අමාවතුර/පළමුවන පරිච්ඡෙද‍ය

From Wikisource
(Redirected from අමාවතුර-i)
Jump to navigation Jump to search
අමාවතුර
පළමුවන පරිච්ඡෙද‍ය

අමාවතුර

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුඬ්ස්ස.


1 පරිච්ඡෙද‍ය

දුර්දාන්ත දමනය[edit]

“ඉතිපි සො භගවා අරහජ සම්මාසම්බුධො විජ්ඡාචරණ සම්පන්නො සුගතො ලොකවිදු අනුත්තරො පුරිසදම්ම සාරථී සත්ථා් දෙව මනුස්ස‍ානං බුධො භගවා” යනු විස්තර කරත්, බුදුගුණ අනන්ත වන බැවින් නවගුණ හැම කියත් නොපිළිවනින් එහි “ පුරිසදම්මසාරථි’ යන පදය ගෙණැ. අප බුදුන් පැරුම් පුරා බුදු වැ දෙව්රම්වෙහෙර පිළිගෙණැ එහි වෙසෙසින්, තුන්ලොවහි සැරිසරූ1 විෂමපුරෂයන් දමා අමාමහ නිවන් පැමිණවූ සේ නොවියත්2 හුදිජනන් සඳහා සිය බසින් මා විසින් සැබෙවින් දක්වනු3 ලැබේ.

අප බුදුහු4 අතීතයෙහි සාරාසඬ්ඛ්යි කප්සුවහස් මතුයෙහි සුමෙධ නම් මහ තවුසෙක් වැ දිවකුරු බුදන් හමු වැ අතට පත් නිවන් පියා මහ කුළුණින් ගොරඬිරම් සසරා වැද පැරුම් පුරා පඤ්චායුධ5 ජාතක, පුතනුජාතකාදියැ බිහිසුණූ දරුණූ වන7 රක්සන් ධම්දෙස්නෙන් දමා පන්සිලැ පිහිටවමින්; දෙවධම්ම් ජාතක, තයොධම්මජාතකාදියැ දියරක්සන් දමා සුගිමොක්මඟට පමුණුවමින්; මහාසුතසොමජාතක, ජ‍යද්දිජාතකාදියැ මිනීමස් කන නරයකුන් දමා රජයෙහි පැවිජියෙහි 8 පිහිටවමින්; බ සුවණ්ණමිගජාතක, මහාමොරජාතකාදියැ තමන් බැදූ වැද්දන් දමා ලොවී ලොවුතුරාසැපත් වළඳවමින්; ඉල්ලීසජාතක, සුධාභොජන ජාතකාදියැ පාණාතිපාතයෙහි දොස් දක්වමින්: තුන්වන සීලවිමංසජාතක. පස්වන සීලවිමංස ජාතකදියැ අදත්තාදානයෙහි දොස් දක්වමින්; ලොභකුම්භි ජාතක, මහානාරදකස්ස්පජාතකාදියැ පරදාර - සමාගමයෙහි දොස් දක්වමින්; චෙතියජාතක; කක්කාරු10 ජාතකාදියැ. මෘෂවාදයෙහි දොස් දක්වමින්; කුම්භජාතක; භද්රාඝටිකජාතකාදියැ සුරාපානයෙහි දොස් දක්වමින් චණ්ණ11 රොභජාතක; සන්ධි භෙදජාතකාදියැ පිශුනවචනයෙහි දොස් දක්වමින්;

1 සැරිසර    2 නො වීත්.  3.  මු. දකවන   4 බුදුන්   5 සසරව  6 මු.පඤ්චායුධ    7 මෙ වන 8. පැවිජු. පැවිජුයෙහි. 9. වොනසාඛ ‘වෙනසාඛ’ -  හලාක්ෂෙරජාතකාත්වින කථා. 10 මු. තක්කාර. 11 වපණ්ණ


