Template:සතියේ වදන්/උපදෙස්

From Wikisource
Jump to navigation Jump to search

ඔබට අලුත් වැකියක් එකතු කිරීමට හෝ වෙනස් කිරීමට කළ යුත්තේ සැකිල්ලේ අදාළ සතිය කෙලින් ඇති වැකිය වෙනස් කිරීම පමණකි. එවිට එය මුල් පිටුවේ දිස් වේ.
දැනට එක් එක් සතියට අදාළ වන පරිදි ලියූ වැකි පහතින් දැක්වේ.

1=වඳුරට දැළි පිහිය දුන්නා වගේ
2=රැවුලත් ඕනෑ කැඳත් ඕනෑ
3=කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ
4=මඩේ සිටවූ ඉන්න වගේ
5=දුවන්නන් වාල් දිවුවා වාගේ
6=වක්කඩේ හකුරු සැඟෙව්වා වාගේ
7=කැලේට හඳ පෑව්වා වගේ
8=ඉඟුරු දී මිරිස් ගත්තා වගේ
9=හේන මුවන් කෑවාට මුවහමට තැළුවා වගේ
10=ඉදිකට්ටයි නූලයි වගේ
11=පුහුල් හොරා කරෙන් දැනේ
12=දී කිරට බළලුත් සාක්කිලු
13=ආරේ ගුණ නෑරේ
14=බුරන බල්ලෝ හපා නොකති
15=හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා වගේ
16=ගසේ ගෙඩි ගසට බර නැත
17=ගිරේට අහුවුනු පුවක් ගෙඩිය වගේ
18=ගලේ පහරපු බළලා වගේ
19=පිණිබාලත් වැව පිරියේද
20=වැදි බණ වගේ
21=පිරුණු කලේ දිය නොසැලේ.
22=වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා වගෙයි.
23=යුද්දෙට නැති කඩුව කොස් කොටන්ටද?
24=ඉහේ මලක් පිපුනා වගෙයි.
25=මිටින් ඇරිය කුරුල්ලා වගේ
26=කොකාගේ සුද පේන්නේ ඉගිල්ලෙන කොටයි.
27=තෙමිච්ච කුකුළා වගේ
28=කිරි කළේට ගොම බින්දක් දැම්මා වගේ.
29=දුවන මුවන් දැක නොදමන් නෙළූ පලා
30=ගින්නට පිදුරු දැම්මා වගේ
31=දෙබරෙට ගල් ගැහුවා වගේ
32=පනින්ට පෙර සිතා බලනු
33=දිලිසෙන සියල්ල රත්රන් නොවේ.
34=හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ.
35=ගුරුන්ටත් අකුරු වරදී.
36=පණ්ඩිතයාට ඒදණ්ඩේ යන්න බෑලූ.
37=උත්සාහවන්තයා සියල්ල ජය ගනී.
38=ගින්නක් නැතුව දුමක් නොනගී.
39=ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගෙයි.
40=ගිය හකුරට නාඩන්නේ, තියෙන හකුර රැක ගන්නේ
41=ගිලීමලෙත් ඇත දත සුද්දෝ.
42=ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්නට බැරිය.
43=ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිලු.
44=නයාට අඳු කොළ වගේ.
45=පරංගියා කෝට්ටේ ගියා වගෙයි.
46=බල්ල පිදුරු කන්නේත් නෑ. කන ගොනාට දෙන්නේත් නෑ.
47=විදින ගුල්ලා රන් බඳුනත් විදී.
48=යකාට බය නම් සොහොනේ ගෙවල් හදයිද?
49=ලූලා නැතිවලට කණයා පණ්ඩියතාලූ.
50=විද්දේ හාවට, වැදුනේ පඳුරට.
51=තමන් හිසට තම අතමය සෙවනැල්ල.
52=ගිනි පෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එළියටත් බයයිලූ.