චිත්‍රා/4 වෙනි දර්ශනය

From Wikisource
Jump to navigation Jump to search
චිත්‍රා
4 වෙනි දර්ශනය

4 වෙනි දර්ශනය[edit]

චිත්රා:- මගේ විරයාණෙනි, මොකද ඔය තරම් ඕනැ කමින් මා දිහා බලා ගෙන ඉන්නේ ?

අර්ජුණ:- මා බලාගෙන ඉන්නේ ඔයා මල් මාලාව ගොතාන හැටියි. සමර්ථාකමයි. ලිලාවයි, නිවුන් සහෝදර සහෝ


32


දරියන් දෙන්නෙකු වාගේ ඔයාගෙ ඇඟිලි තුඩු අතරෙ සෙල්ලම් කරන හැටියි. මා ඒවා බලමින් කල්පනා කරනවා.

චිත්රා:- මොකක් ගැනද කල්පනා කරන්නේ හිමියනි.

අර්ජුණ:- මා කල්පනා කරන්නේ ඔයා ඕවගේම සියුම් ලෙසටත්, ලස්සනටත් . .මගේ මේ රටින් බැහැර ගතක කරන කාලය මල් මාලාවකටක ගොතලා මා ගෙදර ගියාම ඒ දිව්යැමය මාලාව හිස පළන්දන හැටි.

චිත්රා:- ගෙදර? නමුත් ‍මේ ආදරය ගෙදරකට ‍ෙනාවෙයි.

අර්ජුණ:- ගෙදරකට නොවෙයි.

චිත්රා:-

නැහැ - ඒ ගැන කවදාවත් කතා කරන්න එපා. ඔබේ බලයත්, ස්ථිරසාරකමක් නැවත ගෙදර අරන් යන්න. මේ කැලැ මල ඉපදුන තැනම මිය යන්න ඉඩ අරින්න. දවස අවසානයෙහි පරවි යන මලකට දිරා යන කොළ අතරට එක්වන්න ඉඩ දෙන්න. පරවෙන බොළඳ දේ ගැන ගෙදර ගල් පොළොවට කිසිම අනුකම්පාවක් නැහැ.

අර්ජුණ:- අපේ ප්රේ මය එවැනි ‍එකක්ද?


33


චිත්රා:- ඔව්! වෙන එකක් නොවෙයි. ඒ ගැන කණගාටු වෙන්න දෙයක් නැහැ. හුදකලා සමයට අයත දෙය ඒ සමගම ගෙවී යන්න ඉඩ දෙන්න. කාලය අනුව පිට විය යුතු ප්රීෙතියේ දොර වසන විට එය කණගාටුවකට පෙරළෙනවා. ඒ නිසා ප්රිවතිය විඳ සුදුසු කල එය පලවා හරින්න. ගෙවී යන හැන්දැවට ඇති ආසාව පසුදා ලැබෙන හිමිදිරියේ ආසාව ඉක්මවා යන්නට ඉඩ නොදෙන්න. දැන් දවස ගෙවී ඉවරයි. මේ මල් මාලාව පැළඳ ගන්න. මට දැන් බොහොම වෙහෙයයි. හිමියනි, දැන් මා ඔබ තුරුල්ලට ගන්න. අසතුටු කමින් වෙන කනස්සලු භාවය අපගේ තොල් එකතු කිරිමෙන් පලව‍ා හරිමු.


අර්ජුණ:- ෂූ - ප්රෙමිය ඇහෙනවාද ? අර ඇත ගමේ දෙවොලේ සිනු හඬ සැන්දැ සුළඟ දිගේ නිශ්චල ගස් හරහා හොරෙන් රිංගා ගෙන එන හැටි!



34