2 අමාවතුර

නන්දිවිසාලජාතක, සුජාතජාතකාදියැ පරුෂවචන යෙහි දොස් දක්වමින්; තිත්තිරජජාතක; අකාලරාචාරාජතකාදියැ සම්ප්රදලාපයෙහි1 දොස් දක්වමින්; දුරාජානජාතක, ඉන්ද්රිබය ජාතකාදියැ සතුන් සතන්හි දිලිහී2 ගිය රාගිනි නිවමින්; එකබණ්ණජාතක. තිලමුට්ඨි ජාතකාදියැ නෝගිනි නිවමින්: මාතඩ්ගජාතක, මහාබොධිජාතකදියැ මිසදිට්ග බිඳැ සතුන් සමදිට්හ‍ෙයහි පිහිටවමින්; සෙත කෙතුජාතක; උද්දාල ජාතකයැ කොහොන්පිළිවෙත්හි දොස් දක්වමින්; පාරාපතජාතක, රුචිරජාතකාදියැ යාච්ඤා‍යෙහි දොස් දක්වමින්; ගිජ්ඣජාතක, චතුද්වාරකජාතකදි‍යැ දුවචස්හි දොස් දක්වමින්; සාලිත්තජාතක, කොකාලිතජාතකාදියැ අතිමුඛරතායෙහි දොස් දක්වමින්: මහිලාමුඛජාතක, මනොජජාතකාදියැ විපක්ෂදසෙවාසයෙහිදොස් දක්වමින්: හිමසෙන ජාතක, කටාහජාතකාදියැ විකන්ථදනයෙහි4 දොස් දක්වමින්; සුවණ්ණහංසජාතක, මහාණිජජාතකාදියැ අති‍ලොභයෙහි දොස් දක්වමින්; කූට වාණිජාතක, මච්ඡුද්දාන5 ජාතකාදිය කූටව්යිවහාරයෙහි දොස් දක්වමින්; ලාභන්තරායකරණයෙහි දොස් දක්වමින්; ලාභොත්පාදනයෙහි හා ලාභාන්තරායකරණයෙහි දොස් දක්වමින්; මකසජාතක, රොහිණීජාතකාදියැ බාලගායෙහි දොස් දක්වමින්; සඤ්ජීවක6 ජාතක, ගොඩ්ජාතකාදියැ අශිෂ්ටසෙවායෙහි7 දොස් දක්වමින්: වරණජාතක, ගජකුම්භජාතකාදියැ අල්සතායෙහි දොස දක්වමින්; දඩිවාහන ජාතක, සීලානිසංසජාතකාදියැ අසත්සමාගමයෙහි දොස් දක්වමින් සත්සමාගමයෙහි අනුසස් දක්වමින්; අලීනචිත්ත ජාතක, පදමාණවජාතකාදියැ ඩැමිව වැ8 රජ කෙරෙමින් උරඟජාතක, පදමාණවජාතකාදියැ නාගුරුළුමුළු රක්මින්; බරපත්තජාතක; ද්දදභජාතකාදියැ ගිනිවැදැ මියන රජු නුදු, මුහුදු වැදමියන සිවුපාවනුදු වළක්වමින්; ඵුසජාතක, මූසික ජාතකාදියැ රජනට වන අනාගත භය වළක්වමින්: රාජොවාදජාතක; අනෙක් රාජොවාද ජාතක‍ාදියැ රාජ්යාදනුශාසනායෙන් සත්නට සෙත් කෙරෙමින්; සමාසාරජාතක, බන්ධෙනමොක්ඛ ජාතක‍ාදියැ බන්ධානගතසත්වයන් බන්ධෙනයෙන් මුදමින්; කච්ඡප ජාතක, ජවනසකුණජාතකදියැ දුඃඛීතසත්ව්යන් සුඛිතකෙරෙමින්; මහාසුපිනජාතක,අට්ඨස්ද්ද ජාතකදියැ සශොකසත්වියන් නිශ්ශොක කෙරෙමින්; දසණ්ණකජාතක, කාමජාතකාදියැ සරොගසත්වියන් නීරොග කෙ‍ෙරමින්; කුසජාතක, භොජාජානීය

         1. විප්ර‍ල‍ාපයෙහි.         2. මු. දිලිනැඟි.        3.  නංපිකඨ.    4. විකනීනයෙහි.   5. මච්ඡදාන.        6.සවච්ච.  7.අනිෂ්ටවාස(න‍ා)යෙහි.     8. ධමිටු වැ.
  
