නල සහ දමයන්ති/පළමුවැනි පරිච්ඡේදය/5

From Wikisource
Jump to navigation Jump to search
නල සහ දමයන්ති
පළමුවැනි පරිච්ඡේදය - 5

මා‍ ඇයට කියා දෙන ඔබ ගේ රූපශ්රීඇයත් වික්රනමාහිශයයත් ඇගේ ප්රීනතියටම හේතුවිය යුතුය. එයින් ඇගේ සිත ඔබ ‍කෙරෙහි ඇදී එන බව මට නිසැකය. ඉන් පසු ඇගේ පෙම්වතා වසයෙන් ඔබ එහි පැමිණිවීමත් මටම භාරයි ” හංස භාෂිතයෙන් පිනාගිය සිත් ඇති නිෂධ ධිපති තෙමේ ඒ හංසරාජයා ගේ පිට පිරිමැද හිස සිඹ ඔහුට නික්ම යාමට අවසර දුන්නේය. බලවත් කාර්යභාරයක් එහි මග කියයුත්තා වසයෙන් තමා ම පවරාගත් හංසරාජ තෙමේ රජු අතින් මිදුණු ඇසිල්ලෙහි පියාඹා ඒ තාක් විලේ හැසුරුණු සිය පිරිවර හස් රැළ හා එක්ව ගෙන විදර්ශ දේශය බලා පිටත් වූයේය. දිව්යුමය ගති ඇති හංසරාජ තෙමේ සිය පිරිවර සහිතව අහසින් ගොස් නොබෝ වේලාවකින් විදර්ග දේශයෙහි වූ රාජමන්දිරය අසල ගෙදිගුවිලට බැස්සේ ය. අහසින් වන්නා වූ ඒ ශෝගහ පක්ෂි සමූහයා දුටු දමයන්තී තොමෝ මහත්සේ ප්රී්තියට පැමිණියා වහා මාලිගයෙන් බැස සිය පිරිවර යෙහෙළියන් හා සමග ගෙදිගුවිල කරා මෙන් ගත්තීය. රාජ දුහිතෘව තමන් දකිනු රිසියෙන් පලා එන බව බව දුටු හංසේශ්වර තෙමේ සිය පිරිස විලෙහි සිටියදී දමයන්තියට අසුවනසේ ම ගියේය. සිය යෙහෙළියන්ගෙන් ඈත්ව හුදකලා වූ දමයන්තී තොමෝ මහත් ප්රීයතියෙන් හංසයා දෙසට අනුගමනය කළාය විවේක ස්ථානයකට පැමිණි හංසරාජ තෙම විස්මය එළවමින් කුමරිය හා කථා කරන්නට පටන් ගත්තේය. “ ප්රිියංකර වූ දමයන්තියනි , මම ඔබට දැන ගතයුතු වෘත්තාන්තයක් ශුභ ආරංචිය පවසන්නෙමි. පින් වනිය , නිෂධදේශය යි ප්ර සිඬ වූ රාජ්යනයෙක් ඇත්තේය.නල නම් වූ නරේශ්වරයෙක් ම ය පාලනය කෙරෙ යි.”