සුභාෂිතය

From Wikisource
Jump to navigation Jump to search

අලගියවන්න මුකවෙටි තුමන් විසින් රචිත සුභාෂිතය කාව්‍ය සංග්‍රහය


1. සත වෙත පත මෙත සඟ හස සෙවි පසිඳු

සත වෙත පත මෙත සඟ හස සෙවි පසිඳු
අවනත සුර මත මිණිතර සර පුබුදු
දිගුරත ඟිලි දල පෙළ මොක් සුවඳ රැදු
සියපත සිය සිය පත සියපත නමුදු

2. උතුම් දහම් රජ මුව ගිර ගින් පහළ

       උතුම් දහම් රජ මුව ගිර ගින්                  පහළ
       අදම් මගිම් හළ මොක් වෙරලතිනු           දුළ 
       නොහිමි සියුම් නය මිණි පද අරුත්         රළ 
       සදම් සදම් ගඟ ම - මුදුන බැතිනි            රළ 


3. සියපත් සැදු බඹ සුර නර උරග මත

            සියපත් සැදු බඹ සුර නර උරග           මත
            සැරියුත් මහ මුගලන් පිළිවෙළිනි        පත 
            පිළිවෙත් සරු මහ සගනට මුනිදු        සුත 
            මුදුනත් දී බැතියෙන් නමදිමි            සතත 


4. රුවන් මිල නොදත් අනුවණ දනු වෙළෙද

                රුවන් මිල නොදත් අනුවණ දනු වෙළෙද 
                ලොබින් කඳා මිණි මිණියයි රැගත්   ලෙඳ 
                පසන් මුනිවරන් හැර අන් සුරන්         වැඳ 
               නිවන් පතා අනුවණ සත කරති            පුද 


ජාතියේ දායාදයන් අනාගත පරපුරට පරිශීලණය කිරීමේ පහසුව උදෙසා ඉදිරියේදී සියළුම කවි එක්කිරීමට කටයුතු කරමි.

අන්තර්ජලයට එක්කළේ නීල් රත්නායක