වනවාස නිඝණ්ඩුව

From Wikisource
Jump to navigation Jump to search
වනවාස නිඝණ්ඩුව
කර්තෘ: සීප්පුකුලමේ දීපංකර

නමව් ලෝනා පද කමල්


ඉසිවර බස ඉගෙන
ගණ අව්සදද දැනගෙන
වන බෙහෙත් මෙලෙසින
කිනම් වෙන වෙන ජාති වෙසෙසින


පෙර ඉසි ග්‍රන්ථය කරපු නිඝණ්ඩූ
සුර වේදීන් කර තිබුණු නිඝණ්ඩූ
වැර කර එළුවට නගමි නිඝණ්ඩූ
නර ලොව නරහට දෙන සෙ නිඝණ්ඩූ


වැන්න හත[edit]


බින්න නොකර මහරිසි කිවිඳුන්නේ
දන්න දන්න පොත්පත් බලමින්නේ
සන්න සහිත පද එළුකර දෙන්නේ
වැන්න හතේ නම ඉන් දැන ගන්නේ


පුස්වැන්[edit]

මුල සිට අගට ම මල් පලද්‍රවය
නෙරළු සුණු සෙ මල් සුදුවන් පාට
කොල සහ මුල් ගෙන සමග විරේකය
පුස්වැන්නේ නම දනුව එසේමය


කිඹුල්වැන්න[edit]

උඩවැල් ඇත බිමටම එන්නේ නැත
පෙති ලෙස ඇත කෑවොත් කසටය ඇත
නැත කීවා දැනගත් පදරුත වෙන
කිඹුල්වැන්න නම දැනගන් සව් සත


විලඳවැන්න[edit]

ඕවිටි වෙල් වල කොතනත් ඇත්තේ
කොල සමගව ඒ පොඩි වැල් ඇත්තේ
විලඳ ලෙසට ඒ පොඩි මල් අට ගත්තේ
විලඳවැන්න නම දැනගන් නිත්තේ


අස්වැන්න[edit]

තුරග පයක් සේමැයි ඒ කොල පත සුනරත් එලෙසට ඒ වැල් කොල ඇත කාටත් සාරවයි කෑ කග පොපියත අස්වැන්නේ නම දැනගන් සව් සත
8

මකුණුවැන්න[edit]

නැටිත් දිගට ඇත ඊ ම බලන්නේ
ගොටුත් ගසාමයි කොලපත එන්නේ
පණුවන්හට එම අව්සද ගන්නේ
මකුණුවැන්න යන නම දැනගන්නේ

9

මුකුණුවැන්න[edit]

දිරූ පෝර සපයා ඇවිදින්නේ
පැන් මුසු බිමෙහිය සොඳට වැඩෙන්නේ
ඉන් ගුණ මෙතකැයි පමණ නොදන්නේ

මු:කුණුවැන්න නම ඉන් දැනගන්නේ

10

වලාවැන්න[edit]

උදාවෙලා එන කලට නැමී මේ
අවරවෙලා යන කලට එසේ මේ
මුදුන බලා සිටි කලට එසේ මේ
වලාවැන්න නම දනුව මෙසේ මේ


ලුණුවිල[edit]

ගසත් නොවෙයි වැල විලසම සිටියා කොලත් එහෙම පෙති ගණනෙම කැටියා ලුණුත් මුසුව සිටි බිම හට ගතියා බ්‍රහ්ම මූලි නම දනු මේ සැටියා

එරඬු[edit]

ගසත් පුරුක් කඳ කුහර තිබේයා කොලත් ඇඟිලි නවයටම බෙදේයා ගෙඩිත් පොකුරු ඒ ලෙසම සිටියා නව ඇඟිලිය එඩරුයි මේ

කුඩාහැඩයා[edit]

කොලත් හීන්වැල සේ මැ යි ඇත්තේ
රත්පාටයි පොඩි මල් අට ගත්තේ
ගස් උඩමයි හිමයේ අට ගත්තේ
කුඩාහැඩය නම ඉන් දැන ගත්තේ

මහහැඩයා[edit]

කොලත් ලොකුයි වැල්සේම තිබේයා
හිම කඳුවලමයි වාස කෙරේයා
ගස් ගල් උඩමයි රෝපන වේයා
මහහැඩයා මේ ලෙසට දැනේයා

කුඩාසුදනා[edit]

සීතල කඳුහෙල් උඩ හටගන්නේ
පුළුන් සේම සුදු පාට තිබෙන්නේ
පොඩි මල් පොඩි ගස්මයි හටගන්නේ
කුඩා සුදන යනු මින් දැනගන්නේ

මහසුදනා[edit]

කොලත් ලොකුයි ගස සුදු පාටින්නේ
එසේම සුදුමල් කොල හටගන්නේ
හිම වනයේමයි වාසෙ කරන්නේ
මහ සුදනා යනු ඉන් දැනගන්නේ

17 කුඩාකළුවා පුරුක් පුරුක් සේමැයි ප වසන්නේ වැලක් සේම කළු පාට තියෙන්නේ සීතල පොළවේ නිතර සැදෙන්නේ කුඩාකළුව නම ඉන් දැනගන්නේ

18

මහකළුවා දණ්ඩ ලොකුයි කොල ලොකුව තිබෙන්නේ වැල් සේමැයි බිම වැතිර තිබෙන්නේ කොළ මල් දඬු කළුවටම තිබෙන්නේ මහකළුවා මෙලෙසට දැනගන්නේ

19 වනරාජ පොඩි ගස් කොළ හතමයි හට ගන්නේ චිත්‍ර වැඩක් සේ කොළ පත ඇත්තේ වටකුරු සේ කොළ මල් හටගන්නේ වනරාජේ නම් ඉන් දැනගන්නේ

20 ගුරුළුරාච රන් පාටින් කොළ ගස්ම තිබේයා ගුරුළු තුඩක් සේ කොළපත ඒයා වන හිමවලමයි වාස කෙරේයා ගුරුළුරාජ නම ඉන්ම පෙනේයා

21 සඳරාජ ඕවිටි වෙල්වලමයි හටගන්නේ සතරැස් සේමැයි සුදට තියෙන්නේ නයි පෙන සේ සුදු මල් හට ගන්නේ සඳරාජේ නම ඉන් දැන ගන්නේ

ඉරරාජ[edit]

පොඩි ගස් වෙල් ඕවිටිවල ඇත්තේ
රන්වන් පාටට ගස් අට ගත්තේ
සතරැස් දාර සෙ ගස්වල ඇත්තේ
ඉරරාජේ නම දැනගන් නිත්තේ

කඳුලැස්ස[edit]

පැන් මුසු පොළවේ මයි හටගත්තේ
අලි සොඬසේ කොළ වකුටුව ඇත්තේ
රෝම සේම පිනි සෙවලව ඇත්තේ
කඳුලැස්සේ නම දැනගන් මත්තේ


වටරැස්ස[edit]

වටේට පෙති සේ කොඏ හටගන්නේ පැන් මුසු පොළවේ වැතිර සිටින්නේ පිනි සේ මුදුනේ මල හටගන්නේ වටැස්ස මේ ලෙසටයි දැනගන්නේ

[edit]

