රාජාවලිය/ලක්දිව ඓතිහාසික ලේඛන සම්පාදනය හා රාජාවලිය

From Wikisource
Jump to navigation Jump to search
රාජාවලිය
ලක්දිව ඓතිහාසික ලේඛන සම්පාදනය හා රාජාවලිය

2


ලක්දිව ඓතිහාසික ලේඛන සම්පාදනය හා රාජාවලිය


(1)

බුදුසමබ ලක්දිව පැතිරි ගිය අවධියේ පටන් ම ඓතිහාසික වාර්තා සම්පාදනය කිරිමේ සිරිතක් පැවති බව පෙනේ. මහා සම්මත රජු පටන් හෝ ඔක්කාක රජු පටන් හෝ රාජනාමාවලිය ද, බුදුසමයට සම්බන්ධ වු සිද්ධින් ද අමතක නොවන පරිද්දෙන් ආරක්ෂා කිරිමට භාරතිය බෞද්ධ වු සිද්ධින් ද අමතක නොවන පරිද්දේන් ආරක්ෂා කිරිමට භාරතිය බෞද්ධ භික්ෂුහු පුරුදු වී සිටියහ.1 දෙවනපෑතිසි රජු දවස බුදුසමය මෙහි මුල් බැසගන්නා විට තෘතිය ධර්ම‍සංගායනාව දක්වා බුද්ධ ශාසනයේ ඉතිහාස කථාව හැඩ ගැසි තිබෙන්නට ඇත. බෞද්ධ භික්ෂුන්වහන්සේ භාරතයේ දි ම ලැබගත් එ පුරුද්ද නිසා අඛණ්ඩ ඓතිහාසික ව‍ාර්තා සම්ප්රනදායක් අපට ලැබි ඇත. මෙරට ඉතිහාසයේ මුල් අවධියේ දි සෑම ධර්මශාස්ත්රි්ය ව්යාරපාරයක දි ම මූලික වී ක්රිවයා කළාහු භික්ෂුන්වහනසේ වුහ. උන්වහන්සේ විසින් බුදුසසුන හා සම්බන්ධ ඉතිහාසය පමණක් නොව ස්වකිය ආයතනයට අනුග්ර්හ දැක්වු ලක්දිව රජපරපුර පිළිබඳ වාර්තා ද ආරක්ෂා කරන ලදි. මහාවිහාරයේ ඉතිහාස වාර්තාව මෙසේ සකස් විය. වළගම්බා රජු දවස මහාවිහාරයෙන් ඉතාහස වාර්තාව මෙසේ සකස් විය. වළගම්බා රජු දවස මහාවිහාරයේන වෙන් වු අභායගිරි පාර්හ්වයේ ද වෙන ම ඉතිහාස වාර්තාවක් සම්පාදනය විය (විස්තර පසු ව දැක්වේ). එක් එක් භික්ෂුපරම්පරා මගින් ස්වකිය ආයතන පිළිබඳ ඉතිහාස කථා සම්පාදනය වු අතර ඒ ඒ විහාරය හා සම්බන්ධ වු මහාබෝධිය, මහාථුපය, දළදාව, කේශධාතුව ආදිය පිළිබඳ ඉතිහාසය ද වෙන් වෙන් වශයෙන් ගොඩනැඟි ගියේය. රජුන් හා වෙනත් සැලකිය යුතු පුද්ගලයන් විසින් ද ස්වකිය ජිවිත කාලය තුළ සිදු වු වැදගත් යයි සලකනු ලැබු ඇතැම් සිදිධින් සටහන් කොට තැබිමේ සිරිතක් පැවති බව දුටුගැමුණු රජුගේ පුඤ්ඤපොත්තකය පිළිබඳ සිද්ධියෙන් පෙනේ.2 දීපවංස, මහාවංස යන වංසකථාවන්හි මෙන් ම පූජාවලිය, රාජරත්නාකාරය, රාජාවිලය ආදි සිංහල පොත්වල ද එසේ ආරක්ෂා වි යයි සිතිය හැකි කොටස් විද්ය,මාන වේ. උදාහරණ. “තව ද ඒ රජ සූවිස් වා‍රයෙක බුදුන් උදෙසා ම වෙසක් පූජා සූවිස්සක් කෙළේය. මේ ශ්රින ලංකාවිපයෙහි හැම භික්ෂුන් නොවරදවා තුන්වාරයෙක් අටපිරිකර දී පූජා කෙළේය. සත් සත් දවස බැගින් ශ්රිය ලංකාවිපය පස්වාරයෙක බුදුන්ට පූජා කෙළේය. දවස් පතා හෙළගිතෙල් පහන් 1. The Jataka, ed, V. Fausboll, PTS, 1963, Vol. II. P. 310; Vol. III. P. 454; Cullvagga etc. 2. Mv, xxxii – 25


ලක්දිව ඓතිහාසික ලේඛනා සම්පාදනය 27

‍ෙ‍දාළොස් දහසක් බැගින් පූජා කෙළේය. දවස් පතා ගිලන්පස අටලෝසක් තබා දින. අටළොස් ස්ථානයෙක බෙහෙත් බඩු තබා දින.3 පළමු වැනි විජයබාහු රජු පිළිබඳ චූලවංස වාර්තාව පරික්ෂා කිරිමේ දි ද ස්වකිය රාජ්යව කාලයේ ඉතිහාස වාර්තාව වර්ෂයක් පාසා ලියා තැ‍බිමේ පිරිතක් එදා පැවැති බව පැහැදිලි වන්නේය. “ යුවරාජපදං යෙ සිතො සන්තො ලිඛාපයි සො සත්තරසවස්සානි සපඤ්ඤො නරසත්තෙමො සො අට්ඨාරසමං වස්සං ලිඛාපයි සුසංඨිතො.” විජයබාහු රජු ස්වකිය අටළොස් වන වර්ෂය තෙක් ඉතිහාසය ලියා තැබු බව මේ ගාථා පැහැදිලි ව ම සඳහන් කරයි.4 අනෙක් රජුන් ද මෙවැනි වාර්තා තැබු බව අනුමාන කළ හැකිය. කල් යත් යත් මේ වාර්තා ලක්දිව ඉතිහාස කථාවක් හෙවත් “දිපවංසයක්” බවට පෙරළිම ස්වභාවයකි. ධාතුසේන රජු විසින් ලද බව චුළවංසය සඳහන් කරන දිපවංසය කියවිමේ උත්සවයේදි කියවන ලද්දේ මෙවැනි ඉතිහාසයක් වාර්තාවක් විය හැකිය.5 රජුන් විසින් ඉදි කරුන ලැබු විහාර වැව් ආදියේ නාමාවලි ද පිළියෙල කර තිබිණ. පාලි හා සිංහල ලේඛනවල එක් බඳු නාමාවලි විද්යේමාන විමෙන් පෙනෙන්නේ කවුරුනු විසිනුදු පිළිගනු ලැබු ඒ ඉතිහාස වාර්තා පෙර පටන් සකස් වි තුබු බවය. අපට ඉතිරි වි ඇති ඉපැරණි ඓතිහාසික ලේඛන වන දිපවංසය, මහාවංසය, සමන්තපාසාදිකාව, වංසත්ථප්පකාසිනිය යන කෘති සම්පාදනය කර තිබෙන්නේ වඩාත් පැරණි ඓතිහාසික වාර්තා සමූහය ආශ්රාය කොට ගනිමිනි. එහෙයින් යථොක්ත කෘති පරික්ෂා කිරිමෙන් අ‍පේ පැරණි ඓතිහාසික වාර්තාවන්ගේ තතවය අවබෝධ කර ගත හැකි වන්නේය. මෙම කෘති හා එම මුලාශ්රනයයන් පිළබඳ ප්ර ශ්න දිගුකලක් තිස්සේ ඔල්ඩන්බර්ග්6 ගෛගර්7, මලලසේකර8 ආදි පණ්ඩිතයන්ගේ පර්යේෂණයන්ට භාජන කරන ලදු ව වටිනා අදහස් රාශියක් ඉදිරිපත් වි ඇති හෙයින් පූර්වොක්ත කාරණය පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් කිරිම අනවශ්යපය. එහෙයින් අප අදහස් කරන්නේ ලක්දිව ඓතිහාසික ලේඛනයන්හි සම්පාදනය හා ඒ එක් එක් ලේඛකයාගේ පරමාර්ථයන් ගැන සංක්ෂේප වාර්තාවක් කිරිමයට. දීපවංසයෙහි මුල් ගාථා පස පරික්ෂා කිර‍ිමෙන් එහි ස්වරූපය පිළිබඳ යම් අදහසක් ඇති කර ගත හැකිය. 3. පූජාසු.88 පි. 4. Cv.,Iix – 7;9 5. Cv., xxxviii – 59 and Cr.Tr.p.35.fn.2 6. Dispacamsa, ed, by H. Oldenverg, 1879 (Dip) 7. The Dipacamsa and Mahscamsa, their historical development in Ceylon, W. Geiger, Tr.by E.M. Coornaraswmy, 1908 (Dip. &Mv’) 8. Vamsatthappakasins, ed, by G.P. Malalasekara, Vols.1 & 11, 1935, (Vsp).