                                   

දුර්දාන්ත දමනය 8

ජාතකාදියැ තමන් ගෙණැ දුන් රුපුරජුනට අභය දෙවමින්: ගුණජාතක, කුරුඬ්මිග ජාතකා දීයැ උප කාරයනට ප්රජත්යු පකාර කෙරෙමින්; මහා අස්සරොභ ජාතක, පලාස ජාතකාදියැ මඳ උපකාරයෙක්හි පැහැද සත්නට අධිරාජ්ය දෙමින්; මහානිධාන පාමින්; වට්ටකජාතක, මච්ඡජාතකාදියැ ගින්නෙන් නස්නා සත්නට ලැව්ගිනි නිවමින්, මහවැසි වස්වමින්; අසදිසජාතක, මහාඋම්මග්ග ජාතකාදියැ යමෙක්හු වෙරින් ලේ නො සොල්වා කැටක් ගෙණැ ලුහුබඳනා කපුටුසෙනඟක් සෙයින් හියක් ගෙණැ ලුහුබඳනා වඳුරුසෙනඟක් සෙයින් රුපුර‍ජසෙනඟ, බදු වූ දවස් බුන් මර සෙනඟ සෙඬන්, බිඳැ ලුහුබැඳ පියා සත්නට සෙත් කෙරෙමින්; මාතුපොසකජාතක, සාලිකෙදාරජාතක, සොණනන්දාජාතකාදියැ සතුන් මවුවටන් පියවටන්ධැමිහි පිහිටවමින්; සොමදත්ත ජාතක, මට්ටකුණ්ඩලීජාතකාදියැ දිලී නැගි පුත්ර්ශොක නිවමින්; සුජාත ජාතක, තක්කළජාතකාදියැ පිතෘශොක සන්සිඳුවමින්; මතරොදන ජාතක, උරගජාතකදීයැ සැනගැති 1 මල්බෑයනුදු උරෙහිදා දරුවනුදු මළ කලැ දොම්නස් නො කෙරෙමින්; අනනුසොචි‍යජාතක, දසරථ ජාතකාදියැ මළානට වලප්නා සතුන් සධම්දෙස්නෙන් අසවසමින්; තින්දළකජාතක, ගාමණීචණ්ජාතකාදියැ පැන විසජමින්; සුසීමජාතක, ද්දදර ජාතකදි යැ ලදරුවක් වැ එක රැයෙකින් ත්රිගවෙද නිමවා ගෙණැ “‍තොප අතසවැසනට මෙසේ කීය” යි ආචාය්ය්ෙර්හිට වෙද සෝඩා1 දෙවමින්, වටුවක් වැ ගල්මුදුනෙන් බස්නා හොයක් සේ පන්සියයක් දෙනාහට ත්රි වෙදප්ර තිපාදනා කෙරමින්; සම්භව ජාතක, සත්තුහස්ත්රා‍2 ජාතකාදියැ පැන විසජනෙන් සතුන් සොම්නස් මහවිල්හි ගලා සනහමින්; පරොසහස්සජාතක, සිරිකාළකණ්ණිජාතකාදියැ නුනණැතියටද් ලෝවැඩ පසස්නානටද් සංග්රතහ කෙරෙමින්; සාධීනජාතක, නිමිජාතකදියැ විජයත් රථ අරා දෙව්ලෝ ගොස් දෙවියන් තුස්වමීන්; සිගාල ජාතක, චුල්ලපපලොභනජාතකාදියැ ඡන්දතරාගයෙහි දොස් දක්වමින් තත්කජාතක, නිළීනජාතකාදියැ ස්ත්රීගලීලාවලොකනයෙහි දොස් දක්වමින්; මුදුලක්ඛණජාතක, සඬ්කප්පජාතකා දියැ ශුභවශයෙන් බැලීමෙන් දොස් දක්වමින්; ආසඬ්කජාතක, උම්මදන්තිජාතකාදියැ ස්ත්රිසරූපදර්ශිනයෙහි දොස් දක්වමින්: මොරජාතක, කක්කට4 ජාතකාදි‍යැස්ත්රිආශබ්දයෙහිදොස් දක්වමින් පුප්ඵරත්තජාතකා අලම්බුසාජාතකාදියැ ස්ත්රීය ශරීරස්පර්ශායෙහි දෙ‍ාස් දක්වමින; කණවෙරජාතක, අට්ඨානජාතකාදියැ ස්ත්රී‍ සංසර්ග්යෙහි දොස් දක්වමින්; කුමමාසපිණ්ඩජාතක, ගංගාමාලජාතකදීයැ තමන් දොස් දක්වමින්; තමන් අනන්නතරජන්මයෙහි එක්දවසක් දුන් දනින් හා එක්රැයක්