ලෝලු සීරැස්ස කරමැලි ලෝළුද පිරඬෛක්කොඩි නම

                           සීරැස්සට වෙයි දැනගන් ඒ                   නම
ගල්වේරිය                        කල ගල්චේරිය පා 
 ඔලිඳ                                                       ගස් ඔලිඳ        නම
 වැල්කසඹිලිය         කාංචිකොඩි වැල්කහඹිලියා             නම

26 දෙමට කොමුල් කෙමඬන් නන්දෙක දෙමටද හීන්තඹල කුවිලි මිලංගන් හීන් තඹලවද පොල්පලා පුලයාරි පොල්කුඩුම පලාවද ගොන්කැකිරි මෝචික් , වෘෂබය ගොන්කැකිරිය සොඳ

27 නුග න්‍යග්‍රොද, බහුපාද, වනස්පති,

                                                             විශ්ණුශයන මහනුගය            ගසා

බෝ ගස ශාමල, සලදල, ගජආශන,

                                                       බහුපර්ණි, පවිත්‍රක, බෝදි              ගසා

පුලිල පිප්පලි,පර්‍කටි, ඡත්‍රපර්ණි,

                                                        අශ්වත්ථපත්‍රකා පුලිල                   ගසා

කොළොම් කදම්බ, නීපො, දාඩිවෘක්ෂ,

                                                         හලදරප්‍රිය, කොලඹද , කොලොන් ගසා 

28 තිඹිරි තිබුගස්, කළුකඳ, ශීතිසාරිකා,

                                          තින්දුක, තිඹිරිය ගසට   යෙදී

බෙලි මංගල, මාදුර ,මහාකපිතතක,

                                            බිල්ව මෙනම් බෙලි ගස පෑදී

දිවුල් දදිපල, කපිත්ත සුගන්ධිකා ,

                                             චිරපාකී, ගිවුලට නාම යෙදී

කෙළිඳ කුටජ, ශක්‍රපාදප, ගිරිමල්ලික,

                                             වත්සක, කෙළිඳට දනුව සුදී

29 කුරුඳු කුන්දර , කුන්දුරු, කුන්දු , විඩාලා

                                                  යන නම් තුන්පත් කුරඳු  වෙතී

කොහොඹ අරිෂ්ට, නිම්බශ්, යවනේෂ්ටශ්,

                                                    පිචුමර්‍ද , මාලකා  කොසඹ වෙතී

මුරුංගා බදරී , කෝලි , කුවල , ඩෙබර

                                                          නම මූලපත්‍රි මුරුඟා කියතී

අඹ පුෂ්පමංජරී , වසන්තදූත ද

                                                           ආම්‍ර , මනු , අඹ නම පැවතී


30 බැවිල බලා ,අතිබලා ,කාල, සීතලා

                                                                  යන මෙනම් බැවිලට නියමා

බිම්බැවිල බූමිබලා , බම්බැලිලට නම් වෙයි අරලිය හයමාරක අරලියට නමා මුහුණමල් සිංහකේශරඃ , කේෂර , වකුල ද

                                                                     මූණමලට මේ නම්  නියමා

පලොල් ස්ථාලි , පාටලි , පලොලට නම් විය සපු හේමපුෂ්ප ,චම්පක සපුමා


31 කුණුකරඳ කලිමාරක යනු සිරිලට නම් වෙයි

කුරුඳු                                                          ලමග කුරුඳු ගසටම නියමී

ඇහැල එරහැඳි , රජරුක, ස්වර්‍ණපුෂ්පිකා ,

                                                                    දික්පල, රේචක,ඇසල නමී

පලොල් වසන්තදූති, අම්බුවාහිනී,

                                                               තාම්බ්‍රපුෂ්පා , පලොල්      නමී

එරබදු පාරිභද්‍ර, මන්දාර , නිම්බතරු,

                                                                 රක්තපුෂ්පි, එරබදුය        නමී

32 කුඹුක් නදීසජී, කකුභො (ද) වීරතරු,

                                                                  අර්‍ජුත යන නම් කුඹුකට      කී

බලුදං කාකජම්බු, නාදෙයි , බලුදම් නමි මාදං සුරබිපත්‍රිකා, මාදම් කී මඟුල්කරඳ නක්තමාල , මංජුරීපුෂ්පිකා,