28 රාජාවලිය අනෙකාකාරසම්පන්නං (2 ගාථාව) වංසං.....පරම්පරාගතං ථුතිප්පසත්ථං බහුනාපිවන්නිතං ......නානාකුසුමංව ගණ්ඨිතං (4 ගාථාව) අනූපමං වංසවරග්ගවාසිනං අපුබ්බං අඤ්ඤං තත්ථ සුප්පකාසිතං අරියාගතං උත්තමසබ්භිවණ්ණිතං.......දීපවත්ථුති සාධුසක්කතං (5 ගාථාව) අනෙකාකාර වූ ද, මනා සේ ප්ර.කාශ කරන ලද්දා වු ද, පරම්පරාගත ව පැවත එන්නා වු ද වංසකථාව පුෂ්ප සමූහයක් එකට ගැට ගසන්නාක් මෙන් ස්මපාදනය කරන ලද බව මෙයින් කියැවේ. අනෙක් අතින් මෙයින් පැවසෙනුයේ දිපවංසයෙහි මූලාශ්ර ය පිළිබඳ විස්තරයක් බවත් සිතිය හැකියත ඇතැම් විට එක ම සිද්ධිය පිළිබඳ වාර්තා දෙකක් දක්වා තිබිමෙන් පෙනෙන්නේ දිපවංසයට මුල් වු ආචාය්ය්ළිබපරමපරා කිහිපය් තුබු බවය.9 වංසත්තප්පකාසිනියේ දෙපලක10 ම සඳහන් වන දීපවංසට්ඨකථා නම් කෘතිය දීපවංසයේ මුලාශ්ර ය ග්රාන්ථයක් ද, නැතහෝත් ගෛගර් අනුමාන කරන පරිදි දිපවංසයට පසු කලෙක ලියන ලද ‍අටුවා කථාවක් දැයි පැහැදිලි නැත. ක්රිංස්තු වර්ෂයෙන් පස වන ශතවර්ෂයේ දි සම්පාදනය කරන ලද මාහවංසය වු කලි මහාවිහාර පරම්පරාවේ ඉතිහාස වාර්තාව බව පැහැදිලි ව ම සඳහන් වෙයි “ එවං මහාවංසං ති ලද්ධනාමං මහාවිහාරවාසිනං වාවනමග්ගං පොරාණට්ඨකථං, එත්ථ සිහලහාසං හිත්වා මාගධික හාසාය කථෙස්සාමි” යන පාඨය” මෙහි ලා සැලකිය යුතු වෙයි. වංසත්ථප්පකාසිනියේ කිහිප තැනෙක දඅක්වෙන සීහලඅට්ඨකථාමහාවංස12 සීහලට්ඨකථා13, පොරාණට්ඨකථා14 අට්ඨකථා15 යන නම්වලින් කියැවෙනුයේ ද මහාවංසයට මූලාශ්ර1ය වු සිංහලභාෂාමය කෘති බව පැහැදිලිය. තව ද “සිහලහාසානමස්කාරවණ්ණනා” නම් කෘතියක් ගැන වංසත්ථප්පකාසිනියේ දෙතැනක16 ම සඳහන් වේ. මේ අනු ව මහාමංසයට වඩා පැරණි වු සිංහල භාෂාමය ඉතිහාස වාර්තා කිහිපයක් පැවති බව නිගමනය කළ යුතු වෙයි. මහාවිහාර පාර්ශ්වය විසින් මහාවංසය සම්පාදනය කරනු ලැබු පරිද්දෙන් ම උත්තරවිහාරය විසින් ද විශේෂ ඉතිහාස කථාවක් සමපාදනය කරනු ලැබු බවට සාධක ඇත්තේ ය. වංසත්ථප්පකාසිනියේ “උත්තරවිහාරවාසිනං අට්ඨකථා”17 “උත්තරවිහාරවාසිනං මහාවංසං”18 යනුවෙන් සඳහන් 9. මේ පිළිබද විස්තර ගෛගර්ගේ “The Dipscamsa and Mahacamsa” යන පොතේ 5-14 පිටුවල දැක්වේ. 10. Vsp.pp.411.683 11. Vsp.pp.36 12. Vsp.pp. 41,42,46,47. 13. Vsp.p.126, 193,305 etc. 14. Vsp.p.36. 15. Vsp.p.47. 16. Vsp.pp 23, 30. 17. Vsp.p.125 18. Vsp.p.134 ලක්දිව ඓතිහාසික ලේඛන සම්පදානය 29

