නල සහ දමයන්ති/පළමුවැනි පරිච්ඡේදය/7

From Wikisource
Jump to navigation Jump to search
නල සහ දමයන්ති
පළමුවැනි පරිච්ඡේදය - 7

විය නො හැකි ඒ උදාරතර වූ මානුෂභාෂිතයෙන් පුදුමයට පත් ඕ තොමෝ බොහෝ දිනක සිට සිය හද යහනෙහි ඒ නල රජු ගේ පිළිබිඹුව ගෞරවාදර පූර්වකව සතපා ඇති බැව් පවසා තමන් ගැන ඒ රජතුමන්හට කරුණු සැලකරනු මැනවැ යි හංසරාජයා ඇයැදියා ය. හංසරාජයා ඉවත්ව ගියේ ය. දෙ වැනි පරිච්ඡෙදය නල රජු කෙරෙහි ආලයෙන් බැඳුණු දමයන්ති තොමෝ හුදකලාව සිතිවිල්ලෙන් උන්නාහ. යෙහෙළියන්ගේ ආශ්රාය ප්රිණය නො කළා ය. සැරහුම් ප්රි ය නො කළාය. භෝජනය දූ කු ම රි ය ගැ න සා ක ච් ඡා පවා ඇගේ අභිරුචියට හේතු නො වීය. රකවරණයෙහි යෙදුණු අඟනෝ කුමරියගේ මේ වෙනස් වීම ගැන රජුට සැල කළහ. භීම රජතෙමේ සිය බිසොව කැඳවා දියණියන්ගේ සිත කෙසේ අස්වසාලිය හැකි දැයි නිශ්චය කරගනු සඳහා සංකථා- වෙහි යෙදුණේය. මේ සංකථාවේ ඵලය නම් ‘ දියණියන් විවාහශ්රීතයට පැමිණ විය යුතුය ’ යනුයි. එහෙත් මේ වෙනසට මේ දොමනසට හේතුව කුමක් දැ යි තමන් නොදන්නා බැවින් තමන් විසින් නියම කරනු ලබන කිසියම් කුමාරය කුට කුමරිය පවා නොදී ඇගේම කැමැත්තෙන් හිමියකු තෝරා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුය යන අන්තිම තීරණයට ඒ රජ බිසෝ දෙදෙනා පැමිණිය හ. භීම රජ්ජුරුවෝ අමාත්යි මණ්ඩලය රැස් කරවූහ. ඔවුන්ගේ සම්මතයද ලබා ගැනීම අවශ්යතයයි සැලකු බැවින් මේ තමන්ගේ දූ කුමරිය පිළිබඳ තීරණය අමාත්යව