                                                                කරංජ යන නම් කරඳට          කී

මීගස මධුෂ්ඨිල , දෝලාපල , තීක්ෂ්ණසාර

                                                                            මධුක මීගසට         සකී

33 ඉඹුල් පූරණ , මෝචා , රක්තපුෂ්පිකා,

                                                                  පිච්ඡිල , ශාල්මලී , ඉඹුල්   නමී

කතුරුමුරුංගා කුම්භයෝනි , මුනිශාක, මුනිද්‍රැම,

                                                                          කතුරුමුරුංගා දනු   නියමී 

තොටිල භූතික , ශෝණක, ටුංටුක, මහද්‍රැම,

                                                                        මයුරජඞ්ගා , තොටිල   නමී

ඇද්දෙමට භද්‍රපර්ණි, මධුපර්ණි, කාශ්මරී,

                                                                     ගම්භාරි , ඇත්දෙමට       නමී


34 මදිටිය ශ්‍රීමාන් , රෝහිණි , ශෝමවල්ක ,

                                                                  කට්ථල, රත්බිජු , මදිටිය ගස   කී

මයිල ධාතුපුෂ්පිකා, මදහේතුඃ , ධාතකී,

                                                                                සුභික්ෂා මයිල       සකී

ලොත් තිල්ව , මාජිත , වල්කශාවරෝ,

                                                                       ශාලව, ලෝධ්‍රා ලොත් ගස  කී

ලුනුවරණ තික්තසාක , කුමාරක , සේතුයි, ස්වේතපුෂ්ප ලුනුවරණ සකී

35 බුත්සරණ පුත්‍රජීව , සුතජීව , පවිත්‍රෝ,

                                                             මුණිසිද්ධිය බුත්සරණ         නමා 

ඉඟිනිඇට අම්බුප්‍රසාදනී, ශ්වෙතනීය, කතකඃ ,

                                                               චක්ෂුස්‍යො ඉඟිනි             නමා

නා ගස කාඤ්චනා , කේශරො , චාම්පේය,

                                                             නාගකෙශරය නාගස              මා

මොර පිලූක, ගුඩථල, ස්‍රංසි , බහලත්‍වච,

                                                              පීලු නම් මොරගස           නියමා


36 කොබු නොනේමී, රතිමුක්තක, රතද්‍රැ,

                                                                 චක්‍රපූර්‍ව කොබුගස නියම    යි

මහරි සිරීශ , මුණිප්‍රිය , වෘත්තප්‍රෂ්පකඃ

                                                                     යන නම් මහරී ගසට නම   යි

කෑල පලාශ , කිංශුක , බ්‍රහ්මවෘක්ෂ ,

                                                                    ත්‍රිපත්‍රක රත්කෑරලට වූ නම  යි

ලොත් තිරීට , ශාවර , පට්ටි, ලාක්ෂා ,

                                                                     ලෝධ්‍ර , ගාලව හෙළලොත්ම යි


37 අන්දර සාරවීරතරු, දීඝර්‍මූල ,වෙල්ලන්තර අන්තරතර

                                                                                   අන්දර ගස යි   දනු

සල් සාලශ, සර්‍මා , දීර්‍ඝවෘක්ෂ ,බලාගාර

                                                                              මෙනම් සල් ගසයි  දනු

අරළු අභයා ,පත්‍යා, හරීතකී , දීපනී,

                                                                                  ශිවා අරළු යයි   දනු

භූර්‍ඝපත්‍ර භුරිස් ,චර්මී ,මෘදුකත්ව, ස්ථිරච්ඡද,

                                                                                         බුජබුරුද    දනු

38 බුළු අක්ෂ , කර්‍මපල, භූතවාස, තුෂ ,

                                                              නන්දිවෘක්ෂ බුළුගස්  වන්නේ

නෙල්ලි පඤ්චරසා , ආමලකී, මෘතඵල,

                                                             ආමණ්ඩකී නෙල්ලිය  දන්නේ

කිහිරි ඛදිර , ශල්‍ය, ගායත්‍රි, දන්තධාවන

                                                                    යන නම් කිහිරිය වන්නේ

රුක්අඟුන දීර්‍ඝපත්‍රිකා , ස්නේහවීජ , අඞ්කෝල

                                                                     ස්වරත , රැකඟුන වන්නේ

39 හුන ත්වචිසාර ,කර්‍මාර , තෘණධ්වජ , යවථල,

                                                                          තෙජන හුන ගස  කී

රුක්අත්තන සප්තපර්ණි , කටුගන්ධික, සතපත්,

                                                                  යුග්මපත්‍ර , රැක්අත්තන කී

ගැටනිටුල් ඵලිත , ගොජී, ගෝජිහ්ව ගැටනිටුල්

තිපල්                                                                උත්තම , ත්‍රිඵලය තිපලට කී

බදුල්ල භල්ලාතක , රුචකෝ, අර්‍ශඝ්නෝ

                                                                               වීරවෘක්ෂ ඈ බදුලට  කී


40 කිරිපළු වානරප්‍රිය, වත්සාදිනි, ක්ෂත්‍රිය,

                                                              රාජාදනපල, කිරිපළු මා

ගස්කෑලිය ගාංගෙරැකී , නාගබලා, කන්දාරිෂ්ටා

                                                                             ගස්කෑලි නමා

දිඹුල් උදුම්බරා , චක්ෂුරෝ, ගජාශන,

                                                           හේමදුග්ධ යනු දිඹුල් නමා 

කොබෝලීල කෝවිදාර, කුද්දාල, යමලපුෂ්පක,

                                                            චමරික කොබෝලීල නමා

41 කටුකරඬු ශෛරීයක ,සහචර , කොරණ්ඩො ,

                                                         මෘදුකණ්ටක ,කටුකරඬු  සකී  

උනිඳ කාකනන්‍දිකා, කෘෂ්ණරක්තිකා

                                                             ගුංජා , සිළුමිණි ඔලිඳට  කී

ඇට කෙසෙල් බහුබීජක , මෝචා ,පාර්‍වති

                                                           බීජකදලි ,ඇට කෙසෙලට කී  

උක් රසාල, ඉක්ෂුර් ,ගුඩමුල,අසිතපත්‍රක

                                                                     මහරස උග් ගසටම කී 

42 සිහින් මිදි අග්නිමන්ථ ,ශ්‍රිපර්ණි ද කණිකා,

                                                     වෛජයන්ති යනු සිහින් මිදියි

දළුක් මුද්ගපුෂ්පි, නිස්ත්‍රිංශපත්‍රිකා ,

                                                                සමන්තදුග්ධා දළුක් ගසයි

කළුකැම්මේරිය කාකමාචි , කුට්ඨග්නි , බහුපල,

                                                                    සර්‍පමාරි කළුකැම්මේරියි

හෝපළු අශෝක , වංජලමාලි , සුපුෂ්පක,

                                                              කඞ්කෙල්ලී හෝපළු නියමයි

43 රම්මනිස්ස තෙජෙවතී, බර්බරිකා ,රාමා, තරුණි

                                                                         යනු රම්මනිස්ස වෙත්

උඩත්තා නිර්‍ජර, ඣරසී, කපිත්ථපත්‍රා ,

                                                                      යවපත්‍රිකා උඩත්ත වෙත්

අක්මැල්ල නදීකාන්තා, කරාල,කාමුක, කාලමාල අක්මැල්ල කියත් රේරු කර්‍කෝටී, විෂමුෂ්ටි, ක්ෂයාවහ,

                                                                   කේශමුෂ්ටි රේරුවට නැමැත්

44 පුවඟු ගෝවන්දනී, කාරම්භ, මහිලා , ශ්‍යාමා,

                                                                        ප්‍රියංඟු පුවඟුවට නමා

අමුක්කරා අශ්වගන්ධ,කුලවා, කුලඞ්ගණා

                                                                  අමුක්කරා යයි දනු  නියමා

කලාඳුරු මුස්ත, ගාංගෙය, කුරුවින්දක ,මේඝය

                                                                    යන නම් වම්මුතු නියමා

සැවැන්දන උශිර ,ලාමාජ්ජක, සමගන්ධික සැවැන්දනට මේ නම් නියමා

45 කෙසෙල් රඹ සහ කදලිය , කෙසෙල්ගසයි දනු සාබෙටි මුසල්පහර ,සාබෙටි නියතී අහු පීතසාර , රෝහිෂ , කුණ්ඩල අහු යයි කියතී ඩෙබර බදරෝ, බදරී, කෝලී ස්නිග්ධ, ඩෙබර ගස කී නැතැතී පොල් නාරිකේලි, මහපල,ඛානෝදක, ජලපල යනු පොල්ගස කියතී