වීමෙන් පෙනෙනුයේ එම කෘති යටත් පිරිසෙයින් වංසත්ථප්පතාසිනිය ලියු කාලය දක්වා නොනැසි පැවැති බවය. මෙම ඉතිහාසකථාවල හාම විහාරයට ම, සම්ප්රහදායට ම ‍පොදු ඉතිහාස ප්ර වෘත්ති මෙන් ම ස්වකිය ආයතනයට විශේෂ වු වැදගත් කරුණු ද තිබෙන්නය ඇත. කිසි යම් ආයතනයක් මුල් කරගෙන ලියන ලද ඉතිහාස කථාවක් වුවත් අනුරාධපුර රාජපරම්පරාව පිළිබඳ ප්රකමාණවත් විස්තර ද ඇතුළත් වු බව කිවමනාය. අනුරාධපුරය තරම ම පැරන ඉතිහාසයක් ඇති රුහුණු මාගම් පෙදෙස හෝ කැලණිය හෝ පිළිබඳ ව ඉතිහාස කථාවන් පැවැති බව ස්ථිර වශයෙන් දැක්විමට සාධක නොමැත. මහාවංසයෙහි රුහුණු ඉතිහාස ප්‍රවෘත්ති දැක්වෙන කිහිප තැනෙක ම ඒ කථා ඉදිරිපත් කර තිබෙන්නේ ප්රයධාන කථාවට අමතර වශයෙනි; අනෙක් කථාවක් කියන ස්වරූපයෙනි. මහාවංස කර්තෘවරයා රෝහණවංසකථා ඉදිරිපත් කරන තැන්වල දී ඒ බව විශේෂයෙන් සඳහන් කිර‍ිමය අමතක නොකළේය. එක් උදාහරණයක් මෙසේය. “ඉ‍තො පට්ඨාය වක්කාම තස්ස වංසං අනාකුලං වුච්චමානම්හි එත්ථෙව තස්මිං හොත් අසංකරො.”19 රොහණ ප්රමවෘත්ති දැක්විමේ දි වංසකථාකර්තෲන්ට මූලාශ්රයය වූ “රෝහණවංසයක්” පැවැති බව ගෛගර් මහතා ද කල්පනා කරයි.20 එමෙන් ම පාලි සහස්සවත්ථුප්පකරණ, සීහලවත් ථුපකරණය යන පොත් ද, රසවාහිනි හා එහි සිංහල අනුවාද ස්වරූපය ගන්නා සද්ධර්මාලංකාරය ද විභාග කරන විට මේ පොත්ල රුහුණු ජනපදය හා සම්බාන්ධ බොහෝ කරුණු දැක්වෙන හෙයින්, ඒවාට මූලාශ්ර ය වූ “රොහණවංසයක්” පැවති බව අනුමාන කිරිමට කරුණු තිබේ. පුරාතන විසු රහතුන් විසින් තනිහි තන්හි වූ ප්රකවෘත්ති සිංහල භාෂාවෙන් සංග්රමහ කොට තබා ගන්නා ලද බවත් මහාවිහාරික ගුත්තවංක පිරිවෙන් වැසි රටඨපාල නම් තෙරුන් ඒවා පාලියට නැගු බවත් රසවාහිනි ප්රාගරම්භක ගාථා ප්රිකාශ කරයි.රට්ඨපාල ස්ථවිරයන්ගේ පාලි ග්ර්න්ථය සහස්සවත්ථුප්පකරණය විය යුතුය. සහස්සවත්ථුප්පකරණයට ද මූලාශ්රරය වූ සිංහලභාෂාමය කෘතිය වූ කලි වංසත්ථප්පකාසිනිය සඳහන් කරන සහස්සවත්ථුඅට්ඨකථාව21 විය හැකිය. ලළාට ධාතුවංසයට මූලාශ්රහය වූ කෘති අතර “රොහණවංසයක්” ගැන ද සඳහන් වේ.22 මුල් අවධියේ දි මෙම පාරම්පරික ඉතිහාස වාර්තා ග්ර න්ථාරූඪ ව නොව මුඛපර්පරාවෙන් පැවති හැඩ ගැසුණු බව සිතිය හැකිය. පූර්වයෙහි පටන් කටින් කට පැවත ආ පෙළ හා අටුවා කථා වළගම්බා රජු දවස පොත්වල ලියා තුබු බව සඳහන් විම යට කි කරුණ සනාථ කරන්නකි. 19. Cv. X1v – 37. 20. Cv. Tr. part i p. 92 fn. 3; p. 103 fn. 2; p. 192 fn.3. 21. Vsp.pp. 451, 452, 607. 22. C.E. Godakumbure, Sinhalese Litretature, (GSL), p. 117; G.P. Malalasekera, ThePali Literature of Ceylon, 1958, (MPLC), p. 255 30 රාජාවලිය ආරම්භයේ දි සිංහලෙන් පැවති මෙම ඉතිහාස වාර්තා කල් යත් යත් පාලි භාෂාවට පෙරළිම සම්ප්රංදායයක් වූ සේ පෙනේ. එදා පස වන ශතකයෙහි දී පාලි මහාවංසය සම්පාදනය කිරිමට හේතු වශයෙන් එම ග්රපන්ථාරම්භයේ දක්වා ඇති කරුණු අපගේ සැලකිලිලට භාජන කරනු වටි. “‍පොර‍ාණෙහි කතොපෙසෝ අතිවිත්ථාරතො ක්වචි අතීව ක්වචී සංඛිත්තො අනෙක පුනරුත්තකො වජ්ජිතං තෙහි දෙසෙහි සුඛග්ගහණධාරණං පසාදසංවෙගකරං සුත්තොව උපාගත’23 පුරාණ සිංහල ඓතිහාසික වාර්තාවලල විද්යා3මාන වු අඩුවැඩිකම් පිළිබඳ අවබොධයක් යථොක්ත පාඨයෙන් ලබාගත හැකිය. පුරාණයෙහි සිට පැවත එන සිංහලභාෂාමය වාර්තා අතිවිස්තාර දෝෂයෙන් හා අතිසංස්ෂේප දෝෂයෙන් යුක්ත බව පිළිගැනිමට එකල පාව ඇතැම් උගත්තු සූදානම් නුවුහ. වංසත්ථපිපකාසිනියෙහි සඳහන් වන පාසාණාදිපවාසි උපතිස්ස තෙරණුවෝ24 එවැන්නෙක් වූහ. වංසත්ථප්පකාසිනි කතුවරයා පවසන හැටියට අතිවිස්කෘත බව හා අතිසංක්ෂිප්ත බව දෝෂ නොවේ. එහෙත් සිංහලට්ඨකඨාවන්හි යථොක්ත ලක්ෂණ නිසා ඒවා අර්ථාවබෝධය හා සුඛධාරණය අතින් දුෂ්කර විය.25 ව්යාවහාර භාෂාවක් වු සිංහලය ඒ අවධියේ වෙනස් වෙමින් පැවති හෙයින් ඉතිහාස කථාව මැනවින් ආරක්ෂා වීම සඳහා පාලිය වැනි ස්ථිර භාෂාවකට පෙරළිම සුදුසු යයි එදා උගතුන් පිළිගන්නට ඇත. ඒ ඉතිහාස කථා ආරක්ෂා කිරිමේ කාර්යභාරය බොහෝ දුරට භික්ෂුන්වහන්සේට පැවැරුණු හෙයින් නිතැතින් ම පාලි භාෂාවට උන්වහන්සේ වැඩි සැලකිල්ලක් දැක්වුවාට සැක නැත. දීපවංසය හා මහාවංසය හැරුණ විට බුද්ධඝොෂ ස්ථවිරයන්ගේ පාලි සමන්තජාසාදි‍කාවේ නිදාන කථාව ඓඑතිහාසික ලේඛනයක් වශයෙන් වැදගත්ය. මේ ග්රාන්ථය සඳහා මහා අට්ඨකථා, මහපච්චරි අට්ඨකථා. කුරුන්ද අට්ඨකථා ආදි කෘති මූලාශ්රරය වූ බව කියාවේ. මහාවිහාරිකයන් විසින් සිංහලයෙන් පවත්වා ගෙන එනු ලැබූ මෙම ලේඛනය පාලියට පෙරළන ලද්දේ විදේශින්ගේ ප්රවයෝජනය සලකා බව සමන්තපාසාදිකා නිදාන කථාවේ සඳහන් කර ඇත.26 පද්යමපදෙරුවංසවණ්ණනා හෙවත් වංසත්ථප්පකාසිනිය වූ කලි මහා වංසයට ලියන ලද ටීකාවකි. මෙහි මාහවංසය හඳුන්වා ඇත්තේ පද්යවපදොරුවංස යන නමිනි.27 මහාවංසයෙහි මූලාශ්රවයයන්ගේ නම් පමණක් නොව එහි ස්වරූපය හා සංගෘහිත විෂය ආදි තොරතුරු රාශියන් දැන ගන්නට ලැබිම මෙම ග්රාන්ථයෙහි ඇති විශේෂ ප්ර යෝජනයයි. වංසත්ථප්පකාසිනි කර්තෘ එදා 23. Mv. i, 2-3 24. Vsp.p.57 25. Vsp.p.48. 26. Samantapasadika,P.T.S. (smp.) 1924,p. 2, vs, 7-10 27. Vsp.p. 687


