නල සහ දමයන්ති/පළමුවැනි පරිච්ඡේදය/1

From Wikisource
Jump to navigation Jump to search
නල සහ දමයන්ති
පළමුවැනි පරිච්ඡේදය - 1

ශ්‍රී සෞභාග්යනයෙන් සුර පුර දිනූ නිෂධ නම් රාජ්යන යෙක් ජම්බුවීපයෙහි විය. ධාර්මික වූ ධර්මිෂ්ඨ නරවරයා පාලනයක ප්රකතිඵල ලොවට පෙන්වන්නා වූ ප්රීනතිමත් ජනතාවකගෙන්සමන්විත වූ ඒ රාජ්යරයේ නල නම් වූ ප්ර්තාපවත් නරවරයෙන් වාසය කෙළේ ය. ධර්මිෂ්ඨව රාජ්යව පාලනයෙහි යෙදුණු ඒ නල රජ තෙමේ කරුණු දෙකකින් එවකට ජම්බුබීපයෙහි කිසිම රජකුට සම නො කළහැකි විය. එකක් නම් , එතුමාගේ රූපශ්රී ය යි. අනික නම් අසුන් ධාවනය කරවීමේ දක්ෂ කමයි. එතුමා ගේ මහත් වූ කාය ශක්තියත් කාය ශක්තිය නො ඉක්ම වූ නිර්භයතාවත් ‍ඒ ලෝක ප්ර සිද්ධ වූ අශ්වා රොහක භාවයට සුදුසු වූවාක් මෙන් ම , රට වැසියන් කෙරෙහි පැවැත් වූ කරුණාවත් , කරුණාව නිසිසේ යොදවන යන ශක්තියත් ඒ රූපශ්රීයනට සුදුසු විය. සිය පියරජු ගෙන් හිස් වූ සිංහාසනයටත් සියලු රට වැසියන්ගේ ආදරයටත් එකම හිමියා වූ තරුණ නල රජ තෙමේ බුද්ධිමත් අමාත්ය මණ්ඩලයක සභාගීත්වය ය ද ඇතිව නිෂධ රාජ්යතය පාලනය කෙළේ ය.