46

වේලා බස්තගන්ධ,අපගන්ධික,කවරී,

                                                                        පශුගන්ධා,වේලා ය           නමී

වැල්පෙනෙල ශ්‍යාමා,කාලී,කාලමෙෂිකා,

                                                                   පාලින්‍දී වැල්පෙනෙල             නමී

තල් තාල,ස්වාදුථල,දීර්‍ඝතරු,ගුඩ,

                                                                    ජලජ මෙනම් තල් ගසට        නමී

බඳුවද බන්ධුජිව,බන්ධුකෝ,රක්තක

                                                                        යන මේ නම් බඳුවද ට       නමී

47

සිඟුරුපියලි චෝරක,ක්ෂේමක,කර්‍චූරක,ද්‍රාවිඩක

                                                                                  සිඟුරුපියලියට මෙ          නම්

ලප්නාරං මාතුලුඞ්ග,රුචකෝබීජා,වලපූරක,

                                                                        ලූංගෝ                             ලප්නාරම්

තෝර චක්‍රමර්‍ද,කනකා,මෝචෝ,

                                                                  මේසාක්ෂි,කුසුමස් තෝරට              නම්

වණුවැල් කටංකටේරී,දාරු,දාර්වී,

                                                                හේමහරීතක වෙනිවැල්                     නම්

48

මහසාරණ ස්වේතපත්‍ර,සෝථග්නි,පුනර්‍නව

                                                                          ස්වේනමූල මහසාරණ             කී

පුවක් කංජර,කෂාය,ලඝුපුෂ්පං,

                                                               ක්‍රමුකං යන නම් වේ පුවක්               සකී 

මුද්‍රිකථල ගෝස්තනී,මධුයෝනි,ස්වාදුපල,

                                                                          ද්‍රාක්ෂා,මිදි මුද්‍රිකය                සකී

හිරමුසු ගෝපි,ශාරිවා,සුගන්ධමූලා,

                                                                    ශිශිරා,ශ්‍යාමා හිරමුසු                    කී

49

වැටකේ භෘඞ්ගප්‍රියා,චපලා ද කේතකී,

                                                                     ඍෂී යන නම් වැටකේ               වේ

ඉඳිගස ඛරස්කන්ද,ඛජුර්‍රි,මධුරමර්‍ජක,

                                                                     දුශ්පර්‍ශා හිඳිගස්                          වේ

කීනදොඹ සුරපුන්නාගා,දේවවල්ලභා

                                                                    කීනදොඹට මේ නම කී              වේ

නික සින්ධුවාරිකා,භූතාවේශී,නිගුර්‍ණ්ඩි,

                                                                            වරද,නිකගස්                     වේ

50

අරත්ත රැත්ත අරත්තය කොල්ලන්කොල තමාලපත්‍රය,ලොමාසං කොල්ලන්කොළ මා තුවරලා තගර තුවරලා ගුගුල් මරභව ගුගුල් ය කුංකුමප්පු කුංකමප්පු මල්සඳුන් නමා සියඹලා අම්ලපූර,ශාකාම්ල,තින්තිඩි,

                                                                     විෂඝ්න යනු සියඹලා             නමා

කෝමාරිකා කුමාරි,කන්‍යක,පත්‍රමජ්ජකා,

                                                                      දණ්ඩපුෂ්පි කෝමාරි             නමා

51

වැටකුළු කෝසාතකී,ජාලිනී,කෝෂාඵල,

                                                                          ධාමාර්‍ගව නම් වැටකොළු        වී

ඉද්ද මරීචි,විජයං,භූපාදි,තෘණසූන්‍ය,

                                                                         මල්ලිකා ඉද්ද ය                     වී

කිණිහිරි වෘක්ෂොත්පල,පරිව්‍යාධ,කර්ණිකාරය,

                                                                                    සුගන්ධ කිණිහිරියට    වී

රණවරා ආකුලි,සාරදි,හේමද්‍රැම,ත්වචඵල

                                                                            යන නම් රණවරාට              වී

52

රත්නිටුල් චිත්‍රක,පාචක,දද්‍රැෙවෙරි,

                                                                     ස්ඵෝටක යනු රත්නිටුල්               නමා

රසතැල් නාගිනි,ශූලිනී,නාගවතී,ලක්ෂ්මණ,

                                                                                  කඵා,රසතැල්ල                නමා

දෙළුම් රක්තකුසුම,සුකවල්ලභ,දාඩිම,කරක,

                                                                                      වරක යනු දෙළුම්         නමා

කපු තුංඩිකේරි,කර්‍පාස,නග්නජිත්,

                                                                           සූත්‍රපුෂ්පික කපු ගස                   මා

53

හෙළවරා ක්ෂීරිපර්ණි,ගණරූපි,සමීරණ,අර්‍ක

                                                                          හෙළවරා මලින්                     සුදී

දොඹ පුන්නාග,පුරුෂකේශර,අනන්තකම්,

                                                                         පුවඟු මෙනම් දොඹ ගස       පැහැදී

බිම්කොසඹ කිරාතතික්තා,කුමාරකා,භූනිම්බ

                                                                       මෙනම් බිම්කොසඹ                  සුදී

හීන්නාරං නාගරංග,ඓරාවත,නාරං, සිහින්මිදි ශ්‍රීපර්ණී යනු සිහින් මිදී


54

රසකිඳ ගුඩුචි,කුණ්ඩලි,බ්‍රහ්මලතා,අමෘතා,

                                                                     ධාරා රසකිඳ                       කියතී

දූදු කංගුණිකා,පාරාවතපදි,ලවනා,

                                                                 හිංගා දූදුවට                             වෙතී

සාතාවාරිය ශතමූලී,නාරායන,ශතාවරී,

                                                           එණිදිව් සාතාවාරි                           වෙතී

ලබු ලාබුස්තුම්බී,ලබුවට නම් වේ නිවිති උපෝදිකා දනු වැල් නීතී


55

කුකුරුමාන් මදන,වමන,කරහාටක,පිණ්ඩී,

                                                                        විෂපුෂ්පක යනු කුකුරුමුවන්

කරඹ ශීතපුෂ්පි,කරමර්‍දක,සුසේන,

                                                                   කෘෂ්ණ,පාකථල,කරඹය     දන්

අවරිය නීලි,දෝණි,දෝලා,රංජිනි,

                                                                    මධුපර්ණී අවරිය ගසට   මෙවන්   

නෙළුම් සරසීරුහ,සාරය,උත්පල,අරවින්ද,

                                                                               කමල,රාජීව      නෙළුන් 

56

දෙසි අම්ලා,වරඵල,ලිකුච,වෘත්තඵල

                                                                යනු දෙසි ගස බව                දැනගන්නේ

එළබටු බෘහති,හිංගුලි,සිංහි,රාෂ්ට්‍රකී,

                                                           ශිර: මෙනම් එළබටු                        වන්නේ

ඉරිවේරිය ශ්‍රීකර,පිංගල,චාලක,වාලෝ,හ්‍රීවේර

                                                                         ඉරිවේරිය                        වන්නේ

අත්තන මදන,කනක,උන්මත්ත,ධුස්තුරො

                                                                    කීවොත් අත්තන              අරගන්නේ

57

බෝලිද්ද යූර්‍ථ,යූර්‍ථකා,බාලපුෂ්පිකා,

                                                           වනමාලී යනු                               බෝලිද්දටා

තැල්ල ගාරවල්ලිනී,කටුක,වායසී,

                                                             කාකතික්ත යනු                          තැල්වලටා

කොස් පනස,මූලඵල,මෝචා,කංටකිඵල

                                                                      යන නම් කොස්                 ගස්වලටා

දුම්මැල්ල පටෝලකා,තික්තක,කටුතික්තා,

                                                                                                             දුම්මෑල්ලටා

58

මුරුවා මූර්‍වා,දේවී,මොරට,තේජතී

                                                           මධූලිකා,මුරුවා                             තෙපලී

කීකිරිඳිය භෘඞ්ගරාජ,නෙකරාජ,භාංග යනු

                                                            කීකිරිඳිය බව දනු                        නොමැලී

කරවිල කාරවල්ලිකා,බාසුකල්ලිකා කරවිල

                                                             දනුමැන නොව                             කුහුලී

වරා අර්‍ක,ශෝණ,රණරෑප,විකීරණ,

                                                              ශුක්ල,වරාගස මය                       නිමලී                    

59

කරපිංච කාලශාක,කුමුදිකා,සුරබි,කළුනිඹ

                                                               කරබෙඹි කරපිංච                   නමා

කංසා මෝහී,මදකාරී,ගන්ධාරී,ජයා

                                                              පිංජයා,කංසා                             මා

එරඬු පසඟිලි,චිත්‍රක,වර්‍ධමාන,නිස්සාර,

                                                              මණ්ඩ එරඬුවට                        නමා

වදමල් රුද්‍රැපුෂ්ප,ශිවපුෂ්ප,වදට නම් බඳුවද බන්ධුජීව බඳුවදට නමා

60

රටතෝර කාසමර්‍ද,කාසාරි,පීතපුෂ්පක,

                                                         කර්‍ෂක,රටතෝර                       වෙතී

වතුසුද්ද වතුසුද්දට නන්දාවෘත්තය නම් ගිරිතිල්ල බානදාසි ගිරිතිල්ල වෙතී ආපසුමදු රාජබලා,සරණා ආපසුමදු ත්‍රස්තවාලු ත්‍රස්තවාළු සර්‍වනුභූතී හෙළදම් දාහනාසනී,වෘත්තික,කණ්ඩුර,

