නල සහ දමයන්ති/දෙවැනි පරිච්ඡේදය/9

From Wikisource
Jump to navigation Jump to search
නල සහ දමයන්ති
දෙවැනි පරිච්ඡේදය - 9

දැන් වූහ. එයින් භක්තිමත් වූ නල තෙමේ ඒ දෙවිවරුනට ගෞරවාචාර පැවැත්වූ‍ යේය. ඉන් පසු තමන්ගේ කීකරු මෙහෙකරුවකු හැටියට ගිවිසගත් නල රජුට දෙවියෝ ආමන්ත්රමණය කොට දමයන්තියගේ ස්වයංවරයට තමන් පැමිණෙන බව ඇයට සැල කිරීමට ආඥා කළහ. මේ පුවතින් නල රජු ගේ සිත චංචල විය. ඔහු පිටත්ව යන්නේත් ඒ ස්වයංවරයටම බැවින් මේ බලාපොරොත්තු නොවූ මෙහෙ‍වර කිරීමට පසුබට විය. එහෙත් දෙවියන්ගේ අණ පිළිපැදීමට ගිවිසි නල රජුට මේ ලියෝගය කඩ කළ නො හැකි දෙයක් විය. විදර්ග දේශයට ආගන්තුකයකු වූ නල රජුට හුදෙකලා ව එහි ගොස් දමයන්තිය හමුවීම දුෂ්කර කටයුත්තකි. ඈ හා කථාබස් කිරීම දුෂ්කර බව කියනුම කිම ? අප්රනසිද්ධව යන්නා වූ මේ ගමනේදී තමන් කැමති සේ ‍මනා පෙනී සිටීමට ඉවහල් වූ දිව්ය මය බලයක් දෙවිවරුන් විසින් ප්රාදානය කර තුබුණු බැවින් මේ පණිවුඩය සඳහා නල තෙමේ පිටත් ව ගියේය. දෙවියන් දුන් වරප්රමසාද ඇති නල තෙමේ පණිවුඩ කරුවකු වසයෙන් ගන්නේ ස්වල්ප වේලාවකින් භිම රාජ භවනයට පිවිසියේය වාසල හඳුනාගත නුහුණු මුරකරුවන් ගෙනුත් කුමාරි මන්දි පණිවුඩකරුවා රයෙහි සේවකා රක්ෂක වනිතා වන් ගෙනුත් බේරී කුමරිය හමුවට පැමිණි ඔහු දුටු කවුරුත් විස්මිත වූහ. හේ කෙසේ එහි ඇතුළු වී ද යනු කිසිවකුට වටහා ගත නො හැකි විය. දමයන්තිය ගේ වර්ණනා විෂයාතිකාන්ත වූ රෑප සම්පත්තිය දුටු නල තෙමේ මොහොතක් වශීකෘතව බලා සිට - පින්වත් කුමරිය මම වනාහි ඉන්ද්ර ය , වරු