නල සහ දමයන්ති/තුන්වැනි පරිච්ඡේදය/15

From Wikisource
Jump to navigation Jump to search
නල සහ දමයන්ති
තුන්වැනි පරිච්ඡේදය - 15


අභිරමණීය විලාසයෙන් සරසන ලද මංගල හස්ති රාජයා පිට වනවන ලද කුටාගාර මණ්ඩපයෙහි ශක්රල දේවේන්ද්ර ලීලාවෙන් වැඩහුන් ශ්රී මත් නල නරේන්ද්රරයෝ ඉන්ද්රා ණිය සේ පසෙක හිඳුවාගත් ලෝක සුන්දුරී වූ දමයන්ති බිසොවුන් සමග මහ පෙරහරින් ගමන් ගත්හ. ආතත විතතාදි පංචාංගික තූර්ය නාදයෙන් දිගන්තයන් බිහිරීකරවමින් ගමන්ගත් ඒ පෙරහැර ගොඩ ගමන් ගත් මහ සමුදුරක් සේ අති ව්යාහප්ත පෙරහැර බැලීමේ විය. ඒ මහ පෙරහැර නගරයට ළං කලබලය. වත්ම මග දෙපස පිහිටි දහස් සුවහස් ගණන් මහා මන්දිරවල උඩුමහල් තලයන්හි වූ සීමැදුරු කවුළුවලින් එබි එබී බලන්නා වූ පුරාංගනාවන්‍ ගේ මුවපියුම් රැසින් මුළු නගරවරය මහා පද්ම තටාකතක ශ්රිංය උද්මහනය කෙළේය. මේ අභිනව මෙහෙස්න ගේ ශ්රීක විභූති දර්ශනයෙහි උත්සුක වූ ඇතැම් පුරගනෝ සළු හැද හැදම මාර්ගාසන්නයට දිවුහ. කලබල වූ ඇතැම් වනිතාවෝ ඇස ගානා අඳුනෙන් තොල් ආලේප කළහ. ඇතැම්මු තොල් සරහණ පාටල වර්ණ ද්රුවයෙන් ඇස් රඳා ගත්හ. ඇතැම් අගනෝ මංජිරය අතෙහි බහා ගත්හ. ඇතැම් අගනෝ කේයුරය පාදයෙහි බහා ගත්හ. නිජ රූප ශ්රී් දර්ශෙනයෙහි බද්ධාදර ඇති ඒ අගනන් ගේ ස්ථානභ්රෝෂ්ට වේශ විලාද දර්ශ නය වනාහි ඉන්ද්රිනය දමනයෙන් යුක්තව යන්නා වූ දමයන්තිය ගේ ප්රා‍සංගික හර්ෂයට හේතුවිය. මෙසේ චිත්තා විෂයාතික්රා න්ත වූ වාග් විෂයාති ක්රා්න්ත වූ ශ්රීම විභූතියෙන් වඩනා ‍රාජ රාගාදිහු නිෂධ රාජමන්දිරයට පිවිසියහ. මේ මහරු සිරිසල් දවල් තිස්සේ නරඹ නරඹා ප්රීිතිමත් වූ සූර්ය දිව්යවරාජ තෙමේ