ීාභයක් උද්වහනය කළාය. තම තමන් ගේ ඒ ඒ පදවිවලට නිසි ඇදුම් ආයිත්තමන් සැරසුණු ඒ රාජන්යකයෝ තුමූ දමයන්තියගේ රූසිරි දැක්මෙහි මහත් බලාපොරොත්තු සහිතව උන්හ. නියමිත වේලාවට දමයන්ති කුමාරිකා තොමෝ දකුණතින් ගත් මනහර මල්දමක් ඇත්තී අනුගතවූ හුරුබුහුටි සේවිකාවන් හා සමග සභා ගරිභයට ප්රකවිෂ්ට වූවාය.