ලක්දිව ‍ෙඑතිහාසික ලේඛන සම්පාදනය 31

පැවති පරම්පරික ඓතිහාසික වාර්තා හැමෙකක් ම ප‍ාහේ ආශ්රේය කළ බව එහි නම් සඳහන් කරන කෘති සමූහයෙන් වටහාගත හැකිය. මහාවිහාර අභයගිරි ආදි පරම්පරා මගින් මෙරට ඉතිහාස කථාව ආරක්ෂිත වූවාක් මෙන් ම ඒ ඒ ආයතන හා සම්බන්ධ වු පූජ්යම වස්තු කිහිපයක් පිළිබඳ ඉතිහාස කථා ද ඒ ඒ ආයතන මඟින් ආරක්ෂා කරන ලදි. මහාබොධිය, මහාථුපය, දළදාව, ලළාටධාතුව එසේ ඉතිහාස කථා ‍ෙගාඩනැඟුණු ප්රිධාන වස්තු වේ. කුරුණැගල සතර වන පරාක්රථමබාහු නරපතින් දස සම්පාදිත සිංහල බොධිවංසයට මුලු වුයේ උපතිස්ස තෙරුන්ගේ පාලි මහාබොධිවංසයයි.එයට ද මූලාශ්රටය වුයේ සිංහල භාෂායය කෘතියක් බව ග්රුන්ථාරම්භයෙහි දක්වා ඇත: “දස්සයිස්සං මහාබෝධිවංසං භාසාය සත්ථුනො පුබබෙ සීහලභාසාය ඨිතං වුද්ධජනානු‍ොග - තං පන ජිනසාසනාභරණ භූතෙහි පුබ්බාවරිය කෙසරිහි ලංකාවාසානං අත්ථාය සීහලභාසාය ඨපිතං මහාබොධිවංසං අහං ඉදන් අවසෙසදෙසවාසිනං 28 වංසත්ථප්පකාසිනියේහ මහාබෝධිවංසට්ඨකථා29 යනුවෙන් සඳහන් වන්නේ ද පැරණි සංහල කෘතාය විය හැක. මෙය පාලියට නගන ලද්දේ කතුවරයා සඳහන් කරන පරිදි “අවශෙෂදෙශවාසින්ගේ” ප්රලයෝජනය සඳහාය ලංකාවාසින්ගේ ප්ර යෝජනය සඳහනා නන් සිංහල කෘතිය ප්ර මාණවත් ලෙස ‍එම කර්තෲන්වහන්සේ සැලකු බව පෙනේ. මහාවංසයේ තත්වය මෙයට වෙනස් විය. සිංහල ස්තූපවංශය පොළොන්නරු අවධියට අයත් පාලි මහාථුපවංසය ආශ්රවයයෙන් රචිත බවත් එම පාලි පොතට එයට ද වඩා පැරණි වු පාලියෙන් හා සිංහලයෙන් ලියන ලද කෘති දෙකක් මුල් වු බවත් කියවේ.30 වංසවත්ථපිප කාසිනියෙහි සඳහන් මහාවෙතියවංසට්ඨකථාව31 යට කී සිංහල කෘතිය විය හැකිය. දළදාව පිළිබඳ ඉතිහාස වාර්තාව ද මෙයට ම සාමන වේ. කිත්සිර්මෙවන් රජු දවස සම්පාදිත සිංහල දළදා ඉතිහාස කථාවක් පැවති බ පෙනේ.32 පාලි දාඨාවංසයට මුල් වුයේ ද සිංහල දළදා ඉතිහාසයක් බව සඳහන් වේ. දාඨාවංස කතුවරයා පැරණි සිංහල කෘතියෙහි දෙසක් නොදකියි. පාලි භාෂාවෙන් දළදා ප්රුවෘත්තියක් සම්පාදනය කරන ලද්දේ ද විධේශින්ගේ (දීපාන්තර වාසිනං) ප්රපයේජනය සඳහාය. පාලි පොත් ලියනු ලැබිමේන පසු ව එයට


28. Mahagadicamsa, P.T.S, (Mhv) 1891, p.1. 29. Vsp.p.387. 30.Mahathupacamsa, P.T.S., (Mtv.) p.1,vs.2,3 31. Vsp.p.509. 32. Cv.xxxvii – 93

32 රාජාවලිය

මුල් වු සිංහල කෘති ක්රජමයෙන් අභාවයට යාම සිරිත වුවත් සිංහල දළදා කථාව නම් ඉක්මනින් විනාශ වු බවත් නොපෙනේ. දන්තධාතුව සම්බන්ධයෙන් ලියැවි ඇති අනෙක් සිංහල කෘතිය නම් දළදා පූජාවලියයි. පාලියෙන් හා සිංහලයෙන් ලියැවුණු ලළාටඨාතුවංස පෝත් ද අපගේ සැලකිල්ලට භාජන කරනු වටි. කාවන්තිස්ස රජු තෙක් ඉතිහාස කථාව දක්වන මේ පොත රචිත කාලය පැහැදිලි නැත. මේ පොතට මුල් වු රෝහණ වංසයක් හැ ලළාටඨාතුවංසවණ්ණනා නම් අටුවාවක් ගැන යට සදහන් කරන ලදි.33 ඓතිහාසික ලේඛන සම්පාදනය පිළිබඳ පිරික්ෂාණයක දි අප සැලකිල්ලට භාජන විය යුතු තවත් වැදගත් කෘති දෙකක් ඇත. එකක් පාලි හත්ථවනගල්ල විහාරවංසයයි. අනෙක ගම්පොල පස් වන භුවනෙකබාහු රජු දවස ජයබාහු දෙවරක්ෂිත ධර්මකිර්ති ස්ථවිරයන් විසින් රචිත නිකායසංග්රුහය හෙවත් ශාසනාවතාරයයි. හත්ථවනගල්ලා වහාරවංසයෙහි සිරිසඟබෝ රජු ‍පිළිබඳ දිර්ඝ විස්තර ද අත්තනගල්ලෙහි ‍කරන ලද විහාර ආදිය ගැන තොරතුරු ද දැක්වෙයි. මෙම කෘතිය අවසන් කර ඇත්තේ අත්තනගලු ඉතිහාස කථාව තවදුරටත් නොනවත්වා ලියැවෙනු ඇතැයි යන ප්රානර්ථනයකින් වුවත් එම ඉල්ලිමට කිසිවකු කන් දුන් බවක් ‍නම් නොපෙනේ. පාලි ග්රාන්ථය ඇසුරෙන් එළුඅත්තනගලුවංස දෙකක් ම ලියා තිබේ. මේ සිංහල පොත් “ඉතිහාස කථාව හා පූර්වලිඛ්තය ද ආශ්රිය කොට” කරන ලද බව ඒ ඒ ග්රංන්ථයන්ගේ ආරම්භයෙහි දැක්වේ.34 නිකායසංග්ර හයෙහි පරමාර්ථය වි ‍තිබෙන්නේ මහාවිහාර භික්ෂුන් අනෙක් මත දරුවන් අභභවා ජයගත් අයුරු විස්තර කිරිමය. එහෙයින් මහාවිහාරිකයන් පිළිබඳ පමණක් නොව අනෙක් භික්ෂුන් ආයතන හා ඒවාට අනුග්රයහ දැක්වු රජුන් ගැන ද ඇතැම විස්තර මෙහි අතුළත් වෙයි. ලක්දිව රාජපරම්පරා වාර්තා වරින් වර පාලි භාෂාවට පෙරළනු ලැබිමේන පසු වත් සිංහලයෙන් ද ඒවා අඛණ්ඩ ව ආරක්ෂා කරන ලද බවට ඇති පැරණි ම සාධකය නම් පූජාවලියයි.35 දඹදෙණි රාජ්ය ය කළ ද්විතිය පරාක්රරමබාහු නරපතින් දවස සම්පාදිත පූජාවලි ධර්මව්යා.ඛ්යා න ග්රතන්ථයෙහි අවසාන පර්ච්ඡේද දෙක්හි ඇතුළත් වන්නේ ඒ වාර්තාවයි. තිසිතුන් වන පරිච්ඡේදය “මිහිදු මාහිමියන් වහන්සේ මේ ලක්දිවට වැඩ බුදුසසුන් පිහිටුවා කළ සම්යනක් ප්රදතිපත්ති පූජා කථා” විස්තර කිරිම සඳහා ද 36 සුතිස් වන පරිච්ඡේදය “අප බුදුන් ශ්රි් ලංකාද්විපයෙහි හැම රජුන්ගෙන් ලද උද්දේසික පූජාකථා” දැක්විම සඳහා ද37 පුජාවලියට ඇතුළත් කරන ලදි.