                                                            මධුපර්ණික හෙළදම්             නියතී

61

සඳුන් ගන්ධසාර,ගෝශීර්‍ෂ,උරගප්‍රිය,

                                                        තෛලපර්ණිකා,                      භද්‍රසිරී
                      නරෙන්ද්‍රභෝග්‍යං,මලයජ,චන්දන,
                                                         සුසාර,හිම සඳුනට                    මිහිරී

කහකටුකරඬු කුරුංටකඃ යනු කහ කටුකරඬුය රතුකටුකරඬු කුරවක රතුකටුකරඬු සිරී ඌරල තාලපත්‍රිකා,ඌරලයට වෙති

                                                        තව ද ඊ නම්                            ඛජූර්‍ රී

62

සේපාලිකා තාම්‍රවෘන්තිකා,රක්තමාලි,සුවහා

                                                            යනු සේපාලිකා                   නමා

ලෝළු බහුවාහක,උද්දාල,සීත,ගුඩවෘක්ෂ,

                                                            ශේළු,ලෝළුවට                   නමා

වතුසුද්ද නන්ද්‍යාවෘත්ත ද චතුර්‍දලය යන

                                                             නම් දෙක වතුසුද්දට          නියමා

තලා සුරසා,ශ්‍රිධර,තුලසී,බහුමංජරී

                                                            භූතක,ගෘහී තලා                  තමා

63

කළුතලා කෘෂ්ණතුලසි,ගෝපලික,

                                                      ශ්‍රීනිර්ගුණ්ඩි,ව්‍රණක              කළුතලාවටා

පුසුල් පුෂ්පලතා,ඵලවල්ලි,වල්ලිකා,

                                                       කුෂ්මාණ්ඩ නම්                       පුසුලයටා   

නෙරෙංචි ඵලකංසා සහ ඉක්ෂුගන්ධ නම්

                                                       නෙරෙංචියට පවසති                  මෙරටා   

මුඩමහණ හපුෂා,විපුලා,වජ්‍රා,විෂඝ්නි,

                                                             විෂදූෂණී                    මුඩමහණයටා      

64

දේවදාලිය දේවදාලි,චර්‍මකා,ගාඪමෝහිණී,

                                                                   ගන්ධපත්‍රි අඳුතලා            නිමල්

පතුක් ස්වානජිව්හ යනු හා මෘදුවිරේචනි,

                                                                  කපත්‍ර නම් පතුකට            කියතී

වංඇපල සිංහපර්ණි,වෛද්‍යමාතා,වාසක

                                                                  යන නම් වංඇපල               වෙතී

තව ද ඊට ආඩාතෝඩා සහ

                                                     අගල්ලාදාරය යන නම්                    කියතී

65

අඳුතලා විශ්වගන්ධ,පර්‍ණව,ශීතාර්‍ජක,

                                                        ගන්ධපත්‍රි අඳුතලා                         නිමල්

ගොඩමානෙල් අර්‍ථප්‍රසාධනී,දේවසභා,සහදේව,

                                                         දේවි යනු                            ගොඩමානිල්

රත්නෙළුම් ශ්‍රීනිකේත,රක්තෝත්පල,ශ්‍රීකර,

                                                         අග්නිකේත,කොකනද               රතුපුල්

නිලුපුල් සූර්‍ය්‍යබන්ධු,ශශිප්‍රිය,ඉන්දීවර,කර්‍ණපූර

                                                                   කුවලය                           නිලුපුල්                              
       

66

කටුවැල්බටු නිදිග්ධිකා,කුලී,කණ්ටකාරිකා,

                                                                     ප්‍රෙචා්දනී කටුවැල්       එ බටු

වම්බටු මහාවාර්‍තාකිනී,මහාඵල,බෘහතී,

                                                                   භාණ්ඩාකිනි නම් එ        වම්බටු

තිබ්බටු ක්ෂුද්‍රවාර්‍තාකිනී,නිදග්ධි,බහුපත්‍රික යනු

                                                                                                     එ තිබ්බටු

ඉකිරිය පලංකාෂා,ගෝකණ්ටක,ඉක්ෂුර

                                                                 ඉකිරි නමැයි දනු සිතින්          තුටු

67

බිම්බැවිල භූමිබලා,ඍෂ්‍යගන්ධා,ඍෂ්‍යාපේශී

                                                                  යනු                          බිම්බැවිලා

නිල්තම්පලා ශාකවාස්තුක,ශාමවාස්තුක යන

                                                      නම් දෙක නිල් එ                     තම්පලා

රත්තම්පලා රක්තවාස්තුක,ජීවන්තක,ජීවන්ත,මසක,රත් එ තම්පලා පොල්පලා නාගජිව්හ,පාෂාණභේද,අශ්මඝ්න

                                                                               පොල්පලා දනු නුමුලා

68

කරල්සැබෝ අපාමාර්‍ග,ප්‍රත්‍යක්පර්ණී,ඛරමංජරි,

                                                                           මයුරක සැබෝ    නමා

දැත්ත නිකුම්භ,චිත්‍රා,උපචිත්‍රා,ඒරණ්ඩඵලා

                                                                         දැත්තට                නියමා

කුප්පමේනිය මාර්‍ජාරමෝහිනී,රූප,හරිමංජරි

                                                                       යනු එ      කුප්පමේනියමා

හෙළනෙළුම් ස්වර්‍ණබීජ,ශුචිපර්ණි,සුපත්‍ර ද

                                                                   මංගල,සුගන්ධි හෙළනෙළුමා

69

මුංමුන්න මර්‍ජාරගන්ධිකා,ක්ෂුද්‍රසහා,කාකමුද්ග

                                                                යනු              මුංවැන්න යි

මස්වැන්න මාංඩුලා,පුච්ඡිකා,සිංහවින්න

                                                               යනු                මස්වැන්නයි

අස්වැන්න සාලපර්ණි,ත්‍රිපර්ණී,සෞම්‍යා,

                                                                     විදාරිගන්ධා අස්වැන්න යි

පුස්වැන්න චිත්‍රපර්ණි,සහ පෘෂ්ණපර්ණි,ධාවන්ත්‍ය,

                                                                 සුමති යනු පුස්වැන්න        යි




70 වලාවැන්න හංසපාදි , රක්තපාදි,කීටමාරි වලාවැන්න මකුළුවැන්න සත්‍යනාම, පෘථක්පර්ණි,මුද්‍රි, ශ්‍යාම

                                                                   මකුණුවැන්න

කිඹුල්වැන්න ස්වස්තික,සුනිෂණ්ණක නම් දෙක

                                                              පවසයි කිඹුල්වැන්න

මුගුණුවැන්න සෝමවල්ලි, මීනාක්ෂි, මත්ස්‍යාක්ෂි මුගුණුවැන්න

71 ඇඹුල්ඇඹිලිය අම්ලපත්‍ර, සුනිෂණ්ණක,පත්‍රක,

                                                      චුක්‍රික ඇඹුලැඹිලිය වන්නේ
                         පිත්තඝාති , පර්‍පටක,ශීතප්‍රිය,
                                                      සූක්ෂ්මපත්‍රි පැපිලිය දන්නේ

