චිත්‍රා/9 වෙනි දර්ශනය

From Wikisource
Jump to navigation Jump to search
චිත්‍රා
9 වෙනි දර්ශනය

9 වෙනි දර්ශනය[edit]

[ චිත්රා සහ අර්ජුණා ]


චිත්රා:- [ වෙස් වලාගෙන ] ස්වාමිනි, කෝප්පයේ තිබුණ ඔක්කොම අවසාන කඳුලටම බීලා ඉවරද? ඉතික් ඇත්තටම මේකද අවසානය? ඔක්කොම ඉවර වුනාම තව මොකක් හරි ඉතුරු වෙවි. ඔබගේ පාමුල මා අන්තිමට පුදන්නේ ඒක තමයි. මා ප්රෙ මයේ දෙවියනි. අසමාන ලක්ෂණ දිව්යයමය මල් ඔබ පුදන පිණිස මා ගෙනාවා. පූජාව අවසාන නම් මල් පරවිලා නම් ඒවා විසි කරන්න මට ඉඩ දෙන්න. (වෙන් අහක් කොට පි‍රිමි වෙසින්) දැන් බලන්න ඔබ ඇස් දෙකින් බලන්න ඔබට වඳින්නේ කවුද කියා-


50


පිදූ මල් වගේ මා ලස්සන නෑ. මගේ අඩු ලුහුඬුකම් බොහොම ඇති - මා ජිවිතය නැමැති මාර්ගකයෙහි ඇවිදිනා මගියෙක්. මගේ ඇඳුම් දැන් කිලුටුයිත කකුල් කටුවලින් තුවාල වේලා - මා මල් වාගේ ලස්සන වෙන්නේ ‍ කො‍ෙහාම ද? මා ඔබ වෙත ආඩම්බරයෙන් ගෙනෙන තෑග්ග නම් ස්ත්රි යකුගේ සිතක් පමණයි. එහි දුක, සැප, ලැජ්ජාව, භය, බලාපො‍රොත්තුව, එක් තැන් වෙලා තියෙනවා. ප්රෙරමය ඉපිලි, දඟලනවා මේය සම්පූර්ණ් නැති වුනත් එහි උසස් කමත්. ගරුත්වයත් තිබෙනවා - ‍ඔය මල් පූජාව හමාර නම් ගන්න මේක ඔබේ අනාගත මෙහෙකාරකමට.

මා චිත්රා, රජ්ජුවන්ගෙ දුව, සමහරවිට ඔබට මතක ඇති අර ශිව දේවාල‍යට වස්ත්රාභරණ පුරවා ගෙන ගෑනියකු ආ බව - ඒ ලජ්ජා නැති ගෑනි මිනිස් වෙසින් ඔබ සිත දිනාගන්න ආවා - ඔබ ඈ පිළිගත්තේ නෑ. එහෙම තමයි ‍ෙහාඳ, මගේ ස්වාමිනි, මා තමයි ඒ ගැහැණිය. මා වෙස්වලා ගෙන ආ හැටී තමයි ඒ. ඊට පසු මා දෙවියන්ගේ වරමකින් මෙතෙක් කිසිම මනුෂ්ය,යෙක් නොලැබු කාන්ති විහිදෙන රූපයක් අවුරුද්දකට ලබා ගෙන ඒ ‍හොර මායාවේ බලෙන් මගේ විරයාණන්ගේ සිත වෙහෙසට පත් කළා. ඇත්තටම මා ඒ ගෑණි නොවෙයි.

මා චිත්රාය, මා පිදිය යුතු දෙවතාවියක් නොවෙයි. නොසැලකිල්ලෙන් අතු ගා අහකට දමන පණුවකු මෙන් අනුමක්මපාවට භාජනය විය යුත්තියක් නොවෙයි. මට ඔබගේ සහකාරිය වශයෙන් භයානක මෙන්ම නිර්භිත ගමන් ඔබ සමඟ යෙදෙන්නට තෝරා ගනු ලැබුවෙත්, ඔබගේ ජිවිත‍යේ මහාසාක්ය යුතුකම් ඉටු


51


කිරි‍මේ සහකාරිය වන්නට ඉඩ දුන්නොත් මගේ නියම ස්වරූපය ඔබට පෙනේවි. මේ ම‍ා කුසයේ දරාගෙන සිටින ඔබේ දරුවා පුතෙකු වුවහොත් ඔහුට දෙවෙනි අර්ජුණ කෙනෙකු විමට මම් උගන්වා සුදුසුන කාලයට ඔබ වෙත එවන්නම්. එවිට මා කවුද කියා සත්ය වශයෙන්ම දැනගන්නට ලැබෙවි. අද ඔබට පුදන්නට ඇත්තේ මේ චිත්රාද පමණයි. - රජ්ජුරුවන්ගේ දූ වන චිත්රාම පමණයි.


අර්ජුණ:- ප්රෙමිය මගේ ජිවිතය සම්පූර්ණයි.


- නිමි -