33. Dathacamsa. De Seelalankara Thero, 1914, Verse 10. 34.මුනිදාස කුමාරතුංග සංස්කරණය. 1932 1 පි.; පලන්නොරුවේ විමලධම්ම සංස්කරණය 1953 4 පි. 35. පූජාවලිය යන්නෙන් මෙහි අදහස් කරනුයේ එම කෘතියෙහි ලක්දිව ඉතිහාස කථා විස්තර වන තිස්තුන් වන හා තිස්හතර වන පරිච්ඡේද බව සැලකිය යුතුය. (පූජාසු.) 36. පූජාසු - 50 පි. 37. පූපාසු - 82 පි. ලක්දිව ඓතිහාසික ලේඛන සම්පාදනය 33

පූජාවලියේ සූතිස් වන පරිච්ඡෙදය වශයෙන් දක්වන ලක්දිව රාජපරම්පරා කථාව “විජයරාජාවලිය” නමින් වෙන ම පුස්කොළ පොත්වල ලියා ඇත.38 ඉතිහාස ප්රදවෘත්තිය දක්වන මේ කොටසෙහි හා පූජාවලියේ අනේක පරිච්ඡේදයෙහි ද භාෂාව අතින් වෙනස් ලක්ෂණ තිබේ. මේ කරුණුවලින් පෙනෙන්නේ ලංකාරාජාවලි පුවත පූජාවලි අවධිය වන තෙක් වෙන ම සිංහල ලේඛනයක් වශයෙන් පැවැති බවය. දඹදෙණි අවධිය තෙක් සකස් වි තුබු මේ පරම්පරාගත ඓතිහාසකි වාර්තාව පූජාවලි කර්තෲන්වහන්සේ විසන් ස්වකිය ග්රපන්ථයෙහි අවසාන භාගය සමපාදනය කිරිමේ දි ආශ්රෲය කරනු ලැබු බව සිතිය හැකිය මහාවංසය සඳහා දීපවංසය කෙළින් ම මුලාශ්රතය නුවුයේ ‍යම් සේ ද. පූජාවිලය සඳහා මහාවංසය මුළුමනින් මුලාශ්රමය නුවුයේ ද එසේ මය. සන්දේශ කාව්ය හා ප්ර.ශස්ති කාව්යා යන නම් වලින් හැඳින්වෙනන සිංහල පද්යේ ග්රදන්ථ සමුහයෙන් ද ලංකා ඉතිහාසය හා සම්බන්ධ ඇතැම් කරුණු අනාවරණය වන්නේය. ප්රනශස්ති කාව්යසයක් වන පැරකුම්බා සිරිත මේ පොත් අතර විශේෂ තැනක් ගනියි. ජයවර්ධන පුරයෙහි රාජ්යිය කළ සවැනි පරාක්රුමබාහු රජුගේ ගුණගායනා වශයෙන් ඒ රජුට පූර්වයෙහි ලක්දිව රාජ්යයය කළ ඇතැම් නරපතියන් පිළිබඳ ව එම කෘතිය කරුණු දක්වයි. අපේ පාරම්පරික ‍ඓතිහාසික වාර්තා මෙසේ අඛණ්ඩ ව පව්ත්වා ගෙන එනු ලැබු අතර දඹදෙණි යුගයේ අවසාන භාගයේ පමණ අමුතු ස්වරුපයක් ‍ඇති ලේඛන සමුහයක ආරම්භය සිද්ධ වි ඇත. කඩඉම්, විත්ති, විස්තර, උපත් යනාදි නම් දරන මෙම ලේඛන පූජාවලිය. සඞර්මරත්නාවලි ආදි පොත් ලියු වියතුන් විසින් නොව සාමාන්යන උගතුන් අතින් ලියැවුණු ග්රොන්ථ සමුහයක් බව පෙනේ. සාංගෘහිතත විෂය ගැන සගකන කල කුවේණි අස්න, සිහබා අස්න ආදි අස්න පොත් ද මෙම ගණයට ම අයත් සේ සැලකිය හැකි වේ. මෙම කෘති සඳහා යට කී පාරම්පරික ඓතිහාසික් වාර්තා මෙන් ම ඒ උගතුන් විසින් ප්රයති‍ෙක්ෂපප කරන ලද්දා වු ජනාප්රරවාදයේ පැවැති අනෙක් පුරාවෘත්ත ද ඇතුළත් වි තිබෙව හෙයින් ඇතැම් ප්ර්වෘත්ති දැන ගැනිම සඳහා අනෙක් කෘතිවල නොමැති අගයක් ඒවායේ ඇත්තේය. කඩඉම් විත්ති, විස්තර ආදි නම් දරන මේ ලේඛනයන් අතුරෙන් මුද්රඒණයෙන් පළ වි ඇත්තේ කිහිපයක් වුවත් ලක්දිව පොත්ගුල්වල හා වෙනත් පුද්ගලයන් සතු ව ද, විදෙශිය පුස්තකාලයන්හි ද මේ ‍පොත් විශාල සංඛ්යාදවක පුස්කොළ අත්පිටපත් ආරක්ෂා වි ඇත්තේය. සංගෘහිත විෂය හා භාෂා ලක්ෂණ ආදිය ගැන සලකා මේ කෘති තෙලෙස් වන හා තුදුස් වන සියවස්වල ද ඉන් මෑත භාගයේ ද සම්පාදිත යයි නිගමනය කළ හැකි වුවත්39 ඇතැම් ‍ලේඛනවල ක්රිමස්තුවර්ෂයෙන් 1815 පමණ දක්වා ප්ර9වෘත්ති ද ඇතුළත් බව පෙන්වා දිය යුතු වෙයි.

38. කොළඹ කටුගෙයි අංක 7, H – 1 (2031)] x – 4 (2032). 39. J.R.A.S (C.B.) New Series, Vol. VII. Part 2 (1961) p. 195.

