නල සහ දමයන්ති/පළමුවැනි පරිච්ඡේදය/3

From Wikisource
Jump to navigation Jump to search
නල සහ දමයන්ති
පළමුවැනි පරිච්ඡේදය - 3

ලියලන්නා වූ ප්රේතමලතාවෙන් වෙළී ගිය නල නර ගාථ තෙමේ එක් දවසක් උදායන ස්වකීය මන්දිරෝද්යානයේ සක්මනෙහි යෙදී සිටියේය. ශරත් කාලයෙහි අහස වලාකුළින් තොරව නිර්මලව බැබළුණු නමුදු ආසන්න වූ ඉඳුනිල් මිණිමුවා රජමැදුර දක්නා වූ ද එහි පවත්නා තුයි නාදය අසන්නා වූ ද උද්යාමන මයුරයෝ සෙබඩුන් ඉදිරියෙහි පිල් කල්ප විදහා නටන්නට පටන් ගත්හ. හැකිළි යන්නා වූ හෙළ මහනෙල් මලින් ද පිපී ශරත් ග්රී්ය. ගෙන එන්නා වූ සුදු රත් නෙළුම් මලින් ද ශෝභිත වූ උද්යාීන තඩාගයන් හි ඔබ මොබ හැසරෙන්නා වූ හංස යුගලයෝ තුමූ නල රජුට පරිර ය සමාගමය සිහිපත් කරවූහ. මහ වන පෙතින් අවුත් එකල රාජොද්යාපනයෙහි වූ සල්රුක් අව්රා සිටි ගිරා සමූහයෝ රජු ගේ මනස්තාපය දුරලීමට ගී කියන්නාවුන් සේ නද දුන්හ. වඳුරකු විසින් කඩාගත් පේරගෙඩිය අසලම පැන පැන උන් වැඳිරියක් විසින් උඳුරා කනු දුටු රජතෙම මෙ‍ාහොතක් ගිරවුන් ගේ ගායනය නො අසා එ දෙස බලාගත් වනම සිටියේ ය. හංසයන් ගේ පිඩගය හේතුකොට ගෙන පියුම් සමූහයෙන් ඉහළ නැගීගත් බඹර මීමැසි සමූහයා ගේ මධුමද මුදිත ගීත ධවනිය ඇසූ නල රාජයාහට එ කෙණෙහි වඳුරන් ගේ විහිළුව සිතින් බැහැර කරගත හැකි විය. මේ නොයෙක් අයුරින් පැවති සරා සිරි නරඹමින් සල්රුකක් යට සිට රජ තෙමේ කිසිවිටෙක තමා නුදුටු දිව්යටමය පණිවුඩ කරුවා විරූ ශෝභන ශ්රීකයෙන් රමණීය වූ හංසවර්ගයක් , ඉදිරිපස වූ විලෙහි. හැසිරෙනු දැක ප්රී තියෙනුත් විස්ම යෙනුත් ඇලළී ගි යේ ය . එසේ බලා