වක්නිය ව්‍යාඝ්‍රනඛ, නාසා, ව්‍යාඩායුධ, චක්‍රකාර වක්නිය වන්නේ දියබෙරලිය වාතහරො, බහුපත්‍ර, පෝටතල,

                                                       විෂාරි දියබෙරලිය දන්නේ

72 සාදික්කා ජාතිකෝෂ, ධාවන, මාලතිපල,

                                                         සුමන, ජාතිකා සාදික්කා

කොබෝවක්කා සූර්‍ය්‍යභක්තා, සුවර්‍චලා

                                                              කොබොවක්කා

පිටවක්කා ඣටා, ශිවාතාලී, තාමලකී, බහුපුත්‍රා

                                                               ශිව පිටවක්කා

කෝමාරිකා ශිතසභා,චක්ෂුස්‍ය, කුමාරි,

                                                          දණ්ඩපුෂ්පි යනු කෝමාරිකා

73 පුහුල් කුෂ්මාණ්ඩකී, පීතපුෂ්පිකා, එලවල්ලි,

                                                          වල්ලිකා පුසුල්

පික්මල් දේවිලතා ,ලඝු, සරුත්මාල, ස්පෘක්කා,

                                                         පිසුනා වේ පික්මල්

වලඟසාල් චිත්‍රතණ්ඩුලා, මෝචක,විඩංග, වෙල්ල,

                                                      ජන්තුහෘත් වලඟසාල්

එංසාල් චන්ද්‍රබාලා, බහුලාර්‍ජනී, පෘථ්වික,

                                                       සුගන්ධි වේය එන්සල්

74 ලබු ලාබුස්තුම්බි, කටුස්තුම්බී,තුම්බ්‍ය,

                                                    ජලාබුජ වේය ලබූ

තිත්තලබු කටුතුම්බී, කටුතික්ත, විෂාපහ,

                                           පිණ්ඩීඵල යනු තිත්තලබූ

යොහොඹු අතිමුක්තක, මාධවීලතා, වාසන්තී,

                                               සුරාශ්‍රය වේ යොහොඹූ

කරාබුනැටි ලවංග, භෘංගා, දේවකුසුම, ශ්‍රීපුෂ්ප,

                                                     වරාලක වේ කරාබූ

75 කැකිරි කර්‍කටී, ශිතලා, වාලුඞ්කි,චිර්‍භටි, මූතල,

                                                            ස්වාදුරෝමසා කැකිරී

මහගොන්කැකිරි ඉන්ද්‍රවාරුණික, චිත්‍රඵලා, ගෝඩුම්බා,

                                                           මෘඪ, මහගොන්කැකිරී

හාතාවාරිය නාරායන, එන්ජිහ්වා පීවරී, අභීරුකා ශතාවාරී ලියනඟලා ලියනඟලා බව දනු කීවෝතින්