34 රාජාවලිය යට දක්වන ලද්දා වු විත්ති. කඩඉම්, විස්තර යනාදි කොටස්වලට අයත් පොත්වල එක් ඒක ‍කොටසින් විශේෂ විශයෙන් සංග්ර හ වන කරුණු ‍ඇත්තේය. කඩඉම් පොත්වල හා විත්ති පෝතවල ලක්දිව වැව් අමුණු ඉඩකඩම් ගම් නියම්ගම් රාජධාන් පිළිබඳ ඓතිහාසික් වු ද භෞගෝලික වු ද විස්තර ප්ර්ධාන වශයෙන් දැක්වෙයි. රාජමාහමාත්යාසදින් ‍හා වෙනත් ප්ර්භුන් පිළිබඳ වැදගත් සිද්ධින් ද ඒ පොත්වල දක්වා ඇත. 40 කුරුණෑගල විස්තරය යාපහුනුවර විස්තරය ආදි විස්තර පොත්වල ඒ ඒ නගර පිළිබඳ ඓතිහාසික හා භෞගෝලික තොරතුරු දැක්වේ. ලංකා විස්තරය,41 දඹදිව විස්තරය42 යන පොත්වල ජම්බුද්වි‍පයේ ප්රසදේශ විස්තර, බොධිමණ්ඪලයට ඇතුළත් ප්ර්දේශ හා ඒ ඒ ස්ථාන අතර දිග පළල ආදි තොරතුරු දැක්වේ. බඹ උත්පත්ති43 යන කෘතිය සක්වළ විවරණ, ලෝකෝත්පත්ති කථා ආදිය දක්වයි. මහාසම්මත රාජාවලිය44, රාජඋත්පත්තිය45, දඹදිවරාජපරම්පරාකථා46 යන පොත්වල විශේෂයෙන් දැක්වෙන්නේ මහාසම්මත රාජපරම්පරා පිළිබඳ විස්තර වේ. මෙසේ කඩඉම්, විත්ති, විස්තර යනාදි නම් දරන යට කී ග්රින්ථයන්හි වෙන්වෙන් ව සංහ්රැහ කරන ලද විෂය රාජාවලියෙහි ද ඇතුළත් වන්නේ ය. භාෂාලක්ෂ4ණ අතින් සලකන කල ද ර‍ාජාවපිය වඩා ළං වන්නේ පූජාවලිය, සද්ධර්මාලංකාරය වැනි පොත්වලට නොව යට කී ග්රජන්ථ සමුහයටය. පුස්කොළ පොත් පරික්ෂා කිරිමේ දි, යට දැක්වු කඩඉම්, විත්ති, විස්තර උපත් යන නම් දරන එක් කෘතියක් හෝ කෘති දෙකතුනක් හෝ රාජාවලි පිටපත සමග එක පොතට ම ඇතුළත් වන සේ ලියා තුබු අවස්ථා කිහිපයක් අපට දක්නට ලැබිණ. මේ අනු ව සිතිය හැක්කේ රාජාවලිය ද යට කි ‍පොත සමූහයට ම නෑකම් කියන බවකි. රාජාවලිය වනාහි දඹදෙණි යුගයේ පටන් සම්පාදිත වු කඩඉම්, විත්ති, විස්තර ආදි ලේඛන සමුහය පසුබිම් කර ගෙන, එම ග්ර න්ථ සමුහයෙන් ම ආභාසය ලබමින් සම්පාදිත ඉතිහාස වාර්තාවක් බව සිතිය හැකිය. එසේ ද වුවත් මෙම ග්ර න්ථ සමූහය රාජාවලියට මුලාශ්රාය නුවු බව මෙහි ලා සඳහන් කළ යුතු වේ. ලංකාද්විපය පිළිබඳ අඛණාඩ ඉතිහාස වාර්තාවක් සමපාදනය කිරිමට ඉදිරිපත් වු රාජාවලි කර්තෘ, ජනප්ර වාදයේ පැවත ආ පුරාවෘත්තයන්ගෙන් බැහැර වීමට කල්පනා නොකළ අතර ම වෙනත් ඉතිහාස වාර්තා දෙකක් ආශ්රවය ග්ර න්ථ වශයෙන් තෝරා ගත්තේය. රාජාවලියේ මුලාශ්රතයයන් පරික්ෂා කිරිමේ දි මෙකරුණ වැඩිදුර පැහැදිලි වන්නේය. 40. ත්රි‍සිංහලේ කඩඉම් සහ විත්ති; ජේ. ඒඩබ්ලිව්. මාරඹේ. 1926ත සිරිලක් කඩයිම් පොතත චාල්සි ද සිල්වා, 1961. 41. කොළඹ කටුගෙයි අංක - Z 8 42. එම අංක - 22 – H 7 43.D.M.de Z; Wickramasinghe. Catalogue of the Sinhalese Manuscripts in the British Museum 1900, (Wick.Cat.) No.72. 44. Hugh Nevill, Catalogue of Ola- leaf Manuscripts, (Nevill Cat.), No. Or. 6606 (106). 45. කොළඹ කටුගෙයි අංක A.R.10 46.එම අංක 7 F.2 ලක්දිව ඓතිහාසික ලේඛන සම්පාදනය 35 (II) විවිධ රාජාවලී රාජාවලි සංස්කරණ කාර්යයෙහි දි පාඨ සංසන්දනය සඳහා ගනු ලැබු පුස්කොළ පිටපත් හා මුද්ර ත සංස්කරණ පිළබඳ විස්තර දැක්විම වශයෙන් ඒ එක් ඒක කෘතිය පෙළ විසින් කොතෙක් වෙනස්කම දැරුවේ ද යන වග අන් තැනෙක පෙන්වා දෙන ලදි. මේ පොත් හැරුණු විට රාජාවලි නමින් හෝ ව‍ිශේෂණ පදයක් සහිත ව හෝ ඒ නම යෙදෙන තවත් පොත් රාශියක් ඇත්තේය. ඒ පිළිබඳ විස්තර මතු දැක්වේ. 1. බ්රි්තාන්යඇ කෞතුකාගාරයේ අංක ඕ.ආර්. 4971 (73) දරන පුස්කොළ පොත රාජාවලිය යි නම් කොට ඇත. මේ වූ කලි අලකේශ්වර යුඬය නමින් ව්යේවහාර වන පොතයි. පෙළ විසින් මෙම පොතට සමාන පොත් දෙකක් කොළඹ කටුගෙයි ඇත. එනම්; ඒ.පීග4 (1809), ඒ.ඇප්. 15 (1810) යන පොත් වේ. එම පොත් හැඳින්වෙන්නේ අලකේශ්වර යුඞය නමිනි. ඥනාදර්ශය නම සඟරාවේ වරින්වර පළ වු එම කෘතිය හැඳින් වෙන්නේ ද අලකේශ්වර යුධය කියාය.1 2. කොළඹ කටුගෙයි ඒ.පි.7 අංකිත පුස්කොළ පොත රාජාවලිය නමින් හඳුන්වනු ලබයි.2 වගු රජුගේ පුවතින් ආරම්භ වි මහනුවර තුන් වන වික්රවමබාහු රජු දක්වා ඉතිහාස කථාව දක්වන මේ කෘතිය අපේ රාජාවලි සංස්කරණයට වෙනස්ය. 3. වන්නිරාජාවලිය3: මෙය රාජාවලියට බෙහෙවින් සමාන වුවත් එහි නොමැති අමතර විස්තර ද ඇතුළත් වේ.වන්නි තොරතුරු සිරිසඟ‍බෝ කථාව ආදිය සවිස්තර ව දැක්වේ. කිණිහිරිදළ පටන් වසභ තෙක් රජුගේ නම් රාජාවලි පොත්වල නැතත් මෙහි ඇතුළත් වේ. 4. කොළඹ කටුගෙයි වී. 3 දරන පොත අග”රාජාවල්ලිය” යන නම් දැක්වේ. මෙය යට කී වන්නිරාජාවලිය සමානකම් දක්වයි. වන්නි රාජාවලි පොත් රාජාවිල නමින් ද හැඳින් වු බව මෙයින් පැහැදිලි වේ. 5. විජිතවැල්ලේ රාජාවලිය4: බ්රිපතාන්යල යුගයේ ආරම්භය දක්වා කරුණු මෙහි ඇතුළත්ය. ලන්දේසින් විසින් කතෝලිකයනට විරුද්ධ වකරන ලද ඇතැම් ක්රිතයා පිළිබඳ විස්තර ද මෙහි දැක්වේ.5 6. විජියරාජාවලිය6: මේ ‍නමින් දැක්වෙන්නේ පුජාවලියේ සුතිස් වන පරිච්ඡේදයෙහි ඇතුළත් ලංකා ඉතිහාස වාර්තාවයි.