 1. මු. සිනෙහැකි.    2. මු. යොදා‍    3. සත්තුහත්ත. 4. කටක 
     

4 අමාවතුර

රැකි සිලින්රජසපු ලද 1 පරිදි කියා සතුන් දන්සිල්හි2 පිහිටවමින් ආදිත්තජාතක, දසබ්‍රාහ්මණජාතකාදියැ විශෙෂදානදෙවමින්; කුම්භකාරජාතක, භික්ඛාපරම්පරජාතකාදැයැ පසේ බුදුන් පුදමින්; සංඛජාතක, මහාජනජාතකාදියැ සත්දවසක් නිරාහාර වැ මහමුහුදු පිහිනන කලුදු දිවබොජුන් පිළිඛෙව් කොට පෙහෙවස් මැ රකිමින්; ගතෙලපත්තජාතක, සම්ඬි ජාතකාදියැ දිව්යාරූප ඉන්ද්රිකයැ තවුස් පැවිදිවැ පන්සිල්මාත්රසයක්3 රක්නා කලැ පවා බලවත් අපිස්සෙතොස්බවට පැමිණෙමින්; කාකජාතක, භද්‍රසාලජාතකාදියැ ලෝවැඩ කෙ‍රෙමින්; දුමේමඩජාතක, අයකූටජාතකාදියැ ලෝවැඩ කෙරෙමින්; ධජවිභෙඨනජාතක, මහාකණ්ජාතකාදියැ සසුන්වැඩ කෙරෙමින්; නිග්රොාධමිගජාතක, නන්දිමිග ජාතකාදියැ සඩම් දෙස්නෙන් දරුණු රජුන් දමා හැම සත්නට අභයදාන දෙමින්; ඝරහඬ්ගජාතක, සංකිච්චජාතකාදියැ තමන් පොළොව පළා පෑඩ නරක දැකැ වෙවුලන සතුන් තදන්න්ඨානයෙන් අස්වසමින්; ජවන හංසජාතක, ‘ වලාහකඅස්සජාතකදීයැ මරණමුවපත් හසන් යක් 4 මුවපත් මිනිසුන් පියා‍යෙන් පිටින් තරවමින්; සච්චංකිජාතක, චුල්ලපදුමංජාතකදියැ දියෙන් යනුවෙන් ජලදුගීයෙන් නඟමින්; සරඬ්මිගජාතක,මහාකපිජාතකාදියැ නරාවළ හුනුවන් නරකප්ර;පාතයෙන් උඩරමින්5සරගමිගජාතක, මහාකපි ජාතක සුප්පාරජාතකාදායැ මරණමුව පත් වඳුරන් වළබමුව පත් වෙණෙදන් ගඟැ6 මුහුදැ පරතෙරට පමුණු වමින්; අබ්ගන්න්රජාතක, ලොමසස්සපජාතකාදියැ උග්රවතපසින් ශක්රනභවන කම්පිත කෙරෙමින්; අකීත්තිජාතක, හිසජාතකාදියැ ගිහිසපුව උරසක්මල් සේ දැක තපොවන එළෙබෙමින්; මඛාදෙව ජාතක,සය්ග7 ජාතකාදියැ පඤ්චකාමගුණ විෂමිශ්රි අමෙධ්ය, සේ ගරහමින්; සොමනස්සජාතක, සුසීමජාතකාදියැ වලප්නා නෑයන් යමපලුන්සේ පියා‍ තව8 වල් නික්මෙමින්; සොණජාතක, දරිමුඛජාතකාදියැ ගැව්ගිනිගත් වනගහනයෙකින් නික්මෙන ඇතක්හු සෙයින් රජසපුව පියා නික්මෙමින්; උදඤ්චනීජාතක, වීත්තසමභූත ජාතකාදියැ කාමපඬ්කයෙහි ගැලී ගිය සතුන් නඟා පැවිජිතලයෙහි විහිටවමිවන්; චන්ද කින්නරජාතක, සාමජාතක‍ාදියැ තමන් මියන සේ විඳි රදුන් කෙරෙහි දොම්නස් නො කෙරෙමින්; ඛන්ති9 වාදජාතක, චුලධම්මපාලජාතකාදියැ තුමන් කටුමතිගායෙන් සප්පා10 අත්පාද් කන්නාසාද් කප්පා පාවිළුඹින්11 කඩුසිළින් ඇන මරණ රජුන් කල්යහළුවන් සේ දක්වමින්; මහාසීලව ජාතක, එකරාජ