                                                           අග්නිශිඛා, හරිණි, ක්ෂරී

76 කටුරෝහිණී කටුකා, රෝහිණි, කට්වී, තික්තා,

                                                          කටම්භරා කටුරෝහිනී

පීතකරෝහිණී රෝහිණී, පීතක, පීතකරෝහිණී,

                                                         නේත්‍රෞෂධ, පීතරෝහිණී

අරත්ත නකුලි, සුරසා, ගන්ධනාකුලී

                                                     අරත්ත බව දනු නුවණැතිනී

සතපුෂ්ප අමරපුෂ්පිකා, බහුලා, මිසි, ශත

                                                         සතපුෂ්පට මේ නම් යෙදුනී


77 රන්වන් සඳුන් නාරායනප්‍රිය, පීතචන්දනා,

                                              හරිචන්දන, රන්වන් වූ සඳුන්

රත්සඳුන් රක්තසාර, පත්තංග,කුචන්දන,

                                                තිලපර්ණි යනු එ රත්සඳුන්

කොකුම් කාශ්මීරජන්මා, අග්නිශිඛ, පිශුන,

                                                   රක්තසංකෝච කොකුන්

සුවඳකොට්ටන් උත්පල, කුෂ්ඨක, ව්‍යාධි, පාරිභව,

                                                      අගද, වාප්‍ය, පාකල කොට්ටන්

78 සිද්ධිඟුරු ශුණ්ඨි, චිත්‍රක, හෙෂජ, නාගර,

                                                  විස්ව, මහෞෂධ සිද්දිඟුරු

අමුඉඟුරු ආද්‍රර්‍ ,නාගර, ශෘඞ්ගවේර,ආද්‍රර්‍ක

                                                    යන නම් වෙති අමුඉඟුරු

දුරු අජාජී, ජීරක, දීප්‍ය, දීප්‍යක,

                                                        විද්‍යාමාන, ජර, ජීර්‍ය්‍ය දුරු

කළුදුරු කෘෂ්ණජීර, සුෂවි, කුංචිකා,ඝෝෂා,

                                                                ජීරක කළු වු දුරු

79 ගජතිප්පිලි හස්තිපිප්පලී, කෝලවල්ලි, කපිවල්ලි,

                                                                              ශ්‍රේයසී, ඇත්වගපුල්

තිත්පිලිමුල් පිප්පලිමූලං, කෝලමූල, කටුග්‍රන්ථි,

                                                                             කණාංඝ්‍රි තිප්පිලිමුල්

තකුල් බහුබීජක, තක්කෝල, කෝෂඵල,

                                                                කටුඵල, කෝලක, නීප තකුල්

අගිල් වංශික, ලෝහක, අශිත, ධනක,

                                                                  රාජාර්‍හ, ජොංගක, අගුරු අගිල්

80 කපුරු ජටිලා, හිම, ඝනකාර, තුහින,

                                                    හිමවාලුක, කර්‍පරං කපුරු

කස්තුරි ගන්ධවල්ලිකා, මෘගනාභි, මෘගඅඩංජ,

                                                                      දර්‍පං කස්තුරු

සිවංගුරු ගෛරික, ගිරිමෘද්, ධාත්, සෞම්‍ය, කාංචන,

                                                            භූෂණ යනු සිවංගුරු

පොඬරු පෞණ්ඩර්‍ය, චක්ෂුස්‍ය, මූලසාදන

                                                      නම් පවසන්නේ පොඬරු

81 වැල්මදට කාලමෙෂිකා, රක්තචන්දනා, මංජිෂ්ටා

                                                           යනු වැල්මදටා

බෝදිඇට සෝමවල්ලිකා, සෝමරාජි, බාකුචි,

                                                        කෘෂ්ණාඵල බෝදිඇටා

අබ රාජික, රාජි, කටුක, ආසුරී,

                                                          භූතනාසනා අබ වලටා

මුවකීරිය සෝමවල්ලි, මහගුල්ම, රෝහිණී,

                                                        සෝම, ක්ෂීර මුවකීරියටා







82 රුක්අත්තන   සත්පත් ,ඇත්කඳ, රුක්අත්තන නමි මිදෙල්ල       නිචුල මිදෙල් ගස් පළොල්                             අමෞඝ පලොල් බෙලි                                  සිරිපල යනු බෙලි  නික                                          එරබදු සිඳුවර නික ඉඹුල්                                         සලමලිය ඉඹුල් තිඹිරි                 කළුකඳතිඹිරිය නුග                               වට බහු පද නුග   කුඹුක්                                    අඳුන් කුඹුක් අට්ටික්කා                                   චක්ෂු , නොමල් දිඹුල් කෑල               බඹරුත් කෑලය කුරුඳු            ලමග කුරුඳු කොහොඹ      නිඹ කොසඹ කොස්                          පනා කොස් දෙල්                                 ලබදූ දෙල්   83 කපුරු        සසඳර . නිසයුරු, සොමි, සිසි. සේකර,                                          තරිඳු,රෙහෙනිසුරු, ඉඳු කපුරු ඉරිවේරිය  අප, අමරස,දල,දිය, කා,නී,පැන්,                                                           ඉරිවේරිය බව දනු මහරු කහ                       නිසා, තියමු, රෑ, කසා, කහය දනු කීකිරිඳිය                          බිඟු ,මීපා,කීකිරිඳි             සරු කලාඳුරු                      පියවුරු, දලදර, වලා,පැදුම්,ගණ,                                                       වම්මුතු යන නම  කලාඳුරු   84 තිත්තවැටකොළු   කටුකෝෂාතකි, පටෝල, ඝෝෂක,                                                           යන නම් දෙක තිත්තවටකොළු වැල් කරවිල                       කාරවල්ලිකා.බහුවල්ලි,සුශ්වී,                                                                       දෞර්‍වල්‍යක කරවිල වැල් වැල්තුඹ                    කර්‍කෝටක,කර්‍කෝටි, සුපාක,                                                            කරභී, ශුකාශ වල්තුඹ වැල් කටරොළු        ගිරිකර්ණී, අපරාජිත, විෂපහ,                                                     ආස්පෝතා යනු කටරොළු   වැල්   85 වැල්කසඹිලිය     දුරාලභා, කච්ඡුරා, අනන්තා,                                                      ධන්වයාස, කහඹිලියා  වැල් කෙම්වැල්    තුණ්ඩිකේරියා, රක්තපලා,පීලු,                                                         පර්‍ණ,බිම්බී යනු කෙම්වැල් සුවඳඅගිල්    සුගන්ධාගුරු, මල්ලිගන්ධියා                                                              සමන්පුප් සෙ සුවඳැති වු අගිල් ගුගුල්     කෞශික,මරභව,ශිවප්‍රියො, මහිසාක්ෂ,                                                               ගුග්ගුලු, ඛලක ගුගුල්   86 සුදුළූණු       රසෝන, අරිෂ්ට,ලසුන,මහෞෂධ,                                                    ආශුර, ශුක්ලක,හෙළලුහුනූ රතුළූනු        සුගන්ධා,පලාණ්ඩු, කුලාක්ෂ,                                                      දීර්‍ඝපත්‍රිකා යනු රතුලුහුනු නාමල්රේණු    චාම්පේය,නාපුෂ්ප, කාංචන,කනක,                                                          හේම නාමල්රේනු සුවසලුණු     සෞවර්‍චල, රැවකං,සුගන්ධ,                                                සුඛවර්‍ධක, සර්ජික සුවසලුණු   87 බළල්ලුණු               ධූර්‍තා, ක්ෂාරං, විඩාලලවණං,                                                  චණ්ඩලවණ යනු බළල්ලුණු මුහුදුලුණු             සාමද්‍රක, සාගරකලවණෝදධිසංභව,                                                             අක්ෂික මුහුදුලුණු රෝමලුණු           රෝමක,කෘතක,රෞමක, රෞම,                                                                   ක්ෂාරකෘතක, යනු රෝමලුණු උද්භිදලුණු                    කාලලවණ, කෘෂ්ණමේචක, කළුලුණු,                                                                           පාර්ඵිව යනු උද්භිදයලුණු   88 කාන්දම්    කාන්ත,කෘෂ්ණාමය, කාලෝපල,                                                        කාන්ත,මහාබල යනු කාන්දන් මිහිරන්      ශිව, බහුපුට, අභ්‍රක,ගිරිජාමල,                                                            ස්වච්ඡ, ශිවා, මහිරන මිණිරන් රත්රන්     ස්වර්‍ණ, කනක,තපනීය, හේම,                                                          භාටක,හිරණ්‍ය,කාංචන