1. ඥානාදර්ශය: 10 කාණ්ඩය - 1909 සිට 1911 වර්ෂය. 2. W.A.de Silva, Catalogue of palm – leaf Manucripts in the Library of the Colombo Museum, 1938, (Silva Cat.), No.A.P.7 3. කොළඹ කටුගෙයි අංක A.R. 18 (2028) 4. Nevill Cat. No. O.L. 6606 (73). 5. J.R.A.S (C.B.), Vol. XXX, No. 96 part 4, p. 7. 6. කොළඹ කටුගෙයි අංක 7 H.I (2031) හා X 4 (2033).

36 රාජාවලිය

7. සඞ්ර්මාලංකාරයෙහි එන ධර්මසොණ්ඩක වස්තුව පටන් බොධිරාප වස්තුව තෙක් කොටස ලියා ඇති රාජාවලි නම් ගන්නා පුස්කොළ පොත් තුනක් කොළඹ කටුගෙයි ඇත.7 8. රාවනා රාජාවලිය,8 රාවණා රජු ගැන ද කරුණු සඳහන් කරන මේ කෘතාය ලංකා කඩඉම් ‍පොතකි. 9. බුඩරාජවල්ලිය9 බොධි ප්ර තිෂ්ඨාපනය හා දුටුගැමුණු රජු පිළිබඳ ප්රoවෘත්ති ද මලල ජනයා පිළිබඳ දිර්ඝ විස්තර ද මෙහි ඇතුළත් වේ. 10.එච්.සී.පී. බෙල් මහතාගේ මෙහෙයිමෙන් පිටපත් කරන ලඳැයි සඳහන් වන අංක 24 පි 32. 24 පි 33, 24 පී 34 දරන කඩදාසි පොත් තුනක් ‍කොළඹ කටුගෙයි ඇත. ඒ පොත් තුන ම රාජාවලි නමින් හැඳින්වේ. මේ පොත් තුනේ ඒ.බී,සී, ඩී, ඊ, ඇfප්, ජි, එච්, අයි, ජේ, කේ, ඇල් යන ඉංගිරිසි අකුරින් දක්වා ඇති පෝත දොළසක් එකට ලියා ඇත. මේ අතර අයි අංකිත පොත පද්ය3යෙන් කරන ලද්දකි. මේ පොත් යට සඳහන් කරන ලද අනෙක් රාජාවලි පොත් තරම් පැරණි නුවුවත් ඇතැම් පොත්වල අද පිළිගැනෙන ඉතිහාස කථාවට වඩා වෙනස් කරුණු අඩංගු‍ වෙයි. හැමිල්ටන් ගෝර්ඩන් ලංකාණ්ඩුකාරයාගේ කාලය දක්වා ලංකාකථාව මේ පොත් දක්වයි. මේ කරුණුවලින් පැහැදිල් වන්නේ රාජාවලිය යන්නෙන් පූජාවලිය හෝ නිකායසංග්රිහය හෝ රාජරත්නාකරය හෝ වැනි කිසියම් එක් කෘත්යක් නොකියැවෙන බවයි. එහෙයින් අනෙක් රාජාවලියක් ගැන සඳහන් කරන විට එම කෘතිය අයත් පරම්පරාවෙන් හෝ නැතහොත් විජයරාජාවලිය, වන්නිරාජාවිලය යනාදි වශයෙන් වෙනත් විශේෂ නාමයකින් හෝ එය හැඳින්විය යුතු බව පෙනේ. (III) ග්රනන්ථනාමය අප විසින් සංස්කරණය කරනු ලබන ප්රඑධාන රාජාවලිය එක් එක් පිටපත් වල එක් එක් අයුරුන් හඳුන්වනු ලබයි. ඒ ඒ පිටපත් මෙම කෘතිය හඳුන්වන සැටි මතු දැක්වේ: 1. මහාරාජාවලිය : බ පුස්කොළ පොත. 2. මහාරාජාවලිය : කොළඹ කටුගෙයි ඒ.ඒ.2 (1906); 69.එම්.5 (2397) යන පුස්කොළ පොත්. 3. රාජාවල්ලිය : ධ, ප, ල, ස, ගු (272): ගු (276) යනපුස්කොළ පොත්. 4. රාජාවලිය : බ්රිධ, ම, පුස්කොළ පොත්; ගු (173); ගු (186) බ්රි.තාන්ය කුගෙයි 69 සහ 70 යන පුස්කොළ පොත්. 10


7. අංක A.O. 17 (1954); J.7. (1956); G.4 (1957). 8. ‍කොළඹ කටුගෙය අංක 7.H.1 දරන පොතේ කොටසකි. 9. එම, අංක - 7‍ F.3 10. Wick. Cat.

ලක්දිව ඓතිහාසික ලේඛන සම්පාදනය 37

5. රාජවල්ලි පොත : ගු (199) පුස්කොළ පොත. 6. රාජවන්ලි ‍පොත : අ පුස්කොළ පොත. 7. රාජවලියෙ පොත : ය පුස්කොළ පොත. 8. රාජවල්ලියේ පොත : හ පුස්කොළ පොත. මෙම නම් අතුරෙන් කවරක් වුව ද අපේ සංස්කරණයට යෙදිම යොග්ය9 වුවත්, මෙම පොත මෙතෙක් කල් හඳුන්වනු ලැබුවේ “රාජාවලිය” යන නමින්. එහෙයින් අපට පෙර මෙම ග්රකන්ථය සංස්කරණය කළ භවතුන් අනුගමනය කරමින් එයට රාජාවලිය යන නාමය ම ව්යනවවහාර කරමු. (IV) රාජාවලී කර්තෘ රාජාවලියේ සම්පාදනය හා කර්තෘත්වය පිළිබඳ ව මෙතෙක් ඉදිරිපත් වි ඇත් අදහස් මුත දැක්වෙන පරිදි සම්පීණ්ඩනය කළ හැකිය: 1. අප්හැම්:11 කර්තෲන් සතර දෙනෙකු විසන් අවස්ථා සතරක දි සම්පුර්ණ කරන ලදි. 2. ටර්නර්:12 කර්තෲන් කිහිප දෙනෙකු විසින් වරින්වර සම්පාදනය කරන ලදි. 3. වික්ර්මසිංහ13 කර්තෲන් දෙදෙනෙකුට වඩා වැඩි විය නොහැකිය: එක ම කතුවරයාගේ විය හැකිය. රාජාවලියේ මුල් කොටස පූජාවලිය, රාජරත්නාකරය යන පොත් දෙක හෝ එකක් ආශ්රලයෙන් සම්පාදිත හෙයින් මුල් කොටසේ භාෂාව දෙවන භාගයේ භාෂාවට වඩා වෙනස් වේ. 4. ගුණසේකර:14 කර්තෲන් දෙදෙනෙකු විය යුතුය. මෙහි තැනෙක්හි “අප බුදුනු” යනාදි වශයෙන් බුද්ධබක්තිකයෙකු සේ ද, අන් සමහර තැනෙක්හි “අ‍පගේ ස්වාමි වු යේසුස් ක්රිධස්තුස්” යනාදි වශයෙන් ක්රිිස්තුභක්තිකයෙකු සේ ද ලියා තිබෙන හෙයින් හා වාග්රිත්යේ වෙනසක් තිබෙන හෙයින් මෙහි කර්තෘ එක්කෙනෙකු නොව යටත් පිරිසෙයන් දෙදෙනෙකු විය යුතු බව අනුමාන කරයි. 5. ගෛගර් ;15 එක් කතුවරයෙකුගේ යයි අනුමාන කරයි. භාෂාවේ විවිධත්වය සිදු වි තිබෙන්ුනේ අනෙක් කෘති ආශ්රවය කිරිම නිසාය.