1. සපුව      2.දන්සිල්    3.මාත්රාිවක්      4. මු. බිහිසුණුයක්           5. මු. උඩරවමින්.    6. මු. ගෙන    7. හංස, විසය්හ-ඇතැම්     8. තමා        9.මු. මහාඛන්ති   10. මු. සප්වා සපා- ඇතැම්. 11. විළුඹින්.


ස්වසසන්තාන දමනය 5

ජාතකතාදියැ ඇමතිමඬුලු ඇතොවුරු කොටාර දහස් පැහැර ගෙණැ තමන් සොහොන්වළැ සිගල්බත් කොට ගැලු , දොරතුරෙහි එල්වූ රදුන් ප්රි යපුතුන් සේ දක්වමින්; ඛදිරඬ්ගාරජාතක, සසජාතකාදියැ දන් දෙනු සඳහා දිලියෙන ගිනිමැදට පුල්පියුම්විලට සේ වදිමින්; සීලවජාතක, ඡද්දන්තරජාතක‍ාදියැ තමන්ට වඩ කළ වැද්දන්ට සිය අතින් සරස් විහිදිනා දළ කඩා දෙමින්; භුරිදන්තජාතක, සඬ්ඛපාල ජාතක චම්පෙය්යදජාතකදියැ තණපතක් සේ දිවි පියා පොළොව පෙරළෙන්නාක් සෙයින් සිල් පොපියවමින්; වෙලාමජාතක, මන්ධානතු ජාතකදියැ සත්නට රුවන්වහරේ වස්වමින්; කුරුධම්මජාතක, සිවිජාතක, විසස්හ ජාතක, වෙස්සන්තරජාතකදියැ දන්වහරේ වස්වමින්; මහෞෂධපණ්ඩිත කල්හි විධුරපණ්ඩිත කල්හි, සෙනකපණ්ඩිත කල්හි, කෙවිලිරජ කල්හි , හස්රජ කල්හි, ගිරාසෙනවි කල්හි, සුවන්මොනර කල්හි, රුරුමුව කල්හි, කුකුරු කල්හි, සුපත් කපුටු කල්හි, තණ්ඩිලහුරු කල්හි, සත්ත්ට දහම්වහරේ වස්වමින්; කුද්දාල සමාගමයෙහි, හත්ථිලපාල සමාලගමයෙහි, ජොතිපාල සමාගමයෙහි, අයොඝර සමාගමයෙහි, චූලසුතසොම සමාගමයෙහි, මුගපක්ඛ සමාගමයෙහි සතුන් ශීලාදීගුණයෙහි පිහිටවමින්; මෙසේ තමන් බෝසත්කල්හි මැ පුරිසධම්මසාරථී වන බැවින් නොඑක් දැකෙළසුවහස්හි දුර්දාන්ත සත්වමයන් දමා ශීලසමාධිප්රහඥා ල්ෂ්හස්ණ ගුණධර්මගයන් පිරිපසමින්1 සත්කෘත්‍ා්රභ්යාලස2 නෛරන්තරා3 දීර්ඝකාලාභ්යා ස විසින් බොහිසම්භාර ධර්ම‍යන් මුහුකුරැවමින්, දැමි දමනු සඳහා සවන්ඤණ ගඬ් ගන්වාගෙණැ විසතුරු අත් බැවින් සැවැ තුසීතපුරයෙහි උපන්හු.


දුර්දාන්තදමන නම් පළමුවන පරිච්ඡෙද‍ය නිමි.