රත්රන් කළුඊයම්   මෘදුලෝහ, සීසක, භුජංග,සීසපත්‍ර,                                                                           නාග යනු කළුඊයන්   89 හිඟුල්   හංසපාද,  හිංගුල,  රසනාසක,                                                 රෝමහර්‍ෂ, ශුකතුණ්ඩ   හිඟුල් හිරියල්         නටභූෂණ,හරිතාල, පාණ්ඩර,                                                    පීතක, පිංජර යනු හිරියල් රත්හිරියල් මනෝශීල,කරවීර,ශිලා,                                                  නෛපාලික,කුණ්ටී රත්හිරියල් ගිතෙල්  ඝෘත, මාජ්‍ය,හවි, සර්පි,රශාණා,                                                        ස්නේහ කිවොත් දන්නේය ගිතෙල්   90 නියඳ                       දූරමුලා, විෂවිනාශනී, පාතාලමූලිකා                                                                       යනු නියඳා ඔලිඳ                      කාකනන්‍දිකා ,කාකාදනී,ගුංජා,                                                                 චූඩාමණි යනු ඔලිඳා ගෙරෝචන            රෝචන ,ගෝභව, ස්නිග්ධ,ගව්‍ය,                                                                ගොරෝචන නම් දනු නොරඳා මැසිදෑ                    තාප්‍ය, තාපජ, මධුමාක්ෂික,                                                               මධුධාතු, සමුද්භව යනු මැසිඳා     91 නිකුළු  ත්‍රිකටු , ත්‍ර්‍යුෂ්ණ ,ව්‍යෝෂ, කටුත්‍රය                                          යන බස් පැවසූවොත් තිකළු හුණුමකුළු     තෘණකේතකී, වංශී, වංශො , වංශිඛ්‍යා,                                                                       වංශකි හුනමකුළු ගල්මද               ශිලාජ ගල්මද කවඩි                             පර්‍පටි කවඩිය, පබළුමී                               ලතාමනිර්, විද්‍රැම පබළු  ඉටි                           මදනක, ශික්ථක,මධුෂිත මීඉටි   ලාකඩ                                                          ලාක්ෂ ලාකඩ බව කිවළු   92 බුලත්     තාබුලවල්ලි , එණිවල්ලී, නාගල්ලී,                                                          ශ්‍රීකරි බුලත් තිප්පිලි    පිප්පිලි, මාගධි, කෘෂ්ණ, වෛද්හී,                                                 විශ්වං,චපලා තිත්පිලි වෙත් රසදිය             පාරද, සූතක, වේධක, චපලා                                                         රශශ් මෙනම් රසදියට කියත් තිරිඟු                 සුමන, ගෝධූමය අමු                                       කෝරදූෂ අමු කොල්ලු                                         කුලත්ථ, කොල්ලුය බත්                                                             අන්නා බත්   93 කොතඹුරු    කොත්තමල්ලියට, කුස්තුම්බුරු,                                                   ධාන්‍යාක, ධනී යන නම් වන්නේ මිරිස්      මරිච, රෝචනී, තීක්ෂ්න, ලේඛණ,                                                        වල්ලිජ, කටු මිරිසට වන්නේ අතිවියන්   විෂරූපා , විෂගන්ධිනන්, වශ්වා, කීවොත්                                                                         අතිවිඩයන් ගන්නේ සීරැස්ස   වජ්‍රවල්ලි, වල්ලික,චතුඅශ්‍රා,                                                                    ගෘෂ්ටී, සීරැස්සට දන්නේ      94 තුම්තම්                කිටපං, කර්‍පර, තුත්තම් උක්පැනි                    ඉක්ෂුසාර, එනි උක් පැනි මී පැණි                           මක්ෂිකාල, මධු, සරඝ, මකරන්දං යනු මී පැණි යවකරලුණු                         යවක්ෂාර යවකරලුණු සීනි                                        ශිත්කා, ශර්‍කරා සීනි ඉඳුනිල       ඉන්ද්‍රනීල, නීලරත්න,ඉන්ද්‍රෝපල ඉඳුනිල්මිණි   95 බක්මී      කදම්පල යනු බක්මීපල නමි කරඹ                          කරමර්‍දක යනු කරඹ පලයි සියඹලා  තින්ත්‍රිඩි, යනු සිනිඹල ගෙඩිවෙයි ගොරක                           මධුරාම්ල යනු ගොරක පලයි කාමරංග    ආම්ලපල   නම් කාමරංග නමි නෙල්ලි                             ආමලකී යනු නෙල්ලි පලයි කෙසෙල්                                   අංශුමත්ඵල කෙසෙල්පලට නමි        ඉඳි                                                         කුර්‍ජුර ඉඳිඵලවලට නමයි     96 මොර   ගපල යනු මොරගෙඩියට නම්වෙයි බුළු          කර්‍ෂපලැයි යනු බුළුගෙඩියයි  මාදම්     මහඵල යනු මාදම්ගෙඩි නම් වේ කොස් කණ්ඨකිඵල යනු කොස් ගෙඩියයි දිඹුල්  ජන්තුපලය යනු දිඹුල් ගෙඩියවේ අහුගෙඩි     කුණ්ඩපල යනු අහුගෙඩියයි පොල්ගෙඩි ජලඵල යනු පොල් ගෙඩියට නම්වේ   97 පුවක්             ගඪපුෂ්පඵල පුවක්ගෙඩි නමි  නාරං           උග්‍රගන්ධඵල නාරං වෙයි දෙහි               අම්ලා, වරඵල යනු දෙසි ගෙඩි වේ ලප්නාරං            සුමනාඵල ලප්නනාරංග යි දෙළුම්              පලපූරක යනු දෙළුම්ඵලය නමි වම්බටු               මහාඵලය වම්ටුපලයයි කුඹුරු ඇට        යක්ෂාක්ෂි   යනු කුඹුරඇටය නමි තිත්තලබු           පිණ්ඩිපලායනු තිතක්තඵලයි   98 වැටකළු  කෝෂාඵල යනු වටකුළුගෙඩිවේ  කැකිරි     ගජදන්තය යනු කැකිරිගෙඩි යි ගොන්කැකිරි  චිත්‍රාඵල යනු මහගොන්කැකිරිය තියඹරා    ත්‍රිපුෂඵල තියඹරාගෙඩිය කරවිල  කාරවල්ලිඵල කරවිල ගෙඩිවේ දිවුල්  කපිත්ථඵල  යනු ගිවුළු ගෙඩියි බෙලි ශ්‍රීඵල, යනු බෙලිගෙඩියට නම්වේ අඹ  පිණ්ඩිපල යනු අඹගෙඩියයි   99 තිරිගු           ගෝධුම, සුමනා ,තිරිගුවලට නමි  අමු               කොරදූෂ, අමු බව දන්නේ තණහාල්   කංගු, තෘණක, නම් තණසාලට නම්, උඳු           රාජමාෂ උඳුබව දන්නේ කොල්ලු  කුලත්ථ, සිම්බීජ,රක්තක, තාම්‍රපර්‍ණ,                                             කොල්ලු යයි පවසන්නේ ලීමෑ      මාෂ. පුරිෂය ලීමෑ බව දනු තල       තිලය, තෙල තල බව දන්නේ   100 හෙළකටරොළු      මේහනාසිනී සුදකටරොළු වෙයි. දියබෙරලිය       මේහවිනාශනි දියබෙරලී පිළිල                 වෘක්ෂභක්ෂා පිළිලට නියමයි කප්පරවල්ලි                වෘද්ධ කීවොත් තප්පරවල්ලී ඊතන                    වල්ලී, දුර්‍වා යනු මල් ඊතණ  රත්ගැටනිටුල්    පාලිත යනු රත්ගැටනිටුලී මහවැටකොළු හස්තිපර්ණිකා යනු මහවැටකුළු  හිඟුරුපියලී                                      හිමජා යනු හිඟුරුපියලී   විවිධාර්‍ථ නාම 101 කුලී            කිවොත්, කොබොලීල, නෙලඹුදැලි,                                                            කටුවැල්බටු හෝ තිත්පිලිමුල් කුරවක          කීවොත් වෙල්හැල් රතුගිරිතිල්ල සැබෝ හෝ කිරිඳිවැල් කුරවක            කීවොත් වෙල්හැල් රතුගිරිතිල්ල සැබෝ හෝ කිරිඳිවැල් රක්තපුෂ්ප       යනු එරබදු කනේරු දෙළුම් කෑල පැපිළිය හො ඉඹුල් මඞ්ගල්‍යා          යනු බුලත් වදකසා ගෝරෝචන හෝ සුවඳ අගිල්   102 ශ්‍යාමා කීවොත් ,රසකිද ,කස්තුරි,                                    ත්‍රස්තවාලු හෝ වැල්පෙනෙලා ශෝණ කියන නම සින්දූරම් , රත්නෙටුල්,                                            වරා උක් හෝ තොටිලා මෝච    මුරුංගා,කොස්, පොල් ,තල්, සහ                                 කෙසෙල් සියල්ලටම වෙ එකහෙළා මයුර  කිවොත් ,පල්මානික්කම් හෝ                                    මොනරකුඩිම්බිය වෙයි නුමුලා   103 කේසර  නාමල්රේණු, පෙරුම්කායම්,                                                  ද්‍රෙඹ යන සියල්ලටම සමා පිංග  කිවොත් හුනකපුරු, දූදු. ඉරිවේරිය හෝ                                                                  මුද්දිරපලමා වන්‍ය කිවොත් රත්මහනෙල් , සරල,                                                     කලාඳුරු හො වල්කිඩාරමා පස්පැණි යනු මී, බමර, කනෙයියා,                                                 දඬුවැල්, උක් යන මේ පසමා   104 මේෂලෝම රන්වන් කීකිරිදිය මේෂවල්ලි යනු මැඩහඟුමා භූධාත්‍රි යනු පිටවක්කා වේ ඊටම වෙති දුටුසතුටු නමා අරුතැති මේ වනනවාසනිඝණ්ඩුව වෙදුන්ට නිසි මිණිමෙවුල තමා සීප්ප්කුලමේ දීපංකර යත් කෙළේ මෙ පොත සත වෙතේ පෙමා