11. Upham, Edward, The Sacred and Historical Books of Ceylon: The Mahacamsa, The Raja – Ratnacari and The Rajacali” (1833), Intro. P. xii. 12. G. Turnour, Epitome of the History of Ceylon. 1836’ Intro.p.iv’ 13. Wick. Cat. P. 76. 14. ග. විඥප්ති. iii පි. 15. Dip.and Mv. p. 94

38 රාජාවලිය

රාජාවලිය කෙසේ සම්පාදනය කරන ලද කෘතියක් ද කරුණ ගැන නොසිතා රාජාවලියේ කර්තෘ ගැන කිසිවක් පැවසිය නොහැකිය. ලක්දිව ඉතිහාස වාර්තා සම්පාදනයේ විශේෂ ලක්ෂණය වූයේ කලින් කල පුරුකෙන් පුරුකට එකට යා විමෙන් එය සම්පුර්ණ විමය. සුනාථ සබ්බේ පනිධාය මානසං වංසං පවක්ඛාමි පරමපරාගතං ථුතිප්පස්ථං බහුනාභිවණ්ණිතං එතම්හි නානා කුසුමංව ගණ්ඨිතං (xx : 4) යන දීපවංස ගාථාව සඳහන් කරන්නේ එම කෘතිය එක් එක් පුෂ්පය ගැට ගැසිමේන සම්පාදනය කරන ලද බවය. මෙසේ එක එක පුරුක ඈඳා ඉතිහාසකථා සම්පාදනය දීපවංසයෙන් අවසන් නොවි රාජාවලිය සම්පාදිත අවධිය දක්වා ද පැවැත්තේය. රාජාවලිය සම්පාදනයේ දි සිද්ධ වි තිබෙන්නේ ද දිපවංස කතුවරයාගේ උත්සාහයට සමාන එකකි. රාජාවලිය සම්පාදනයේ එක් අවස්ථාවක දි ද්විතිය විමලධර්මසූය්ය්බෙන රජුගේ රාජ්යලපදප්රාඑප්තිය දක්වා ඉතිහාස කථාව කියැවෙයි. ඉන් පසු ව ද ඇතැම් ලේඛකයන් විසින් තමතම්න්ට අභිමත පරිදි කරුණු එකතු කරමින් තම තමන්ගේ කාලය දක්වා ඉතිහාස වාර්තාව පවත්වා ගෙන ගිය සැටි යට දක්වන ලදි. අප පරික්ෂණයට භාජන වන ද්විතිය විමලධර්මසූය්ය් ගි රජුගෙන් අවසන් වන රාජාවලිය පොත එම රජු විසූ කාලයේ පමණ සම්පාදනය වන්නට ඇත. රාජාවලි කතුවරයාගේ ව්ය්යාමය වූයේ එතෙක් සමිපාදනය වි. පැවැති පූජාවලිය. අලකේශ්වර යුඞය වැනි සිංහල භාෂාමය වාර්තා කිහිපයක් ප්රනයෝජනයට ගනිමින්, එදා ජනශ්රැුතිමාර්ගයෙන් පැවත ආ වැදගත් ප්ර වෘත්තින් ද ඇතුළු කරමින්, හැකි තාක් සම්පුර්ණ ඉතිහාස කථාවක් සමිපාදනය කිරිමය. ග්රපන්ථ සම්පාදිත ක්රනමය අතින් රාජාවලිය දීපවංසය, මහාවංසය, පූජාවලිය. රාජරත්නාකරය ආදි ග්ර න්ථයන්ට වඩා වෙනස් වෙයි. එම ලේඛකයන් විසින් කරන ලද්දේ කරුණු සඳහා අනෙක් මූලාශ්රතයයන් වෙත යමින් නවනිර්මාණයන් වශයෙන් ස්වකිය ග්රෙන්ථ සම්පාදනය කිරිමය. රාජාවලි කතුවරයා තම පොතට මුල් වු කෘති කෙරෙහි එයට වඩා ණය ගැති වුයේය. ඔහු බොහෝ විට එම කෘති පදනේ පදය ම පිටපත් කර ගත් අතර, තමාට හුරු පුරුදු අයුරින් බස හා වියරණ වෙනස් කළේය.16 පොතපතින් වාර්තා පිටපත් කර ගත නොහැකි වු අවස්ථාවන්හි දි තමාගේ භාෂාවෙන් ම එම වාර්තා සම්පාදනය කරන්නට ඇත. රාජාවලියෙහි එක් එක් කොටස්වල භාෂාව ඒක සමාන නොවන්නේ කාලපර්ච්ඡේද කිහිපයකට අයත් වු කෘති එයට මුල් වු නිසාය. භාෂාව අතින් දඹදෙණි යුගයේ සම්පාදිත පූජාවලිය හා

1. රාජාවලි භාෂාව නැවත වරක් වර්තාමන සංස්කාරකයන් විසින් ඔවුනට අභිමත පිරිදි වෙනස් කරන ලද බව පෙනේ. ලක්දිව ඓතිහාසකි ලේඛන සම්පාදනය 39

සීතාවක සමයට අයත් යයි සිතිය හැකි අලකේශ්වර යුඞය නම් කෘතිය අතර පවතින වෙනස රාජාවලියේ මුල් කොටස හා දෙවන භාගය අතර ද එසේ ම විද්යාඅමාන‍ වේ මැයි. වර්ෂ දැක්විමේ දි බුද්ධ පරිනිර්වාණයේ පටන් වර්ෂප්ර මාණ දැක්විම ‍හෝ ඇතැම් තැන ශකවර්ෂ යෙදිම හෝ සිරිතක් වුවත් “අපගේ ස්වාමි වු යේසුසු ක්රියස්තු වර්ෂථයෙන්” යි එක් තැනෙක යෙදෙනු‍යේ රාජාවලියේ ද්විතිය භායග ලියු තැනැත්තා ක්රිකස්තුභක්තකයෙකු වු නිසා නොව එසේ වර්ෂ දැක්විම එකල සිරිතක් වු හෙයින්. ඉංගිරිසිය වහරනු ලබන ක්රිෙස්තුබක්තික වුව ද නොවු ද හැම දෙන විසින් ම “ අ‍පගේ ස්වාමින්ගේ වර්ෂ්යෙන්” යන අරුත් දෙන ඒ.ඪි. යන අකුරු දෙක‍ යෙදිමේ වර්තමාන ව්යිවහාරයට සමාන සිරිතක් ‍රාජාවලි කර්තෘගේ කාලයේ පවා පැවතුණු සේය. මේ කරුණු අනු ව රාජාවලිය වනාහි එක ම කර්තෘවරයෙකු විසින් සංග්රයහ කරන ලද කෘතියක්ය යන ගෛගර් මතයට අපි එකඟ වෙමු.